දෙපාරක් තුන්පාරක් විතර busbooking.lk එකෙන් bus බුක් කරලා තියෙනවා. (මාතර/කතරගම යන්න) සාමාන්‍යයෙන් පාරේ දුවන බස් එකක සීට් එකක් උඹට වෙන් කරලා දෙන එක තමයි වෙන්නේ. වාසි තමයි.
1. පෝලිමේ ඉන්නේ නැතිව සීට් එකක් වෙන් කරගන්න පුළුවන්
2. payment methods ගොඩක් තියෙනවා (credit card, easy cash etc...)
3. බස් ඒකට මගදී ගොඩවෙන්න පුළුවන්. ඒ කියන්නේ කොටුවෙන් පටන් ගන්න කතරගම බස් එක high level එකේ ඇවිල්ල කොට්ටාවෙන් high-way දානවනම් කිරුලපන හෝ නුගේගොඩදී නගින්න පුළුවන්. (මේ ක්‍රමේ මම ට්‍රයි කරලනම් නෑ. පුළුවන් කියල තමයි උන් කිව්වේ)
හැබැයි website එකේදී තමන්ට කැමති සීට් එකක් තෝරන්න පුළුවන් වුනාට ඒ සීට් එක නම් හම්බවෙන්නේ නෑ. කොන්දාට ඕන විදිහට තමයි වැඩේ වෙන්නේ.