NORTH KOREA මිසයිල_බලය ගැන

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    NORTH KOREA මිසයිල_බලය ගැන

    උතුරු කොරියානු මිසයිල බලය ගැන මේ කරුණු දැන සිටියාද?

    යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දියහැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරෙයි.පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන ඇත.වඩාත් ඉහළ විහිදුම් හැකියාවක් සහිත පද්ධති පිළිබඳ 'ප්යොංයැං' වැඩසටහන මේ වනවිට අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කරන බවත් වාර්තා වේ.බටහිර රටවල් වෙත ළඟා වීමේ හැකියාව සහිත මහද්වීපික විහිදුම් මිසයිල පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බව මෑතක දී උතුරු කොරියාව නිවේදනය කළේය.

    මිසයිලවල විහිදුම් දුර

    *කෙටි දුර විහිදුම්: කිලෝමීටර 1,000 ක් හෝ ඊට අඩු දුරක්

    *මධ්‍යම දුර විහිදුම්: කිලෝමීටර 1,000 - 3,000 අතර දුරක්

    *අන්තර් දුර විහිදුම්: කිලෝමීටර 3,000 - 5,500 අතර දුරක්

    *අන්තර් මහද්වීපික විහිදුම්: කිලෝමීටර 5,500 වැඩි දුරක්

    _93678766_gettyimages-143161802-1.jpg

    අන්තර් දුර විහිදුම් හැකියාවක් සතු Taepodong මිසයිලයක්

    උතුරු කොරියාව සිය මිසයිල වැඩසටහන ආරම්භ කළේ 1976 වසරේ ඊජිප්තුවෙන් ලබාගත් බව පැවසෙන 'Scuds' ලෙස හඳුන්වන මිසයිල යොදා ගනිමිනි.1984 වසර වනවිටත් 'Hwasongs' නමැති තමන්ගේම මිසයිල විශේෂයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටියේය.අසල්වැසි දකුණු කොරියාව ඉලක්ක කොට එල්ල කළ හැකි එවැනි කෙටි දුර මිසයිල වර්ග ගණනාවක් උතුරු කොරියාව සතුව ඇති බව විශ්වාස කෙරෙයි.ඇමරිකාවේ න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයට අනුව 'Hwasong-5' සහ 'Hwasong-6' ලෙස හඳුන්වනු ලබන මිසයිලවලට පිළිවලින් කිලෝමීටර 300 සහ 500 දක්වා දුරකට ළඟා විය හැක.

    මිසයිල අලෙවිය

    _95650806_31a3193d-3cd4-4364-a2ce-e9cd16f86784.jpg

    Musudan මිසයිලයක්

    මෙම මිසයිලවලට සාමාන්‍ය යුද ශීර්ෂ (War Heads) රැගෙන යා හැකි අතර ඇතැම් විට ජීව, රසායනික හෝ න්‍යෂ්ටික හැකියාව එම මිසයිල සතු විය හැක.උතුරු කොරියාව 'Hwasong-5' සහ 'Hwasong-6' යන මිසයිල දෙවර්ගයම මේ වනවිට අත්හදාබලා ඇති අතර 'Hwasong-6' වර්ගය ඉරානයට අලෙවි කොට තිබේ.ඊශ්‍රායල බුද්ධි අංශවලට අනුව Musudan මිසයිලවලට කිලෝමීටර 2,500 ක දුරක් ගමන් කළ හැකි අතර ඊට කිලෝමීටර 3,200 ක් ගමන් කළ හැකි බව ඇමරිකානු මිසයිල ආරක්ෂණ ඒජන්සිය ඇස්තමේන්තු කොට තිබේ.

