Oopz............

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ක‍්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතය වැලැක්වීමට දැඩි පියවර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය සැරසේ

    ජාතික තහනම් නිවාරණආයතනයක් වෙනම ස්ථාපිත කර ජාතිකමට්ටමෙන් ක‍්‍රීඩකයින් දැනුවත් කිරීමේ ව්‍යපෘතියක්, තහනම් උත්තේජක භාවිතා කරන ක‍්‍රීඩකයින්ට, ඒ සඳහා යොමුකරන පුහුණුකරුවන්ට හා ක‍්‍රීඩා සංගම්වලටත් දැඩි පියවර ක‍්‍රීඩා අමාත්‍යංශය ක‍්‍රීඩාව සම්බන්ධව ජාත්‍යන්තරව පවතින ප‍්‍රඥප්තිවලට අනුව ක‍්‍රීඩාව පෝෂණය කිරීම සහා තහනම් උත්තේජක භාවිතයට එරෙහිව දැඩි පියවර ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරන බව අවධාරය කරයි. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ තහනම් උත්තේජක භාවිතය සම්න්ධව පාසල් මට්ටමේ සිට ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ක‍්‍රීඩකයින් දැනුවත් කිරීම සඳහා ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පරිභාහිරව ජාතික තහනම් නිවාරණ ආයතනයක් පිහිටුවීමට ක‍්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව පවසයි.

    ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාවන් ශක්තිමත් ලෙඉදිරියට ගෙනයාම සඳහා රජය විශාල උත්සාහයක් ගන්නා අවස්ථාවේ දී ඊට එරෙහිව තහනම් උත්තේජක භාවිතය සිග‍්‍රයෙන් වර්ධනය වීම ක‍්‍රීඩාවේ පැවැත්මට තර්ජනයක් විය හැකි බැවින් පාසල් මට්ටමේ සිට සියලූම ක‍්‍රීඩකයින් නිවැරදී භාවිතා කරන ක‍්‍රීඩකයින්ට මෙන්ම ඒ සදහා යොමුකරන පුහුණුකරුවන් හා ක‍්‍රීඩා සංගම්වලට ද එරෙහිව දැඩි ක‍්‍රීයාමර්ග ගැනීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    ක‍්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් මේ වනවිටත් චක‍්‍රලේඛණ මගින් ක‍්‍රීඩා සංගම් දැනුවත් කර ක‍්‍රීඩකයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, බෙහෙත් ද්‍රව්‍ය, විටමින් හා පෝෂණ ආදේශක ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ලබාගත යුතු බව දැනුම් දී ඇති අතර ඊට පරිභාහිරව බෙහෙත් ද්‍රව්‍යයන් විටමින් හෝ පෝෂණ ආදේශක පිටින් ගනු ලැබුවහොත් ඒ බව වහාම ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයට දැනුම්දිය යුතු බව ද ක‍්‍රීඩකයින් දැනුවත් කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.

    මේ ගැන ඉතිං අවංකෙන්ම ඔයාලට හිතෙන දේත් දාලා යන්න අමතක කරන්න එපා..............