පෙරුම් පුරාගෙන ආ සංසාරේ Oppenheimer බැලුවා අන්තිමෙිදි. පලමු ගාලු මුවදොර පිහිටි PVR හොල් එකේ තමා බැලුවේ.
මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මේකට ඔස්කාර් දෙන්නම වෙනවා. නොලන් රසිකයෙක් නම් මේක නොබලාම බැ.
ඒ වගේම කියන්නම අවශ්‍යයි මෙක ලැපක,
අගල් ගානේ ටිවි එකක බලන්න හදපු ෆිලුමක් නෙවෙයි, ගෝෂකාරි වටපිටාවක බලන්න හදපු ෆිලුමකුත් නෙවෙයි. මේක හෝල් වල බලන්න හදපු එකක්. ඒ නිසා කවදාවත් ලැපක බැලුවා කියලා මේක ඔයාට ෆිල් වෙන එකක් නැ. දහක් දෙදහක් දිලා හරි ගිහින් බලන්න වටිනවා.
සිනමාත්මක පැත්තෙන් නොලන් කතාව ලස්සනට ගෙනියනවා. නොලා සුපුරුදු පරිදි ටයිම්ලයින් ගේම ලස්සනට හැන්ඩ්ල් කරනවා. මර්ෆි පුතාට ඔස්කාවක් ලැබෙයි. යුද්ධයක් නැති යුද්ධ චිත්‍රපටක් හදපු එකම විජ්ජාවක්. ජපානයට බෝම්බ දාපු එක ගැන ඔබේ තිබ්බ මත පොලිෂ් කරයි.
නමුත්
මේ චිත්‍රපටය හරිම වේගවත්. කාලයත් දිගයි. ඩයලොග්ස් සැහෙන ප්‍රමාණයක් තියනවා වගේම භාෂාව බරයි. අවාසනාවට සබ් නැති නිසා, ඉතාම හොදින් දෙන්න වෙනවා. ඉතාම වැදගත් ස්පිච් තියනවා. කතාවට කන්සන්ට්‍රේට් නැත්තම් මිස් වෙනවා. ඇතැමෙක්ට කතාව රසවිදින්න භාෂාව හරස් වෙන්න පුලුවන් කියලා හිතෙනවා.

කතාවේ දිගත් සමග අවධානය මිදුනත් නැවත බාධකයක් එනවා.
නැවත කියන්නේ ඔබ සිනමා පිස්සෙක් නම් සිනමාහලකම බැලිය යුතුයි.
@Stimulus mind @Anathai