Open Paper Vehicle

aruna47

Well-known member
  • welcome_page_new_01.jpg


    හුගක් අය දන්නේ නැහැ open paper vehicle එකේ සහ නමට පවරපු වාහනයක විස්තර.

    open papers වාහනයක් කියන්නේ වර්තමාන අයිතිකරුගේ නමට තියාගන්නේ නැතිව පෙර අයිති කරුගේන් එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම පිළිබද ප්‍රකාශ පත්‍රය අත්සන් කරගෙන වාහනය පාවිච්චි කිරීම. ලංකාවේ එවැනි දේවල් කරන්නේ දේශීය ආදායම් බදු වලින් නිදහස් වීමට සහ වාහනය පළමු අයිතිකරු ලෙස තබා ගැනීමට.

    මෙහි වාසි වගේම අවාසිද ඇත.

    අවාසි ටික :baffled:

    01. අයිතිකරු කෙනෙකුට විකුණා ඊට පසු ඒ කෙනා තව කෙනෙකුට විකිණීමෙන් පසු ඔහුත් පොත open තබා ගැනීම නිසා පළමු අයිතිකරුට හැකියාවක් තියෙනවා පොත අස්ථාන ගත උනා කියලා අලුත් පොතක් අරන් පොලිසියේ පැමිණිල්ලක් දාලා වාහනේ ගැනීමට හැකියාවක් ඇත. ජිල් මාර්ට් දීපු එව්වා ඇත ගොඩක් ලංකාවේ.

    02. ඔබ අයිතිකරු නම් ඒ වාහනය තමන්ගෙන් මිලදීගත් කෙනා හෝ සෙල්කරුවා විකුණා තව කෙනෙකුට ඔහුත් පොත open තබාගෙන ලොකු ගේමක් දුන් පසු පොලිසිය ඔබව කුදලාගෙන යාම. අනන්තවත් වී ඇත.


    03. පොලිස් අණ නොතකා දාවනය කරලා පොලිසිය හොයන වාහනයක් නම් සොරිම තමා

    වාසි ටික :P

    01. තව කෙනෙකුට විකිණීමේදී පළමු අයිතිකරු වාහනයක් ලෙස විකිනීමට හැක

    02. ආදායම් බදු වලින් උබ 100% නිදහස්. ඔබව සොයන් ඔවුන් එන්නේ නැත. ලියුම් එවන්නේද නැත.


    open papers ගැනීමට පෙර සැලකිලිමත් වියයුතු දෑ.

    01. එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම පත්‍රයේ දිනය සදහන් නොවිය යුතුයි. සදහන් නම් බඩුම තමා.

    02. වාහනයේ අයිතිකරුගෙන් ලියුමක මුද්දරයක් උඩ අත්සන් කරලා ගන්න ඕන වාහන chassi, engine number දාලා ලියුම් එකට වඩා තබා ගන්න

    03. වාහනය අයිතිකරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත් 1 වඩා තබා ගන්න

    04. වාහනයේ අයිතිකරුගේ පවුලේ කෙනෙකු ශාක්ෂි හැටියට පැවරුම් ප්‍රකාශයේ සදහන් කරගන්න.

    05. වාහනයේ අයිතිකරුගේ ජාතික හදුනුපත් අංකය සහ අත්සන පැවරුම් ප්‍රකාශකයෙ සදහන් වෙලා තියෙන්න ඕන. නැත්නම් වාහනයේ අයිතිය ඔබ සතු නැත.

    එම්.ටි.ඒ. 6 මෝටර් වාහනයක අයිතිය පැවරීම් පත්‍රය


    *** වාහනය අයිතිකරුවන් 6 දෙනෙකුට ගිහින් තිබ්බත් වාහනේ හොද නම් ගන්න. මොකද open papers අරගෙන විහින් අමාරුවේ වැටෙන්නේ නැතිව. වාහනේ තමන් පාවිච්චියට නම් ගන්නේ වාහනේ තමන්ගේ නමට ගන්න. අනුන්ගේ නම් වලට තියන්න එපා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තව ඕපන් පේපර්ස් ගන්නවා නම් , පොතේ නම ඇති අයිති කරුගේ නිවරදි අත්සන එම් ටි 6 හි ඇතිදැයි නිවැරදිව සත්‍යක්ෂණය කරගන්න
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වාහනය අයිතිකරුවන් 6 දෙනෙකුට ගිහින් තිබ්බත් වාහනේ හොද නම් ගන්න. මොකද open papers අරගෙන විහින් අමාරුවේ වැටෙන්නේ නැතිව. වාහනේ තමන් පාවිච්චියට නම් ගන්නේ වාහනේ තමන්ගේ නමට ගන්න. අනුන්ගේ නම් වලට තියන්න එපා.

    :yes::cool:
     
    • Like
    Reactions: csstudio

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත



    02. වාහනයේ අයිතිකරුගෙන් ලියුමක මුද්දරයක් උඩ අත්සන් කරලා ගන්න ඕන වාහන chassi, engine number දාලා ලියුම් එකට වඩා තබා ගන්න


    ayi ee?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    ඇයි බන් open තියාගෙන ඉන්නේ බයික් වලට income tax එන්නේ නැහැ. උබේ නමට තියාගනින්. ලක්ෂ 50 උඩ එව්වට එන්නේ :yes:

    ට්‍රාන්ස්ෆර් එකටත් යනවනෙ 3000ක් විතර, පෙට්‍රල් ටික ගහන්නෙත් අමාරුවෙන්
    :dull::dull::dull::rolleyes:
     

    aruna47

    Well-known member

  • ට්‍රාන්ස්ෆර් එකටත් යනවනෙ 3000ක් විතර, පෙට්‍රල් ටික ගහන්නෙත් අමාරුවෙන්
    :dull::dull::dull::rolleyes:

    ඕක අමාරුව නෙමේ බන් අපේ උන් ලැජ්ජයි පරණ මොඩල් එකේ වාහනයක් පදින්න. ex 2010 එකක් පදින එක මදි කමක් වගේ වෙලා අපේ ලංකාවෙත්. ලිටරේට 20 වැඩිය කරද්දී තව මොනාද බන් අමාරුයි කියන්නේ? අපේ එවුන් සෝබනේට ගන්නවා ලොකු ගණන් දීලා බයික්. ඊට පස්සේ මාසේ කන්නේ නැහැ ලෙව කනවා එකයි ඔය ප්‍රශ්නේ :oo:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පොඩි ප්‍රශ්නයක් ලිස් එකක් දල බයික් එකක් අරගත්තම ඒක ලිසිං එකෙ නමට නෙ තියෙන්නෙ ඒක කොච්ච්ර කාලයක් ඇතුලත අපෙ නමට හරව ගන්න ඕනෙද ඒක කරගන්නෙ කොහොමද:rolleyes: