Patrick Denipitiya passed away

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    676309785parick-denipitiya2.jpg


    “ඉවුරු තලා”, “මා නිසා ඔබ නොපිරු පෙරුම්”, “පුළුන් වගේ සුදු රැවුල දිගයි”, “සිසිල් සුළං පාවී” ඇතුළු ගීත රැසකට තනු නිර්මාණයෙන් දායක වූ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ පැට්‍රික් දෙනිපිටිය මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

    ඔහු කලක සිට කැනඩ‍ාවේ පදිංචි වී සිටින අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

    ජනප්‍රිය නත්තල් ගීත රැසකට ද තනු නිර්මාණයෙන් දායක වූ පැට්‍රික් දෙනිපිටිය මහතා කරුණාරත්න අබේසේකර මහතා හා එක්ව ගීත රැසකට තනු නිර්මාණයෙන් දායක වී ඇත.

    ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු ලෙස පැට්‍රික් දෙනිපිටිය මහතා සැලකෙයි.

    ඔහු පුතණුවන් දෙදෙනෙකුගේ හා දියණියකගේ පියෙකු ද වන බව සඳහන්ය.

    src : Do not spam

    එතුමාට නිවන්සුව පතමි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලේ කාලේ ප්‍රසිද්ධ කෙනෙක්... දැන් නම් කවුරුවත් දන්නේ නෑ... මහේශ දෙනිපිටිය මෙයාගෙ පුතා...
    නිවන් සුව...