    Musudan සහ 'KN-08' මිසයිල​

    මේ අතර අන්තර් මහද්වීපික මිසයිල රැගෙන යා හැකි රොකට් එන්ජින් අත්හදා බැලීමක් සාර්ථකව සිදු කළ බව උතුරු කොරියාව මෑතක දී ප්‍රකාශ කළ අතර උතුරු කොරියානු නායකයා විසින් එය හඳුන්වනු ලැබුවේ සිය රටේ රොකට් තාක්ෂණ ක්ෂේත්‍රයේ 'නව උපතක්' ලෙසය.නිරීක්ෂකයන් විසින් 'KN-08' හෝ 'Hwasong-13' ලෙස හඳුන්වනු ලබන , ඇමරිකාව දෙසට ළඟා විය හැකි දුර දිග විහිදුම් මිසයිල හයක් උතුරු කොරියාව සතු බව පෙන්ටගනය විශ්වාස කරයි.

    bbc-blocks-dark.png

    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොනා උණත් තාම බයිසිකලයක්වත් හදා ගන්න බැරි අපේ රට වගේ රටවල් ඵක්ක බලනකොට මේ වගේ රටවල් අගය කරන්න ඕන.කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අපේ රටේ හමුදා ආචාර පෙලපාලියක් දිහා බලනකොට කොරියාවෙ කොයිතරම් වෙනස්ද කියල පේනව :sorry::sorry::sorry:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මොනා උණත් තාම බයිසිකලයක්වත් හදා ගන්න බැරි අපේ රට වගේ රටවල් ඵක්ක බලනකොට මේ වගේ රටවල් අගය කරන්න ඕන.කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු.
    :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එහෙම කියන්න එපා මචන්. අපේ ලන්කාවේ ඉස්සර උපාලි විජේවර්දන වගේ මිනිස්සු සින්ගපුරුව වගුරුබිමක් කාලේ ලන්කාවේ කාර් හදන්න ගත්තා. ඒ කාලේ මරුටි අනන් මනන් නැ. ලන්කාවේ දෙශපාලන කාලකන්නි රට කැවා මිසක්, ලන්කාවේ අදටත් ඉන්නව වැඩ පුලුවන් මිනිස්සු. නොර්ත් කොරියා සීන් එක ගත්තම නම් ආඩම්බර වෙන්න කාරනාවක් නැ බන්. ඔකේ ගින්දර තෙරෙන්නේ ලන්කාවට උඩින් නොර්ත් කොරියා තිබ්බා නම් අපිට රැට නින්ද යයිද? ඉන්දියාවටත් ඔය යුද ශක්තිය තියනවා, නමුත් ඉන්දියාව පාලනය කරන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවදී රජයක්. ඒ හින්දා අපි දන්න්නවා අපි කොච්චර දුප්පත් රටක් උනත් අපිට ඉන්දියාව නියුක් ගහන්නේ නැ කියලා. නමුත් දකුනු කොරියාවට ඒ ගැරන්ටිය නැ. උන් 24X7 ඉන්නේ පන බයේ කොයි වෙලේ හරි කෙලියි කියලා. උතුරු කොරියාව කියන්නේ ආදර්ශමත් රටක් නෙමෙයි. බහුතර මිනිස්සු දුක්විදින කොට මිලිටරි පාලකයා සැප විදින රටක්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn attatama baluwoth upaligen passe, eya vage loku dewal karapu ekek idala na ne, ehema hitiyanam ape rata meeta vadiya hugak venas venna tibba.. :sorry::sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mchn attatama baluwoth upaligen passe, eya vage loku dewal karapu ekek idala na ne, ehema hitiyanam ape rata meeta vadiya hugak venas venna tibba.. :sorry::sorry::sorry:
    උපාලිව මට්ටු කරන්න ජේආර්, සිරිමා දෙන්නම වලිකැවා. ඒ මනුස්සයා අකාලේ මලේ නැත්තම්, අද කොල්ලො සැහෙන දෙනෙකුට කාර්මික රස්සා දෙනවා. මිනිහා ඒ කාලෙත් වැල්ඩින් වැඩ දන්න කොල්ලො එක්කහු කරගෙන කොහොමහරි දැගලුවේ උපාලි ෆියට් එක හරි ෆොඩ් එකෙන් හරි මැස්ඩා එකෙන් හරි ලන්කාවේ ප්ලාන්ට් එකක් හරි සීට් එසෙම්බලි එකක් හරි කරන්න. එහෙම උනානම් අද ලන්කාවේ ආර්තිකේ ශක්තිමත්. ඊට පස්සේ ලන්කාවේ බිහි උන ඔක්කොම වියාපාරිකයො කලේ ආන්ඩුවට මුක්කු ගහලා දේශපාලනෙන් ගොඩ යන එක. හැරි ජයවර්දන, දම්මික පෙරේරා, ලලිත් කොතලාවල, මේ ඔක්කොම කලේ දේශපාලකයන්ගෙ ඔනැ එපාකම්.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    එහෙම කියන්න එපා මචන්. අපේ ලන්කාවේ ඉස්සර උපාලි විජේවර්දන වගේ මිනිස්සු සින්ගපුරුව වගුරුබිමක් කාලේ ලන්කාවේ කාර් හදන්න ගත්තා. ඒ කාලේ මරුටි අනන් මනන් නැ. ලන්කාවේ දෙශපාලන කාලකන්නි රට කැවා මිසක්, ලන්කාවේ අදටත් ඉන්නව වැඩ පුලුවන් මිනිස්සු. නොර්ත් කොරියා සීන් එක ගත්තම නම් ආඩම්බර වෙන්න කාරනාවක් නැ බන්. ඔකේ ගින්දර තෙරෙන්නේ ලන්කාවට උඩින් නොර්ත් කොරියා තිබ්බා නම් අපිට රැට නින්ද යයිද? ඉන්දියාවටත් ඔය යුද ශක්තිය තියනවා, නමුත් ඉන්දියාව පාලනය කරන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවදී රජයක්. ඒ හින්දා අපි දන්න්නවා අපි කොච්චර දුප්පත් රටක් උනත් අපිට ඉන්දියාව නියුක් ගහන්නේ නැ කියලා. නමුත් දකුනු කොරියාවට ඒ ගැරන්ටිය නැ. උන් 24X7 ඉන්නේ පන බයේ කොයි වෙලේ හරි කෙලියි කියලා. උතුරු කොරියාව කියන්නේ ආදර්ශමත් රටක් නෙමෙයි. බහුතර මිනිස්සු දුක්විදින කොට මිලිටරි පාලකයා සැප විදින රටක්.

    North koria unuth baye thama inne bn. unta hamadema nathi karalane thiyenne US & allies.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උපාලිව මට්ටු කරන්න ජේආර්, සිරිමා දෙන්නම වලිකැවා. ඒ මනුස්සයා අකාලේ මලේ නැත්තම්, අද කොල්ලො සැහෙන දෙනෙකුට කාර්මික රස්සා දෙනවා. මිනිහා ඒ කාලෙත් වැල්ඩින් වැඩ දන්න කොල්ලො එක්කහු කරගෙන කොහොමහරි දැගලුවේ උපාලි ෆියට් එක හරි ෆොඩ් එකෙන් හරි මැස්ඩා එකෙන් හරි ලන්කාවේ ප්ලාන්ට් එකක් හරි සීට් එසෙම්බලි එකක් හරි කරන්න. එහෙම උනානම් අද ලන්කාවේ ආර්තිකේ ශක්තිමත්. ඊට පස්සේ ලන්කාවේ බිහි උන ඔක්කොම වියාපාරිකයො කලේ ආන්ඩුවට මුක්කු ගහලා දේශපාලනෙන් ගොඩ යන එක. හැරි ජයවර්දන, දම්මික පෙරේරා, ලලිත් කොතලාවල, මේ ඔක්කොම කලේ දේශපාලකයන්ගෙ ඔනැ එපාකම්.

    mama ahala thiyena hatiyata උපාලි විජේවර්දන th ehema thama. thanikara UNP porakne. JR lagama hithawathek. Premadasa ekka thama awalak thibue.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama ahala thiyena hatiyata උපාලි විජේවර්දන th ehema thama. thanikara UNP porakne. JR lagama hithawathek. Premadasa ekka thama awalak thibue.

    ඔව්. ඔව්. මට වැරදුනා. ප්‍රෙමේ තමා. මැතිනි තමා ජපානෙන් කාර් ගේනවට් බකට් පෙරලුවේ. ජේ ආර්ගේ හිතවත්කමට තමා ප්‍රේමේ කොක්ක ඇද්දේ.. මයි මිස්ටේක්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව්. ඔව්. මට වැරදුනා. ප්‍රෙමේ තමා. මැතිනි තමා ජපානෙන් කාර් ගේනවට් බකට් පෙරලුවේ. ජේ ආර්ගේ හිතවත්කමට තමා ප්‍රේමේ කොක්ක ඇද්දේ.. මයි මිස්ටේක්.

    බිස්නස් කාරයෝ ඔක්කොම ඔහොම තමා.දැන් බලපන් සබීතගේ මිනිහා,සංගීතාගේ මිනිහා එහෙම.කලින් ආණ්ඩුවට සප් එක දීගෙන ඉදලා මේ ආණ්ඩුව ආපු ගමන් දැන් මේ පැත්තේ.සබීතගේ බිල්ඩින් එකකට මාසෙකට කෝටි ගානක් කුලිය දෙනවලු කිසිම වැඩකට ගන්නේ නැතුව.කැ@ දේශපාලුවෝ ලංකාවේ ඉන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බිස්නස් කාරයෝ ඔක්කොම ඔහොම තමා.දැන් බලපන් සබීතගේ මිනිහා,සංගීතාගේ මිනිහා එහෙම.කලින් ආණ්ඩුවට සප් එක දීගෙන ඉදලා මේ ආණ්ඩුව ආපු ගමන් දැන් මේ පැත්තේ.සබීතගේ බිල්ඩින් එකකට මාසෙකට කෝටි ගානක් කුලිය දෙනවලු කිසිම වැඩකට ගන්නේ නැතුව.කැ@ දේශපාලුවෝ ලංකාවේ ඉන්නේ.
    රට ගොඩ යන්නේ නැත්තේ ඔක නිසා බන්. මුන් දෙගොල්ලො හම්බ කරනව ටැක්ස් මාටියා ගහනවා. කුනු කන්දේ ප්‍රශ්නේ බිබීසී එකේ ගියාම මම අදුරන උන් ඇහුවහම කට උත්තර නැ. උන් අහනව ෆොරීන් ඒඩ් වලට ආන්ඩුව මොකද කරන්නේ කියලා. ඇමතිලා කාර් ගන්නවා කියන්නයැ. වස ලැජ්ජාව.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රට ගොඩ යන්නේ නැත්තේ ඔක නිසා බන්. මුන් දෙගොල්ලො හම්බ කරනව ටැක්ස් මාටියා ගහනවා. කුනු කන්දේ ප්‍රශ්නේ බිබීසී එකේ ගියාම මම අදුරන උන් ඇහුවහම කට උත්තර නැ. උන් අහනව ෆොරීන් ඒඩ් වලට ආන්ඩුව මොකද කරන්නේ කියලා. ඇමතිලා කාර් ගන්නවා කියන්නයැ. වස ලැජ්ජාව.

    :yes:

    17903671_2282089528682942_1365502501666415954_n.jpg
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    North korea චාටර් බන් යුද බලය තිබ්බට රටේ මිනිසුන්ට නිදහසක් නෑ උන්ගේ තියෙන TV channel වල තියෙන්නේ රට පාලනය කරපු එවුන්ගේ පම්පෝරිය විතරයි internet email නැ රට පාලනය කරන එවුන්ට බයේ ඉන්නවා මිස බහුතරක් මිනිස්සු කැමති න දැන් තියෙන ක්‍රමයට.