Oru Adaar Love (2019) | අරුම පුදුම ආදරයක් !

Oru Adaar Love (2019) | අරුම පුදුම ආදරයක් !

Oru Adaar Love (2019) | අරුම පුදුම ආදරයක්!


upload pic

හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ
2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා
අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා සෑහෙන්න වයිරල් වෙනවා. ඊට පස්සෙ ඒ දර්ශනයට නඩුවක්
පවා ෆයිල් වෙනව. අන්තිමේදී උසාවියෙන් කියන්නේ සිනමාපට හදන පිරිස සිනමාපට හදාවි ආගමික
නායකයින් තමන්ගේ ආගමික ස්ථාන වලට වෙලා තමන්ගේ ආගමට අදාළ දේවල් කරගන්න කියල 😀 ප්‍රධාන
කාන්තා චරිතය රඟපාන Priya Warrier මේකේ පලවෙනි සින්දුව රිලීස් කරලා සතියක් යනකොට
අන්තර්ජාලයේ වැඩියෙන්ම සර්ච් කරපු ප්‍රසිද්ධ චරිතය බවට පත්වෙනව. ඔය දේවල් නිසාවෙන් අධක්ෂක
Omar තමන්ගේ තිර පිටපත කිහිප වතාවක්ම වෙනස් කරනවා. මුලින්ම මේ ඉස්කෝල කෙල්ලයි කොල්ලයි ෆිල්ම්
එකේ සුළු චරිත දෙකකට හිටිය කියල තමයි කියන්නෙ. අර වීඩියෝ එක වයිරල් උනාට පස්සෙ, ප්‍රධාන
නළුවවයි නිලියවයි අයින් කරලා මේ පොඩි කොල්ලවයි කෙල්ලවයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරවල
අලුතෙන්ම කතාව ලිව්වා කියල අන්තර්ජාලයේ තියෙනව. ඔන්න ඊට පස්සෙ ඒ කතාව රුගත කරල ෆිල්ම් එක
තිරගත කරන පලවෙනි දවසෙම ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර වැඩිය හොඳ පැත්තට ලැබෙන්නේ නැහැ.
ඔන්න ඒ නිසා ආයේ ඒ කතාව එඩිට් කරලා කපල කොටලා ආයේ වෙනස් කරනවා. ඊට පස්සෙ ආයේ ඒක
තිරගත කරනව. අන්න ඒ තිරගත කරපු කතාව තමයි මේ තියෙන්නෙ. ඉතිං Omar ගෙ අධ්‍යක්ෂණයෙන්,
Priya Prakash Varrier සහ Roshan Abdul Rahoof ගෙ ප්‍රධාන රංගනයෙන් හැඩවුන මේ
යොවුන් ප්‍රේමය තේමා කොටගත්ත සිනමාපටය IMDB 6.6ක අගයක් ලබාගන්නවා.

කතාව පටන් ගන්නේ උසස්පෙළ පන්තියෙන්. එදා තමා රෝෂන් මුලින්ම ප්‍රියාව දකින්නෙ. ඒක ඇවිල්ල දුටු
සැනින් ඇතිවෙන ආදරයක්. ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ යොවුන් පාසල් සිසුන් පිරිසක් තුල සිද්දවෙන සිදුවීම්
දාමයක් ගැන කතාවක්. අපි වැඩි දෙනෙක්ට පාසල් ප්‍රේමය කියන
එක සුළුවට හරි තියෙනවනේ. ඉතිං සමහරවිඅට මේකෙන් ඒ මතකයන් සෑහෙන්න ඇවිස්සෙන්න පුළුවන්. ෆිල්ම්
එක පුරාවටම ඒ මතකයන් සිහි ගන්වමින් බලන්නත් පුළුවන් වෙයි බොහොම සැහැල්ලුවෙන්.

Source Baiscope

-


upload pic


upload pic




| DVDRip - 250MB - x264 - MP3 |

| DVDRip - 400MB - x264 - MP3 |

| DVDRip - 700MB - x264 - 1CD - MP3 |

| DVDRip - 720p - x264 - DD5.1 (224Kbps) - 1.4GB - ESub |

 
Last edited: