Nuclear winter - න්‍යෂ්ටික ශීත සෘතුව
න්‍යෂ්ටික යුද්ධයක් කියපු ගමන් හැමෝටම මතක් වෙන්නෙ උතුරු කොරියාවයි ඇමරිකාවයි . ඒ වගේම සමහර කට්ටිය න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගන්නකම් මග බලන් ඉන්නවා වගේ තමයි ඉන්නේ. ඒ ඉතින් සමහර විට රටවල් දෙක තුනක් එක එක්කෙනාට න්‍යෂ්ටික බෝම්බ දා ගනිද්දී මෙහෙට වෙලා හොඳට පොප් කෝර්න් කකා බලන් ඉන්න හිතාගෙන වෙන්න ඇති. හැබැයි නිකන් හරි යුද්ධයක් පටන් ගත්තොත් එකෙන් වෙන අතුරු ප්‍රතිඵල මුළු ලෝකෙටම බල පානවා. ආර්ථික වශයෙන් නෙවෙයි පාරිසරික වශයෙනුත්. න්‍යෂ්ටික යුද්ධයකදී පිපිරීම් වලින් ක්ෂණිකව මිලියන ගණනක් මනුෂ්‍ය ජිවිත නැති වෙලා යනවා වගේම අතුරු ප්‍රතිඵල වශයෙන් බිලියන ගණනක් සෙමින් මිය යාවි.
1980 දී කාර්ල් සේගන් ඇතුළු විද්‍යාඥ්ඥයන් පිරිසක් පරීක්ෂණයක් කරලා තියෙනවා න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ නයිට්රජන් ඔක්සයිඩ් වායු, වනාන්තර ගිනි ගැනීම, දුහුවිලි වලා, ගිනිගන්න තෙල් සහ ප්ලාස්ටික් වලින් මුළු පෘතුවියට මොන තරම් බලපෑමක් ඇති වෙයිද කියලා. හැබැයි ඒ පරික්ෂනයේදී යොදා ගත්ත කරුණු වල නිවැරදි බව ගැන ඒ කාලේ ඉඳලා යම් යම් චෝදනා එල්ල වෙලා තියෙනවා.
න්‍යෂ්ටික යුද්ධයකදී මුලින්ම ඉලක්ක වෙන්නෙ ප්‍රධාන හමුදා වටිනාකමක් තියෙන ඉලක්ක හරි වැඩිම ජනගහනයක් තියෙන ප්‍රදේශ. මෙවැනි ප්‍රදේශ වලට ඉලක්ක කරලා රටවල් කිහිපයක් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගත්තොත් එයින් ඇති වන දුම් දුහුවිලි කොටස් වලින් පෘතුවියේ වායුගෝලයේ විශාල කොටසක් ආවරණය වෙලා හිරු එලිය ලැබීම සිමා වෙන්න පුළුවන් වගේම වායු ගෝලයට විශාල හානියක් වෙනවා. හිරු එලිය ආවරණ වීමට මෑත ඉතිහාසයේ ඇති වෙච්ච උදාහරණයක් තමයි 1883 දී ඉන්දුනීසියාවේ Krakatoa ගිනි කන්ද පුපුරා යාම නිසා එයින් නිකුත් වුන අළු මගින් හිරු එලිය ආවරණ වීමෙන් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2 පහලට වැටීම. ඒ වගේම 1815 දී ඉන්දුනීසියාවේ පිපිරී ගිය Tambora ගිනි කන්ද පිපිරීම නිසා ලෝකයේ වසන්ත සෘතුව නැති අවුරුද්දක් හට ගෙන තිබෙන බව තමයි සඳහන් වෙන්නෙ.(වැඩි විස්තර) තව ඊට පස්සේ අවුරුද්දේදී ඇමෙරිකාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3-6 අතර අඩු වීමක් දකින්න ලැබිලා තියෙනවා. මෙම උෂ්ණත්වය පහල වැටීම වගා කටයුතු වලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා වගේම ඉන්දුනීසියාව තුල සිදු වුනු මරණ ඇර තවත් මරණ දහස් ගණනක් සිදු වෙලා තියෙනවා. සමහර ඉතිහාසඥයන් විශ්වාස කරනවා ඩයිනෝසරයන් වඳ වුනේ අවුරුදු මිලියන 65 කට කලින් පෘතුවියේ ගැටුණු උල්කාපාතය නිසා මෙවැනි ආකාරයේ සීත සෘතුවක් ඇති වීම නිසා කියලා.
මෙවැනි සිදුවීමක් වෙන්න පුළුවන් කියල තියෙන එකම සාක්ෂි ස්භාවික ආපදා විතරක්ම නෙවෙයි. ගල්ෆ් යුද්දයේදී සදාම් හුසේන් විසින් කුවේට් වල තෙල් ළිං 763 ගිනි තැබීම නිසා එම ළිං මාස නවයක් පුරා ගිනි ගෙන ඇති අතර එයින් දේශීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.2 පහල වැටිලා තියෙනවා.
1980 දී අමෙරිකාවෙයි රුසියාවෙයි තිබුණු න්‍යෂ්ටික බලයන් මත ඔවුන් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුනානම් එයින් උෂ්ණත්වය දීර්ග කාලින ලෙස සෙල්සියස් අංශක 40 කින් පමණ අඩු වෙන්න හැකියාවක් තිබුණු බවයි පවසන්නේ. ඉතින් එහෙම වුනානම් යුද්ධයෙන් ඉතුරු වුන අයට ඉතුරු වෙන්නෙ සීතලයි බඩගින්නයි විතරයි.
කාල් සේගන් හා රිචර්ඩ් ටුර්කෝ රචිත A Path Where No Man Thought යුද්ධයේ විශාලත්වය අනුව න්‍යෂ්ටික සීත සෘතු ඇතිවෙන්න හැකියාව ඇති ආකාර 6ක් සඳහන් වෙලා තියෙනවා.
1.අවම න්‍යෂ්ටික සීත සෘතුව - ඇති වෙනවනම් ඇති වෙන්න පුළුවන් හොඳම අවස්තාව තමයි මේක. මොකද මෙම අකාරයේ යුද්ධයකින් ප්‍රහාර එල්ල වුනු තැන් කිහිපය ලොකු විනාශයක් වුනත් මුළු ලෝකයටම එතරම් බලපෑමක් වෙන්නෙ නෑ.
2.ආන්තික න්‍යෂ්ටික සීත සෘතුව - මෙම අවස්තාව සාමාන්‍යයෙන් බලපතරයි. පිපිරීමෙන් නිකුත් වුන අළු විශාල ප්‍රමාණයක් නැවත වැසි වශයෙන් ප්රුතුවියටම වැටෙන්න පුළුවන් අතර තවත් ප්‍රමාණයක් ඉහල වායු ගෝලය තුල රැඳිලා තියේවි. උත්තර ධ්රැව ආසන්න රටවල් වල ආහාර නිෂ්පාදනය අඩාල වෙලා සාගතය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපිට තාමත් පොප් කෝර්න් කකා මොකද වෙන්නෙ කියල බලන් හිටියහැකි.
3.සුළු න්‍යෂ්ටික සීත සෘතුව - ඔන්න මේ අවස්ථාවේ ඉඳන් අපිටත් කෙල වෙන්න ගන්නවා. විද්‍යාඥයන් කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාර 6000 – 12000 වගේ ප්‍රමාණයක් හුවමාරු වෙන සම්පුර්ණ න්‍යෂ්ටික යුද්ධයකදී වෙන්න පුළුවන් අවම හානිය මේක කියලයි. මෙම අවස්ථාවේදී නිතරම වගේ අඳුරු අහසක් දකින්න පුළුවන් වෙයි. ඒ වගේම උතුරු කරයේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 කින් අඩු වෙන්න පුළුවන්. සාගතය වගේ තත්ත්වයන් මුළු ලෝකේ පුරාම ඇති වෙනවා. හිරු එලිය කලින් තිබ්බ තත්ත්වයෙන් තුනෙන් එකකට අඩු වෙනවා. හැබැයි තාමත් දක්ෂිණ වායු ගෝලයට ඒ තරම් ලොකු කාලගුනික වශයෙන් බලපෑමක් ඇති වෙන්නෙ නෑ. ඒත් න්‍යෂ්ටික පිපිරීම් වලින් ඕසෝන් ස්තරයට විශාල ලෙස හානි වෙන නිසා අහිතකර සුර්ය කිරණ වලින් මුළු ලෝකෙටම කරදර වෙයි.
4.තරමක් විශාල න්‍යෂ්ටික සීත සෘතුව - සම්පුර න්‍යෂ්ටික යුද්ධයකින් ඇති වෙන මේ අවස්තාව නිසා උතුරු වායු ගෝලය සම්පුර්ණයෙන් ජිවත් වීමට නුසුදුසු වෙන්න පුළුවන්. වායු දුෂණය, භිෂණය, ගල් ගැහෙන සීතල, සාගතය නිසා බිලියන ගණනක් මිනිස්සු මැරෙනවා. ඒ වගේම සත්තු වර්ග ගොඩක් වඳ වෙලා යනවා. මිනිස්සු බේරිලා හිටියත් සම්පුර්ණනයෙන් වෙනස් ජිවිත ගත කරයි. මේ අවස්ථාවේදී දක්ෂිණ වායු ගෝලයට වෙන හානිය තීරණය වෙන්නෙ කොච්චර සමකයට පහලින් න්‍යෂ්ටික පිපිරීම් වෙනවද කියන එක මතයි.
5.උග්‍ර න්‍යෂ්ටික සීත සෘතුව -මේ අවස්තාවෙදිනම් අපි ඉවරෙටම ඉවරයි. හිරු එලිය පෘතුවියට වැටෙන්නේ 1% ටත් වඩා අඩුවෙන්. මාස ගානක් තිස්සේ ඉර එලිය නැතුව ප්‍රභාසංස්ලේෂණය නැතුව මුළු ලොව පුරාම වෙන්න පුළුවන් හැම නරක දෙයක්ම පැතිරිලා යනවා.
6.අති දරුණු න්‍යෂ්ටික සීත සෘතුව - මෙවැනි අවස්ථාවක් ඇති වෙනවා කියල තියෙන්නේ 1990 දී පෘතුවියේ තිබ්බ සියලුම න්‍යෂ්ටික ආයුධ පිපිරීමට ලක් වුනොත්. ඉතින් එහෙම වුනොත් කිසිම දෙයක් පේන්නේ නැති අඳුරක හීතලේ මැරිලා යන්න වෙනවා පිපිරීම් වලින් මැරුණේ නැති අයට.
තව 2007 කරපු පරීක්ෂණයකදී අනුමාන කරලා තියෙනවා ඉන්දියාවයි පාකිස්තානෙයි එකිනෙකාට න්‍යෂ්ටික ආයුධ 50 කින් පහර දී ගත්තොත් මුළු ලොව පුරාම අවුරුදු 10 යනකම් දුම් වලාවකින් කවර වෙයි කියලා. තව උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 1.25 අඩු වෙනවලු.
ඉතින් මම කලින් කිව්වා වගේ මේක මෙහෙම වෙන්නෙ නෑ කියන අයත් ඉන්නවා.
මොකද මේක අනුමාන කිරීමක්. මේ විවාදයත් ගෝලීය උෂ්ණත්ව විවාදයට සමානයි කියලයි කියන්නේ. කට්ටියක් වෙනවා කියද්දී කට්ටියක් නෑ කියනවා. ගොඩක් වෙලාවට ඕක වෙනස් වෙන්නෙ තමන් දරන දේශපාලන මතවාදය අනුවලු. තව ඉතින් කොච්චර දේවල් වායු ගෝලයේ රැඳෙනවද? නැත්තම් පෘතුවියට වැටෙනවද? දුම් සහ දුහුවිලි වලා වලට කොච්චර ඉර එලිය කවර කරන්න පුලුවන්ද? වගේ ගැටලුත් තියෙනවා.
sources -
https://en.wikipedia.org/wiki/Nuclear_winter
http://mentalfloss.com/article/81114/what-happened-nuclear-winter
http://science.howstuffworks.com/nuclear-winter.htm

Last edited:

TFS!