Otara, Odel විකුණා දමයි..

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    apoO thopilata hariyata sinhalawath bahane.menna vistara athiwa thiyanawa news eka
    පසුගියදා ස්වකිය 50 වැනි උපන් දිනය සැමරු ඔඩේල් නිර්මාර්තෘ ඔටාරා ඩේල් ගුණවර්ධන (මිලියන 39.4 ක්) , ඇයගේ සොහොයුරු ජෝන් කීල්ස් උප සභාපති අජිත් ගුණවර්ධන(මිලියන 80.8 ක්) සහ ඇයගේ පියා වු හර්බට් ගුණවර්ධන (කොටස් මිලියනයක්)සතුව තිබු ODEL PLC(ODEL.N0000) හි සියයට 45.16 ක අයිතිය අද රුපියල් බිලියන 2.6 කට Softlogic Holdings PLC හා එහි ඇඟළුම් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි ජාලය වන Softlogic Retail (Pvt) Ltd විසින් මිලදි ගත් බව සෝෆ්ටිලොජික් ප්‍රධානි අශෝක් පතිරගේ රන්දොරට කීය.මේ අනුව අදාල Softlogic සමාගම් දෙක මෙහි කොටස් මිලියන 61.4 ක් හෙවත් සියයට 22.58 ක හිමිකම බැගින් දැන් දරන බව සදහන්ය.
    මේ පුවත අප මුලින්ම රටට කිවිවේ අපගේ ඉංග්‍රීසි කෙටි පණිවිඩ සේවාව ඔස්සේය.එය සක්‍රිය කරන්න ඔබේ ඩයලොග් දුරකතනයෙන් REG randora ලෙස ටයිප් කර 77100 ට SMS කරන්න.


    මේ සම්බන්ධයෙන් අනිවාර්ය අර්පණයක්ද නිකුත් කිරිමට කටයුතු කරන බවත් ඉදිරියේදි සෝෆ්ටිලෝජික් හි සිල්ලර වෙළෙඳ අංශයේ ඇඟළුම් හා අනිකුත් දෑ අලෙවි කරන ප්‍රමුඛ ආයතනයක් බවට ඔඩේල් පත් කරන බවද හෙතෙම කීය.

    මෙහි දැන් සියයට 47.46 ක හිමිකම ඇති මැලේසියාවේ Parkson Retail Asia Limited ප්‍රමුඛව සෙසු කොටස් කරුවන් එා සාකච්ඡා කර මෙහි පාලන බලය ලබා ගැනිමට තමා කටයුතු කරන බවද පතිරගේ මහතා කීය.නමුත් විශ්ලේෂකයින් බලා සිටින්නේ අද ඔහු කොටස් මිලදි ගත් රුපියල් 22 ක කොටසක මිලට වඩා අධික මිලක් ඔහු සෙසු කොටස් මිලදි ගැනිම වෙනුවෙන් ගෙවිමට සුදනම්ද යන්නයි.

    කොටසක් රුපියල් 21.80/22 බැගින් කොටස් මිලියන 121.2 ක් අද මෙසේ ගුණවර්ධන පාර්ශ්ව විසින් විකුණා ඇත.කොළඹ පුරහල ප්‍රදේශයේ වසර 99 ක කල්බදු පහසුකම් යටතේ රජයෙන් ලබා ගත් ඉඩම මෙම සමාගම සතු මුඛ්‍යතම වත්කම වේ.කොළඹ ටවුන්හෝල් ඇලෙක්ස්සැන්ඩ්‍රා ප්‍රදේශ මෙම සාප්පු සංකිර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කටද සමාගම පසුගියදා අත්පත් කර ගත්තේය.

    “Softlogic Max” සන්නම ඉහළ වියදම් රටාවක් ඇති අයටද “Softlogic” සෙසු බහුතර ප්‍රජාව වෙනුවෙන්ද සොෆ්ටිලොජික් ස්වකිය සිල්ලර වෙළෙඳ අංශය මෙහෙවන අතර ඔඩේල් ආගමනයෙන් පසු “Softlogic Max” සන්නම හා සැබැදි භාණ්ඩ එහි ප්‍රමුඛ අංගයක් වනු ඇති බව විශ්ලේෂක අංශ කියයි.


    Mango, Nike, Giordano, DKNY, Levis, සහ Charles & Keith යන සන්නම් වලින් නිම් ඇදුම් විෂයෙහි සමාගම පෙරමුණේ වේ.

    ඔඩේල් වලට සමුදුන් සුපිරි ඔටාරා මින් ඉදිරියට ස්වකිය සත්ව සුභ සාධන අංශයෙන් දිවි මඟ ගෙන යාමට සැරසෙන බව සදහන්ය.

    අද මෙම ගනු-දෙනුව සිදු විමට පෙර ඔඩේල් හි කොටස් හිමිකම බෙදි ගොස් තිබුණේ මෙසේය.​

    odel.png
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔටාරා මැඩම් මොකක් හරි අළුත් වැඩක් පටන් ගන්න යන්නෙ එහෙනම්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    හෆ්ෆා කොහොමද දන් නැ පොඩිවට පටන්ගෙන ඔය තැනට ගෙනල්ලා විකුනන්ඩ හිත හදා ගන්නේ :confused: