OPPO ලංකාවට – OPPO ගැන ඔබ දැනගතයුතු දේ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    OPPO ලංකාවට – OPPO ගැන ඔබ දැනගතයුතු දේ

    OPPO ලංකාවට – OPPO ගැන ඔබ දැනගතයුතු දේ


    OPPO (ඕපෝ) කියන්නේ ලංකාව තුල ඒතරම් ප්‍රචලිත නැති ජංගම දුරකථන නිෂ්පාදකයෙක්. ඒත් OPPO චීනයේ නම් මුල් තැන දිනාගෙන ඉන්න ජංගම දුරකථන මාදිලියක්. වසර 10කට අධීක කාලයක් විවිධ තාක්ෂණික නිර්මාන ලොවට හඳුන්වා දුන් OPPO දැන් ලංකාවට ඇවිත්.

    OPPO N3 ජංගම දුරකථනය ලෝකයේ බොහෝදෙනෙක් අතරේ වැඩි අවධානයක් දිනාගත්ත ජංගම දුරකථනයක්. කරකවා වෙනස් කල හැකි සුපිරි කැමරාවක් ඇති මේ ජංගම දුරකථනය ගැන දන්නේ නැත්නම් මේ වීඩියෝව බලලා ඉන්න.


    මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජංගම දුරකථනය බවට පත්වූයේත් OPPO ජංගම දුරකථනයක් වන OPPO R5 දුරකථනයයි.

    OnePlus කියන්නේ OPPO සමාගමේ අනුසමාගමක්. ඒ වගේම OPPO ජංගම දුරකතනත් බොහෝමයක් OnePlus One වගේ හොඳ තත්වයේ ඒවා. හැබැයි OPPO සමාගම වැඩකරන්නේ OnePlus වගේ නෙවෙයි. චීන සහ ආසියානු කලාපයේ ජංගම දුරකථන වෙළඳපල තුල තිබෙන iPhone සමඟ තරඟයටයි OPPO සිය කටයුතු මෙහෙයවන්නේ.


    Oppo-R7.jpg


    OPPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන්නේ OPPO N3, OPPO Joy Plus සහ OPPO Neo 5 කියන ජංගම දුරකථනයි.

    ලංකාවට තවමත් අලුත් OPPO සමාගමේ සේවය කරන්න ඔයාල කැමතිනම් මෙතැනින් ඒ තොරතුරු ලබාගන්න පුළුවන්.








    source:techgurulk​
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Good Phone,

    Oya wagema Tamai LAVA mobile lagadi lankawe Launch kala, John Keels Tamai Agent. :):)

    unge thiyanawa X8q kiyala phone ekak balapan a ganata patta watinawaa, one nam kiyapan aduwata set karala dennam