Nopathu Awasanaye - Udesh Manoj

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle


    https://www.facebook.com/udeshmanoj.kumara

    https://www.facebook.com/haraspara/videos/1680657342246846/

    " බොරුවට රගන නලාකාරයො අතරෙ, දුප්පත්කම ආභරණයක් කරගත් අපේ කාලෙ කලාකරුවෙක් "

    ජීවිතය මේ තරම් සුන්දරනම් ඇයි සමහරු අනේකවිද දුක් විදින්නෙ.ගොඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්.ඒ ප්‍රශ්නෙ ඒ විදියටම තියෙද්දි ඒ දුකට ඒ ප්‍රශ්න වලට ඇත්තටම මුහුණ දුන්නු,තවමත් මුහුණ දෙන අපූරු මනුස්සයෙක් අපිට මුණගැහුන.ඔහු විටෙක යුධ හමුදා නිලධාරියෙක්,විටෙක රටක් තම කටහඩට වශීකල සිහින තරුවක්.අතීතය අමතක කරල වර්තමානයේ හීන ලෝක වල ජීවත්වෙන කලාකාරයො අතරෙ අපි අහපු ප්‍රශ්න වලට නොපැකිලිව කිසිවක් හංගන්නෙ නැතිව උත්තර දුන්නු ඔහු නමින් ඔබ කවුරුත් දන්න " ඩ්‍රීම් ස්ටාර් උදේශ් මනෝජ් "හැබැයි මේ ඔබ මා නොදැන සිටි ඔහුගේ යතාර්ථය.

    "අපේ ගෙදර සමහර වෙලාවට අපිට කන්න බත් තිබුනෙ නෑ.කොස් බතට කොස් ව්‍යාංජනය එක්ක මම කාපු දවස් ඕනතරම්.එහෙමහරි කන්න අපිට ලොකු ගෙවල් තිබුණෙ නෑ.වැහි වතුරෙන් මැටි අනල බිත්ති ගහපු මේ ගේ අපිට රාජමාලිගයක්.මේකට ලයිට් ගත්තෙත් ලගදි.එහා පැත්තෙ ගමේ පංසල.අපි ඉතින් පංසලේ ඇහෙන කවි බණ එහෙම හයියෙන් කියනව.අද ඒ දිහා ආපහු හැරිල බලනකොට හිතට සතුටක් ලොකු දැනෙනව.මොකද අපි මොන තත්වෙ හිටියත් මේ මගෙ ගම,මම ගමේ මිනිහෙක් කියල මට දැනෙන නිසා "
    ඔහු අද යාන්තමට අලුත් ගෙයක් හදාගෙන යනව.හැබැයි අපිට හිතාගන්න බැරි දෙයක් තිබුණ.ඒ උදේශ් තාමත් ඒ මැටි ගහපු පුංචි ගෙදර දිහා බලාගෙන සතුටින් කතාකරන්න තරම්,කොච්චර සුන්දර අතීතයක් මේ පුංචි ගෙපැලත් එක්ක මේ පුංචි පවුලට තියෙන්න ඇද්ද කියල.සිංදුවක් තියෙනව
    " පිදුරු සෙවි කල පැල්පතේ ඇති...සාමෙ නැත මහා මංදිරේ " කියල.
    ඒ සිංදුවෙ කියවෙච්ච දේවල් ඇත්ත කියල උදේශ්ගෙ ජීවිතේ කියවද්දි අපිට දැනුණ.ඔහු එක හුස්මට අතීතය ලගින් පටන් අරන් වර්ථමානය කරා ආපු ගමන් මග කියවනකොට අපි ඔහුට නිදහස දීල කටපියාගෙන හිටියෙ ඒ වචන ඔහු සිංදු කියනව වගේම සුන්දර හින්ද.හැබැයි අද උදේශ්ගෙ ජීවිතේට උදේශ් කවදාවත් නොපැතූ අවසානයක් ලගා වෙලා.
    " මේක මට,මගේ ගෙදර අයට,මගේ ගමේ අයට අර කතරට වැටිච්ච වැහිබිදක් වගේ." නොපැතූ අවසානය " මගේ අලුත්ම ගීතය සහ මගේ පළමු රූප රචනය.මේ හැමදෙයක් එක්කම ආපු ගමනේ මට නොපැතූ අවසානයක් අද හැමපැත්තෙන්ම ලැබිල තියෙනව.ඒ ගැන මට උදව් කරපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතිවන්ත වෙනව.ඒ වගේම මම තාමත් යුධහමුදා
    නිලධාරියෙක්.හමුදාවෙ මගෙ සහෝදරයොත් මට දෙන මේ හයිය හරියට මේ බිත්තියට ඇලිල තියෙන මැටි වගේ.එදා වගේම අදත් හයියයි "

    ඒ උදේශ් මනෝජ්ගෙ හැංගිච්ච කතන්දරේ.හැබැයි උදේශ් කියපු මේ හැමදේම කිව්වෙ අපේ බලකිරීමට.ඒ නිසා මේක බලන කවුරුවත් උදේශ්ට බනින්න එපා.අනුකම්පාවෙන් හිට් වෙන්න හදනව කියල.බනිනවනම් අපිට බනින්න.මොකද උදේශ් වගේ කොල්ලෙක්ට එහෙම අසාධාරණයක් වෙනවට ඇත්ත දන්න අපිට ඉවසන්න බැරිවේවි.අපි මේ දේ කිව්වෙ උදේශ් මනෝජ් කියන අව්‍යාජ,පොලොවෙ පයගහල ඉන්න කලාකරුවට හයියක් වෙන්න මිසක් මේ දේ කියල උදේශ්ව තවත් පහලට දාන්නනම් නෙමේ.අපි හිතනව මේක බලන අපේ සමාජෙ මිනිස්සු ඒ තරම් නපුරු නෑ කියල.උදේශ්ට කතාකරන්න ඕනනම් 0717589589 කතාකරන්න.උදේශ් මනෝජ් ඔබට ජය! ඒ අපි හැමෝගෙම පැතුම.මොකද නලාකාරයො අතර උදේශ් මනෝජ් හිත හොද කලාකරුවෙක් නිසා.
    :yes::yes::yes::yes: