Npp ඇත්තටම හොඳයි ද...npp අනාගතය මොකක් වෙයිද....

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වෙනකොට ජාතික ජන බලවේගයට තිබෙන බවට පෙනෙන රැල්ල ආර්ථිකය බිඳ වැටුණු රටක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සංසිද්ධියක්.

    දේශපාලන වශයෙන් ලංකාව දැන් ගමන් කරමින් ඉන්නේ 2009න් පසු ග්‍රීසිය ගමන් කළ ගමන් පථයට ඉතා ම කිට්ටු ගමන් පථයකයි.

    ලංකාවේ ජාතික ජන බලවේගය වගේ ම ග්‍රීසියේත් ආර්ථිකය බංකොළොත් වුණු පසු වාම ජනප්‍රියවාදී (left-wing populist) බලවේගයක් රැල්ලක් වගේ ඉහළට මතු වී ආවා.

    ඒ බලවේගය හැඳින්වූයේ සිරිසා (Syriza) කියන නමෙන්.

    2009 ආර්ථික අර්බුදය ඇතිවෙනකොට සිරිසා කියන වමේ බලවේගයට තිබුණේ සියයට 4.6ක ඡන්ද ප්‍රතිශතයක්.

    ඒක පහුගිය මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයට සමාන එකක්.

    අර්බුදය ඇති වී වසර තුනක් යනකොට, ඒ කියන්නේ 2012 දී, සිරිසා ව්‍යාපාරය සියයට 26.9ක් ඡන්ද ලබාගත්තා.

    2015 වන විට ඔවුන් එම ප්‍රතිශතය සියයට 36.3 දක්වා වැඩි කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නට ද සමත් වුණා.

    දැන් පොහොට්ටුව බලයේ ඉන්නවා වගේ ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙනකොට බලයේ හිටියේ PASOK කියන පක්ෂයයි.

    2009 ආර්ථිකය කඩාවැටෙන්න කලින් PASOK පක්ෂයට සියයට 43.9ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා.

    2012 වන විට ඒක සියයට 12.3 දක්වා කඩාවැටුණා. 2015 වන විට එය සියයට 4.7ට පහත වැටී පක්ෂය අතුගෑවිලා ගියා.

    ඒ වගේ ම සමගි ජන බලවේගය වගේ ග්‍රීසියේ ඒ වන විට අනෙක් ප්‍රධාන ම පක්ෂය වන 'නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්' විශාල නායයාමකට ලක්වුණා.

    මේ වෙලාවේ ලංකාවේ දකින්න ලැබෙන්නේත් ආර්ථිකය කඩාවැටුණු පසු ග්‍රීසියේ දකින්න ලැබුණාට සමාන දේශපාලන තත්ත්වයක්.

    මේ පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වුණොත් ග්‍රීසියේ 2012 ලැබුණු ප්‍රතිඵලයට සමාන්තර ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මම අනුමාන කරනවා.

    නමුත් ඇත්තට ම බලන්නට අවශ්‍ය වන්නේ බලයට පැමිණි පසුව ග්‍රීසියේ වාම ජනප්‍රියවාදී පක්ෂයට සිදුවුණේ කුමක්ද කියලයි.

    2015 ලොකු රැල්ලකින් බලයට ආ විදියට ම 2019 වන විට සිරිසා පක්ෂය බලයෙන් වීසි වුණා.

    වාම ජනප්‍රියතාවාදය ආර්ථික අර්බුදයකට විසඳුමක් නොවන බව මිනිසුන් අත්දැකීමෙන් ම තේරුම් ගත්තා.

    ඒ නිසා මේ වන විට ලොකු රැල්ලක් පෙනෙන්න තියෙනවා නම් ඒ රැල්ලට එරෙහිව පීනන්න උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්.

    රැල්ල උඩ එන විදියට ම රැල්ල යට යන වෙලාවක් එනවා. දේශපාලන රැලිවල ස්වභාවය ඒකයි. ඒකට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය බලයට පැමිණි විදියත්, ගෝඨාභය බලයෙන් ගිය විදියත් මතක් කර ගැනීමයි.

    මේ රැල්ලේ මා දකින එක හොඳ ප්‍රතිඵලයක් වන්නේ සජිත් ප්‍රේමදාසට පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට විශාල පීඩනයක් එල්ල වීමයි.

    එසේ නැතිවුණොත් සමගි ජන බලවේගය කැඩී අලුත් පක්ෂයක් හැදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

    ආණ්ඩුව මේ තරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබෙන වෙලාවක, රටේ ජනතාව පාරට ඇවිත් ජනාධිපතිවරයා ගෙදර යැවූ වෙලාවක, විපක්ෂ නායකයාට තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට බැහැ කියලා කියන්නේ එම විපක්ෂ නායකයා දේශපාලනයට සුදුස්සෙකු නොවන බවයි.

    එවැනි පසුබිමක ඔහු තවදුරටත් විපක්ෂ නායකකමේ කාලය නාස්ති නොකොට තමන්ට කරන්නට පුළුවන් වෙනත් රැකියාවක් සොයාගත යුතුයි.

    වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි.

    ග්‍රීසිය මේ සම්පූර්ණ ගමන් පථය යන්නට අවුරුදු 10ක් ගත කළා. හුඟ වෙලාවට ලංකාවේ මෙය අවුරුදු 5-6ක් ඇතුළත හෝ ඇතැම් විට ඊටත් කලින් සිදුවෙන්නට පුළුවන් කියා මා හිතනවා.

    ඒ නිසා මේ වන විට අප කළ යුත්තේ ලෝකයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉදිරියේ දී සිදුවන්නට නියමිත පෙරළි සඳහා දේශපාලන වැඩබිම සූදානම් කිරීමයි..

    -

    24 - 01 - 2023

    #lka #SriLanka #life
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත

    43 බ්‍රිගේජ් එක ලංකාවේ බලය අල්ලනවා යම් වෙලාවක
     
    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura

    මේක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා මටත් හිතෙන්නේ. මේක රැල්ලක්... ඒ රැල්ලම තමයි ගෝඨාභයටත් හැදුණේ. හැබැයි මේ වෙනකොටත් බිම් මට්ටමට NPP එක මේ පණිවිඩය ගෙනියන්න සමත් වෙලා නැහැ. ඒ කියන්නෙ පළාත් පාලන මැතිවරණයෙන් NPP එක හිතන තරම් ලොකු බලයක් ලැබෙන්නෙ නැහැ. අනික මේ එක පක්ෂියකින්වත් මේ වෙනතෙක් හරියට රට ගොඩගන්න ඔන කොහොමද කියන දේ කියලා නැහැ. ඒ නිසා මිනිස්සු විකල්පයක් විදිහටයි NPP එකට ඡන්දය දෙන්නේ. ඒ නිසාම අවුරුදු 5 කටත් කලින් මේ ඡන්දයෙන් උඩට එන බලවේගය අතුගෑවිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක NPP එක තේරුම් ගත්තොත් ලොකු වෙනසක් රටේ කරන්න මේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් හැබෑම උවමනාවකින් රට ගොඩගන්න ඉදිරිපත් වෙනවා නම් විතරයි.
     
    • Love
    Reactions: Don GasCan

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328

    NPP eken kiyala hari haman ewun enna epe.ape petten nomination dila tibbe melo yakek danne nethi dial ekak.man nan hithan ne dinnath wedi kalayak balaya tiyan inna puluwan wei kiyala.anika minissunge expectation eka denna ilagata ena anduwaka hugak amarui.left wing party ekak nan economy eka goda danna patta amaru wei.india apita dena tikath nawaththai.tsunamiyak thamai itin den enne.loku rellak hnda samaharawita loku damage ekak karan yai.eth itin minissunta karanna dekuth ne.hemotama ona easy life ekakne.den tiyena economy ekath ekka komath easy life ekak hadanna be minissunta ona hadissiyata.mona anduwa awath rough decisions ganna wei.ewata minissu positively react kaloth hodai.but most probably unlikely.
     
    අපේ ලංකාවෙ මිනිස්සු නිර්වින්දනය වෙලා ජීවත් වෙන්නේ මේ ටිකේ. මොකද එක ඩිංගක් මේවට මිඩංගු කරන්න කාලය නැති තරමට දැන් හෙම්බත් වෙලා ප්‍රශ්නවලින්ම. ඒ නිසා ඊලඟට සුනාමියක් තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. වැඩි කලක් නොයා ආණ්ඩු මාරුවක් වෙන්නත් ඉඩ තියෙනවා මේ යන විදිහට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    JVP එක කරන්නේ අවස්ථාවාදී දේශපාලනයක් නේ
    වෙලාවේ හැටියට මොනවා හරි කියනවා මයික් එක පැලෙන්න .

    ලංකාවේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් එකට මොනවා ද JVP එක ළග තියෙන විසදුම් මොනවත් ම නැහැ 🤭 ඇහුවොත් කියන්නේ හොරු අල්ලනවා කියලා 🤣🤣
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    "වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි."

    NPP එකේ දැන් තියන වමෙන් දකුණට බරඋන ලක්ෂණ වාසිදායක වෙන්න බැරිද... NPP 100% වාමාංශික ප්‍රතිපත්ති නැහැ නේද දැන්....
     
    • Like
    Reactions: shenat

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    අපේ ලංකාවෙ මිනිස්සු නිර්වින්දනය වෙලා ජීවත් වෙන්නේ මේ ටිකේ. මොකද එක ඩිංගක් මේවට මිඩංගු කරන්න කාලය නැති තරමට දැන් හෙම්බත් වෙලා ප්‍රශ්නවලින්ම. ඒ නිසා ඊලඟට සුනාමියක් තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. වැඩි කලක් නොයා ආණ්ඩු මාරුවක් වෙන්නත් ඉඩ තියෙනවා මේ යන විදිහට.
    කොට්ටෙ මාරු කලා වගේ තමා.මිනිස්සු වෙනස් නොවී ආන්ඩු මාරු උනාට වැඩක් වෙන් නෑ.මිනිස්සුන් බලෙන් වෙනස් කරන්න පුලුවන් ලෝකෙකුත් නෙමෙයි දැන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: prasad bapeb

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    JVP එක කරන්නේ අවස්ථාවාදී දේශපාලනයක් නේ
    වෙලාවේ හැටියට මොනවා හරි කියනවා මයික් එක පැලෙන්න .

    ලංකාවේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් එකට මොනවා ද JVP එක ළග තියෙන විසදුම් මොනවත් ම නැහැ 🤭 ඇහුවොත් කියන්නේ හොරු අල්ලනවා කියලා 🤣🤣
    ඔව්. ඒක සහතික ඇත්ත. මේක තමා වෙලාව එයාලටත් ඒක එහෙම නෙවෙයි අපටත් මොනව හරි කරන්න පුළුවන් කියලා පෙන්නන්න. නැතුව ඔය පඩි ගන්නෙ නෑ. කොමිස් ගන්නෙ නෑ කියන ඒවා එක හේතුවක්වත් නෙවෙයි මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,093
    113
    මේක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා මටත් හිතෙන්නේ. මේක රැල්ලක්... ඒ රැල්ලම තමයි ගෝඨාභයටත් හැදුණේ. හැබැයි මේ වෙනකොටත් බිම් මට්ටමට NPP එක මේ පණිවිඩය ගෙනියන්න සමත් වෙලා නැහැ. ඒ කියන්නෙ පළාත් පාලන මැතිවරණයෙන් NPP එක හිතන තරම් ලොකු බලයක් ලැබෙන්නෙ නැහැ. අනික මේ එක පක්ෂියකින්වත් මේ වෙනතෙක් හරියට රට ගොඩගන්න ඔන කොහොමද කියන දේ කියලා නැහැ. ඒ නිසා මිනිස්සු විකල්පයක් විදිහටයි NPP එකට ඡන්දය දෙන්නේ. ඒ නිසාම අවුරුදු 5 කටත් කලින් මේ ඡන්දයෙන් උඩට එන බලවේගය අතුගෑවිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක NPP එක තේරුම් ගත්තොත් ලොකු වෙනසක් රටේ කරන්න මේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් හැබෑම උවමනාවකින් රට ගොඩගන්න ඉදිරිපත් වෙනවා නම් විතරයි.
    "වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි."

    NPP එකේ දැන් තියන වමෙන් දකුණට බරඋන ලක්ෂණ වාසිදායක වෙන්න බැරිද... NPP 100% වාමාංශික ප්‍රතිපත්ති නැහැ නේද දැන්....
    JVP එක කරන්නේ අවස්ථාවාදී දේශපාලනයක් නේ
    වෙලාවේ හැටියට මොනවා හරි කියනවා මයික් එක පැලෙන්න .

    ලංකාවේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් එකට මොනවා ද JVP එක ළග තියෙන විසදුම් මොනවත් ම නැහැ 🤭 ඇහුවොත් කියන්නේ හොරු අල්ලනවා කියලා 🤣🤣
    Gamwala inna godak unta (SM walin pennanne nathi unta) jeppo penna be. gamwala ina daarama pandithayo jeppo. SM ralla ohoma penuwata mata hitenne unat max 10% ei. Untath ona e gaana tama. Eken donation tawa wadi wela uda inna unta full athal life ekak gewanna puluwan wei (yata inna harak tika hamadaama wage rawatala)

    But landa bolanda jeppo pataw hitan inne wena deyak.

    Jeppo danna kaaley indan kaley kakulen adina eka. Unta baley hambunoth (loweth wenne ne) un dannawa unta return eka hambenne double treble wela. Unuth eka dannaawa (but lapati ponzla eka danne ne)
     
    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    ඔව්. ඒක සහතික ඇත්ත. මේක තමා වෙලාව එයාලටත් ඒක එහෙම නෙවෙයි අපටත් මොනව හරි කරන්න පුළුවන් කියලා පෙන්නන්න. නැතුව ඔය පඩි ගන්නෙ නෑ. කොමිස් ගන්නෙ නෑ කියන ඒවා එක විසඳුමක්වත් හේතුවක්වත් නෙවෙයි මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    "වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි."

    NPP එකේ දැන් තියන වමෙන් දකුණට බරඋන ලක්ෂණ වාසිදායක වෙන්න බැරිද... NPP 100% වාමාංශික ප්‍රතිපත්ති නැහැ නේද දැන්....
    NPP එකේ කොන්ද වාමාංශික නැද්ද? මොකෝ ගම් මට්ටමින් නොමිනේශන් දුන්න හුගක් අය සමාජ වාදී වාමාංශික මිනිස්සු. බලය ලැබෙනකන් හරියටම මොකක් වෙයිද කියන්න්න බෑ.හැබැයි මිනිස්සුන්ට වෙන ඔප්ශන් එකකුත් නෑ.පවු මිනිස්සු.

    Gamwala inna godak unta (SM walin pennanne nathi unta) jeppo penna be. gamwala ina daarama pandithayo jeppo. SM ralla ohoma penuwata mata hitenne unat max 10% ei. Untath ona e gaana tama. Eken donation tawa wadi wela uda inna unta full athal life ekak gewanna puluwan wei (yata inna harak tika hamadaama wage rawatala)

    But landa bolanda jeppo pataw hitan inne wena deyak.

    Jeppo danna kaaley indan kaley kakulen adina eka. Unta baley hambunoth (loweth wenne ne) un dannawa unta return eka hambenne double treble wela. Unuth eka dannaawa (but lapati ponzla eka danne ne)
    ලපටි පරම්පරාව හෙන ගොබ්බයි බන්.බහුතරේ ඉන්නෙ හදවතින් තීරන ගන්න උන්. මට තේරෙන් නෑ නිකන් ජීවත් වෙන්නෙ හිතන්නෙ නව කතා පොත් වල වගේ.😂😂
    ------ Post added on Jan 25, 2023 at 11:20 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,093
    113
    NPP එකේ කොන්ද වාමාංශික නැද්ද? මොකෝ ගම් මට්ටමින් නොමිනේශන් දුන්න හුගක් අය සමාජ වාදී වාමාංශික මිනිස්සු. බලය ලැබෙනකන් හරියටම මොකක් වෙයිද කියන්න්න බෑ.හැබැයි මිනිස්සුන්ට වෙන ඔප්ශන් එකකුත් නෑ.පවු මිනිස්සු.

    ලපටි පරම්පරාව හෙන ගොබ්බයි බන්.බහුතරේ ඉන්නෙ හදවතින් තීරන ගන්න උන්. මට තේරෙන් නෑ නිකන් ජීවත් වෙන්නෙ හිතන්නෙ නව කතා පොත් වල වගේ.😂😂
    ------ Post added on Jan 25, 2023 at 11:20 AM
    Lankawe godak unta politics kiyanne mokakda kiyala terenne ne. Un hitanne patas gaala change ekak karanna puluwan kiyala.

    mage personal opinion business as usual 80%, positive change 20% wage tama loku disruption natuwa karanawanam karanna ona.

    FB mama godak unwa snooze karala tienne gobba huthawal share karana nisa.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Lankawe godak unta politics kiyanne mokakda kiyala terenne ne. Un hitanne patas gaala change ekak karanna puluwan kiyala.

    mage personal opinion business as usual 80%, positive change 20% wage tama loku disruption natuwa karanawanam karanna ona.

    FB mama godak unwa snooze karala tienne gobba huthawal share karana nisa.
    අන්තිමට hopeless generation එකක් හැදුනොත් ඉතින් සොරි.කොම්. අපි තාම පතුලටම වැටිල නෑ.වැටෙනකම් ගොඩ එන්නෙත් නෑ.ගොඩ එනව කියල කියන්නෙ සතුටින් ජීවත් වෙන සමාජයක්.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,438
    113
    Gampaha
    326708920_853693615864140_1237066598025959856_n.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    කපුටා දන්නවා නේ

    අර කපුටු කාක් නෙමේ

    කුරුළු ගොඩේ ඉන්න කළු කපුටෝ

    උන් මොකද කරන්න දස්ස?

    කුණු ගොඩවල් අවුස්සන එක, ඒක අවුස්සලා පැත්ත පළාතම කැත කරලා රිලා යන එක හරිය

    උන් උන්ගේ සනුහරෙටම කුණු ගොඩ අවුස්ස අවුස්ස අනාගහනවා

    හතර පැත්තම කුණු වපුරලා යනවා

    ජෙප්පෝ අන්න ඒ වගේ

    උන් එක එක කුණු හොයනවා අදිනවා වපුරනවා
    හැබැයි උන්ට එතැනින් එහාට දෙයක් නැහැ

    ජෙප්පොන්ට රැල්ලට දීලා රිවගන්නේ නැතුව හිටපල්ලා

    හැබැයි පරණ ලොන්ත යක්කුන්ට නොදී
     
    • Like
    Reactions: 2osama

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    I dont know know whether Greece fell down due to wrong political decisions, corrupt politicians, or both. But in SL, the main problem now is corrupt politicians who keep on grabbing positions whatever the ruling party.
    The life will continue to be really difficult to years to come ( as
    effects of damage done by decades of corruption). Due to that, people might dislike NPP in the future too.
    However, NOW we need to remove corrupt people from ruling for any HOPE of development in the Country.
    Apperently, NPP is not an extremist left party. So there is hope..