අප සියල්ල ශ්‍රි ලාංකිකයන්ය. අභිමානවත් හා අනන්‍යතාවයක් ඇති ජාතියක්ය. දශක තුනක් රටට විනයක් වු කොටි ත්‍රස්ථවාදය පරාජය කර රටේ ඉදිරි අනාගතය තීරණය කරන තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. එම වටිනා ජයග්‍රහනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල ඒ අභිත නායකයා රටේ ජනනායකයා වීම සදහා එම වරම ඉල්ලීමට අද අප ඉදිරියට පැමිණ ඇත. බහුතර ජනතාවගෙ එකම පැතුම දැන් ඔහු වී හමාරය. මෙම තත්වය ඇතිකලේද වත්මන් පාලනය විසින්ය. එයට හේතු වු කරුනු රැසක් ඇත.
අප සියල්ල යුද්ධය අවසන් කල පසු පක්ෂ භේදයකින් තොරව ඒ නිදහස භුක්ති වින්දාය. අප එයට දායක වුන සියල්ලටම අපගේ ආචාරය පුද කලේය. නමුත් එම කාලයේ පුරසාරම් දෙඩ වුවන් තමන්ගේ වගකිම ඉන් පසු හෝ ඉටු කලාවි යයි අපගෙ එකම ප්‍රාර්ථනය විය. නමුත් එය එසේ නොවීය. සිදුවුයෙ ඊට හාත් පසින්ම වෙනස් දෙයකි. බඩු මිල ඉහල ගියේය, අධ්‍යාපනය කඩාකප්පල් විය, රටේ සෞඛ්‍ය පිරිහිම, මාධ්‍ය මර්දනය, විරුද්ධ මත දාරීන් මර්දනයකට ලක්වීම වැනි බරපතල ක්‍රියා සිදුවන්නට විය. මෙයට වගකීම ගතයුත්තේ එම අංශ පාලකයින්ය. ඔවුන් පාලනය කරන්නෙ රටේ ජනාධිපතිවරයාය. එමනිසා මෙය මෙසේ සිදුවීමේ වගකිම බාරගත යුත්තේ රටේ පාලකයාය. ඒවා නැවත්වීම වෙනුවට එම ක්‍රියා එන්න එනනම වර්ධනය වුයේ රටේ මුලු මහත් ජනතාවටම වැරදි ආදර්ශයක් හා අප්‍රසන්නයක් ගෙන දෙමිනි. රටේ මුදල් නාස්තිය, අනිසි බලය යොදාගැනිම් හොදින් පෙන්නුම් විය. තව වසර 8 මෙය පැවතියහොත් රටට වන හානිය ඕනෑම කුඩා දරුවෙකුට වුවද තේරුම් ගත හැකිය. පෞද්ගලික වාසි තකා රට පාවදීම අපට කිසිසේත් කල නොහැකිය.
තවද රටට සාමය ගෙනදීමට මූලිකව කැපවුනු, මුලු මහත් ජනතාවගේම ගෞරවයට පාත්‍ර වූ ඒ උත්තුන්ග මිනිසා දේශද්‍රොහියෙකු සේ හංවඩු ගැසිමට තැත් කලේය. ඔහුට එරෙහිව වියරු වැටුනු පිරිසක් මෙන් ක්‍රියා කරමින් පවතී. තම ජීවිතය ගැන වත් නොසීතා මාතෘ භුමිය ලෙයින් තෙත් කල ඒ උතුම් මිනිසාට අගෞරවද රටේ සාමයට බාධා කරන මැරයින්ට රැකවරනයද සපයන පාලනය කෙරෙයි මහත් පිලිකුලක් හටගත්ත්තේය. මෙය අප රටේ ගෞරවනීයම පුරවැසියෙකුට මෙසේ සිදුවේ නම් අප වැනි සාමාන්‍ය ජනතාව ගැන සිතීමට පවා නොහැක. විරුද්ධ මත දාරින් මෙවැනි මර්ධනයන්ට මෙම කාලයේ මෙසේ ලක් වේ නම් අනාගතයෙ කුමක් සිදුවේ ද? මෙවැනි පාලනයක් කෙසේ විශ්වාස කල හැකිද? සරත් ෆොන්සේකා වැනි උතුම් නායකයෙක්ට මෙම කරන හානියට හෘද සාක්ෂියට එකගව සහයෝගය දිමට කිසිසේත් පුලුවන් කමක් නොමැත.
අප සරත් ෆොන්සේකා මහතා විශ්වාස කරන්නේ දේශපාලයන්ගෙ අශුද්ධ දෙඅත් ඔහුට නැත. අසමසම පෞර්ෂයකින් යුතු දුන් පොරොන්දුවක් එලෙසම ඉටුකරන පරිපාලන අංශයේ අවුරුදු 40 පලපුරුද්දක් ඇති ඇති ආදර්ශමත් පුද්ගලයෙකු නිසාය. අප රටට සුබ අනාගතයක් අවශ්‍යයය එයට සුදුසුම පුද්ගලයා ඔහුය. කියමනට පමණක් සුබ අනාගතයක් අපට අද අවශ්‍ය නැත. අපට ආදර්ශය උතුම් වේ. මෙම අප්‍රසන්න දේශපාලනයේ නිමාව අප ඉතා ඉක්මනින් අත්විදිනු නියතය. එතෙක් අප ඉතා ඕනැකමින් බලා සිටී.