දක්ශිනාන්ශික උන් වාමාංශික උන් කියල කට්ටිය ලංකාවේ ඉන්නේ 3% යි. ඒ කියන්නේ කැපුවත් කොළ කැපුවත් රතු අය. අනික් ඔක්කොම තියෙන ප්‍රශ්න උඩ තියෙන බෙස්ට් ඔප්ශන් එක කියල හිතෙන එක තෝරාගන්නවා.
ඔය කැමපෙන් ගිය අයගෙන් අහල බලන්න තිබ්බ ප්‍රතිචාර මොනවද කියලා. එන්නත් කලින්ම කියන්නේ අපි මේ පාර මාලිමාවට තමා කියල. අඩුම ප්රතිපත්ති ප්‍රකාශයක් කියන එකක් අතට අරන් බලලා නැතුව ඇති ලක්ෂ 10ක්වත් ඔය ඡන්ද දුන්න අයගෙන්.
ඕක තමයි බං මාත් කියන්නේ... බහුතරය චන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශවත්, දකුනෙද වමේද කියලා හිතලා වත් නෙවෙයි... එහෙම උන්ගේ චන්ද ගන්න යාන්ත්‍රනයක් තියෙන්න ඕන... එක්කො සල්ලි විසික් කරලා ලොකු මිඩියා කැම්පේන් එකකින්... නැත්නම් සන්විදාන ජාලයක් හදලා ලගට ගිහින් කතා කරලා...
මෙච්චර කල් කලේ මිඩියා වලින් සහ බිම් මට්ටමේ සන්විදාන වලින්... මේ පාර ජෙප්පොන්ට පුලුවන් උනා උන්ගේ සන්විදාන වලින් කරන්න ලොකු මිඩියා සපොර්ට් එකක් නැතිව... ඊලග පරත් ඔය ක්‍රම දෙකෙන් තමයි...
මම කියන්නෙ ඔය පිබිදෙන දකුනේ එහෙම කරගන්න පුලුවන් එකෙක් තාම නෑ... (රනිල් හරි සජිත් හරි දකුනේ කියලා ගනන් අරගෙන නෑ)