මහ වැස්සේ අම්මාව අධිවේගී මාර්ගයේ දාලා ගිය දියණිය පොලීසයට හසුවේවී යැයි බියට ඒ පිළිබඳව තොරතුරු වසන් කරන "අම්මා"
වැලිගම කපුවත්තේ පදිංචිව සිටියේ යැයි පවසන 89 හැවරදි සිව්දරු වයොවෘද්ධ මවක් මාතර දකෂිණ අධිවේගී මාර්ගයේ නිල්වලා පිවිසුම් අසල සිත් පිත් නැති සිය දියණිය විසින් දමාගොස් ඇත.
ඇය 19 වැනිදා සවස ඇද හැලුන මහ වැස්සෙන් බේරීමට මීටර් 200 ක් පමණ ගොඩගම පන්ථාරාම මාවත දක්වා පැමිණ තිබේ. පසුව ප්‍රදේශවාසින් පොලිස් හදිසි ඇමතුම 119 ට කතාකර මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු මාතර පොලීසියේ නිලධාරීන් පැමිණ ඇය පොලිස් භාරයට ගෙන මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත.
මව පවසන ආකාරයට ඇයට දරුවන් සිවු දෙනෙදකු දිටින බවත් එදින උදෑසන ඇයගේ දියණිය හා බෑනණුවන් වාහනයක නංවාගන පැමිණ මහ මග දමා ගිය බව පවසයි තමාගේ වයස අවුරුදු 89 ක් යැයි ද තම දරුවන් පොලීසියට හසුවන බැවින් දරුවන් පිළිබඳව විස්තර පැවසීම ප්‍රතිෂේප කර තිබේ.
ගුණදහම් සාරධර්ම පිරී ඉතිරී ගිය බෞද්ධ රටක මෙවන් සිදු වීම් අසන්නට ලැබීමත් කණගාටු දායක කාරණයකි.

