Smartphone Displays, Touchscreens ගැන ඉගෙන ගනිමු

Glass Killerz

Member
Jan 5, 2016
171
52
0
Smartphone Displays, Touchscreens ගැන ඉගෙන ගනිමු

Smartphone Displays, Touchscreens ගැන ඉගෙන ගනිමු


මේ වනවිට smartphone බොහෝ දෙනා අත තිබෙන සුලභ දෙයක් වෙලා. වෙළඳපොලේ විවිධ මිල ගනන් යටතේ විවිධ වෙළඳ නාමයන් වලින් බොහෝ smartphone දැක ගන්නට තිබෙනවා. Smartphone එකක් මිලදී ගැනීමට පෙර එහි processing power එක වගේම අවධානයක් යොමු කල යුතු දෙයක් තමයි ඒකෙ display, touchscreen යන දෙක. මෙහිදී අප විවිධ smartphone display, touchscreen වර්ග හා ඒවායෙ හොඳ නරක සොයා බලමු.
super-amoled-technical-details.jpg

TFT LCD Display

TFT කියන්නෙ Thin Film Transistor කියන එක. මේ වර්ගයේ display තමයි දැනට බහුලවම භාවිතා වෙන්නෙ. එය ලබාදෙන රූප වල ගුණාත්මක බව ඉහලයි. නමුත් අප තිරය දෙස පැත්තක සිට නරඹනවිට අපට තිරය දර්ශනය වෙන්නෙ ටිකක් අඩුවෙන්. ඒ වගේම හිරු එලියෙදිත් මේකෙ පැහැදිලිව දිස් වෙන්නෙ නැතුව යනව. ඊට අමතරව ටිකක් විශාල TFT display වලට ටිකක් වැඩි විදුලියක් වැය වෙනවා. ඒ නිසා බැටරිය ටිකක් ඉක්මනින් බහිනව. TFT display නිපදවීමට වැඩි වියදමක් නොයන නිසා මේවා වැඩිපුරම මිලෙන් අඩු smartphone වල දක්නට ලැබෙනවා.

IPS-LCD Display

IPS කියන්නෙ In-Place Switching කියන එක. TFT display අතින් බැලුවොත් IPS display ඉතාමත් ඉහල මට්ටමක තියෙනව. එය වැඩි පරාසයකට දිස් වෙන අතර විදුලි පරිභෝජනයත් අඩුයි. ඒ නිසා බැටරියට වැඩි ආයු කාලයක් ලැබෙනව. නමුත් TFT display වලට සාපේක්ෂව මෙය මිලෙන් අධිකයි. මේව තියෙන්නෙ ටිකක් හොඳ smartphone වල. මේවා Apple iPhone 4 වල ඇති අතර Retina Display යනුවෙනුත් මේවා හඳුන්වයි.

Resistive Touchscreen LCD

Touchscreen LCD display වර්ග දෙකක් තියෙනාව. ඒ තමයි Resistive touchscreen සහ Capacitive touchscreen. Resistive touchscreen හෙවත් ප්‍රතිරෝධී touchscreen වල තිරය ඉතා සුලු පරතරයකින් ඇති ස්තර දෙකක් වශයෙන් නිර්මාණය කරල තියෙන්නෙ. Touch එක මත ඇගිල්ල තැබූ විට ස්තර දෙක එකට එකතු වී එම ස්තානයෙන් පරිපථය වැසෙනව. මේ දක්තය CPU එක මගින් හන්දුනාගෙන මෙහෙයුම් පද්ධතිය හරහා තිරයේ එම ස්තානයේ අදාල වෙනස සිදු වෙනව. Resistive touchscreen වල සංවේදීතාවය අඩු අතර මේ වර්ගයේ touchscreen දැන් භාවිතා වෙන්නෙ ඉතාමත් අඩුවෙන්. මිලෙන් අඩු smartphone, Resistive touchscreen වලින් සමන්විත වේ.

Capacitive Touchsceen LCD

Capacitive touchscreen වල තුනී වීදුරු ස්තරයක් මත විනිවිද පෙනෙන සන්නායකයක් ආලේප කරල තියෙනව. අපි තිරය ඇල්ලු විට එහි ස්ථිති විද්‍යුත් ආරෝපනය මත වෙනසක් ඇති කරනව. (ධාරිතාව වෙනස් වෙනව) මේ වෙනස හන්දුනාගෙන phone එක මගින් අදාල වෙනස් කම තිරය මත සිදු කරනව. Capacitive touchscreen වල සංවේදීතාව ඉතා ඉහලයි. මේව මිලෙන් වැඩි smartphone වල භාවිතා කෙරෙනව.

OLED

OLED කියන්නෙ Organic Light Emitting Diode කියන එක. මෙහි කාබනික ස්තරයක් සන්නායක ස්තර දෙකකට මැදි කරල සකසල තියෙනව. (ඇනෝඩය හා කැතෝඩය). මේ සියල්ල තවත් වීදුරු ස්තර දෙකක් මැද්දට කරල තමයි තියෙන්නෙ. ඉලෙක්ට්‍රෝනික ස්පන්දයක් සන්නායක ස්තර දෙක මත ඇති කල විට ඒ දෙක් මැද ඇති කාබනික ස්තරයේ විද්‍යුත් ප්‍රභාව්සම්පන්න ආලෝකයක් හට ගන්නව. මෙහි තීව්‍රතාව ඉලෙක්ට්‍රෝනික ස්පන්දයේ ස්වභාවය මත රඳා පවතිනව. OLED තිර LCD තිර වලට වඩා ගුනාත්මක බවින් ඉතා ඉහලයි. ඊට හීතු වන්නේ එහි සමකල නොහැකි වර්ණ උත්පාදකතාව, ඉතා වේගවත් ප්‍රතිචාරය, ඕනෑම පැත්තකින් බැලුවත් හොඳින් තිරය දිස් වීම, ඉහල තීව්‍රතාවයක් තිබීම හා ඉතාමත් සැහැල්ලු වීමයි.

AMOLED

AMOLED කියන්නෙ Active-Matrix Organic Light-Emitting Diode කියන එක. AMOLED තිර smartphone සඳහා නිකුත් කල OLED තිර වර්ගයක්. AMOLED තිර වල OLED තිර වල තිබෙන සියලුම ගුනාංග පවතී. මෙම display, Nokia N8 වැනි ඉතාමත් ඉහල මට්ටමේ smartphone වල ඇත. Super AMOLED නමින් තවදුරටත් දියුනු කල display එකක් නිර්මාණය කිරීමට Samsung සමාගම සමත් වී ඇති අතර එය Samsung Galaxy S I9000 එකට එකතු කරල තියෙනව. මෙහි touch සංවේදකය display එකටම එකතු කරල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. Super AMOLED හි ප්‍රතිචාරකතාව AMOLED වලට වඩා ඉතා ඉහලයි.

Gorilla Glass

Gorilla Glass විශේෂ alkali-aluminosilicate වීදුරු ආවරනයකින් සමන්විත වන සීරීම් වලට ඔරොත්තු දෙන තිර විශෙෂයක්. මේවා ඉතාමත් ශක්තිමත් වන අතර පිහියකින් සීරීමට තැත් කලත් සීරීමට නොහැකි වේ.

උපුටා ගැනීම: http://widuliya.com/blogs/20
 
Last edited:
  • Like
Reactions: nfs

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මම නම් හිතන්නේ LG G4 එකේ IPS Quantum Display එක AMOLED වලට වඩා හොදයි..බලපන්කො වෙනස..


    le2.jpg
     
    Last edited: