ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දියුණුව උදෙසා අතිගරු ජනාධිපතිතුමන්ගේ සෘජු මගපෙන්වීම යටතේ ඉදිරියේදී ගන්නා පියවරක් වශයෙන් ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමන්ගේ හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංගම ගරු සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ උපදෙස් පරිදි අනෙකුත් නිළධාරීන්ගේ මග පෙන්විම යටතේ Park & Ride අධි සුඛෝපභෝගී බස් රථ සේවාව City Bus නමින්, 2021 ජනවාරි මස පලමුවනදා සිට ආරම්භ කිරීම සදහා සියල්ල සුදානම් කර ඇත.
ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස ගමන් මාර්ග දෙකක් යටතේ මා කුඹුර - කොළඹ දක්වා මෙම බස් රථ ධාවනය කරවීම අදහස් කරන හෙයින් එනම්....
ධාවන මාර්ගය 01
මා කුඹුර - කොට්ටාව - පන්නිපිටිය - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - පිටකොටුව - ගාමිණි හෝල් - පුරහල - නුගේගොඩ - කොට්ටාව - මා කුඹුර
ධාවන මාර්ගය 02
මා කුඹුර - මහරගම - නුගේගොඩ - නාවල - නාරාහේන්පිට - ටොරින්ටන් - පුරහල - කොම්පඤ්ඤ වීදිය - ගාලුමුවදොර - බම්බලපිටිය - තුම්මුල්ල - කිරුලපන - මාකුඹුර
ලෙසින් ප්‍රධාන මාර්ග සියල්ලම ආවරණය කරනු ලබයි.
මේ සදහා පළමු අදියර යටතේ AC බස් රථ 25 ක් යොදවන අතර Park & Ride ක්‍රමය හරහා බලාපොරොත්තු වන්නේ වාහන සහ යතුරුපැදි වලින් ගමන් කරන පුද්ගලයින් තම වාහන අදාළ වාහන නැවැත්වීමේ ස්ථානවල නවතා බස් සේවා භාවිතා කර කොළඹට පැමිණෙනු ඇති බවයි. තම පුද්ගලික වාහන නැවත්වීම සදහා මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානය ,නාවින්න බස් නැවතුම, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පරිශ්‍රය,තලංගම ඩිපෝ පරිශ්‍රය ,බැස්ටියන් මාවතෙහි බස් පර්යන්තය යන ස්ථානවල පහසුකම් සලසා ඇත. කාර්යාල සේවා සදහා වැඩි අවදානයක් යොමු කර ඇති අතර සෑම දිනකම උදේ 6:00 ට බස් සේවාව ආරම්භ වන අතර උදේ 9.00 දක්වා උපරිම වේලාවන්හිදී සෑම විනාඩි 10 කට වරක් බස් රථ ක්‍රියාත්මක වේ. දිවා කාලයේදී සෑම විනාඩි 30 කට වරක් බස් රථ ධාවනය වන අතර සවස් යාමයේ කාර්යබහුල වේලාවන් කරා නැවත වරක් සේවයේ වාර ගණන සවස 4 සිට ඉහළ යනු ඇත. සවස 4:00 න් පසු සෑම විනාඩි 10 කට වරක් බස් රථ ධාවනය වන අතර අවසන් බස් රථය උදේ 7: 45 ට මාකුම්බුරා බහුමාධ්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතය.