hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව යාපනය ප්‍රදේශවාසීහු පවසති.

    ප්‍රදේශවාසීන් පැවසුවේ කිසියම් පිරිසක් විසින් යාපනය බස්නැවතුම්පොළ මංසන්ධියේදි කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් සිටුවා ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

    මේ පිළිබඳව සොයා බැලීමට දෙමළ ජාතික මහජන පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පැමිණි බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

    පසුගිය 13 වැනිදා අලුයම පැමිණි පිරිසක් මෙම කොඩි කණුව සිටුවා ඇතැයි සැක කරන බවට ඔවුන් වැඩිදුරටත් පැවසීය.