PayPal ලඟදීම ලංකාවට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    paypal-logo.png



    PayPal අන්තර්ජාල බැංකුසේවාව ලංකාවට ලබාදීම සදහා වර්තමාන රජයෙහි පූර්ණ අවධානය යොමුවී ඇත. පසුගිය දිනක ලංකාපුත්‍ර බැංකුවෙහි සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සමග තරුණ පිරිසක් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී සකච්ඡාවට බදුන්වු බව ලංකාපුත්‍ර බැංකුවෙහි සාමාන්‍යඅධිකාරී අජන්ත රත්නායක මහතා ප්‍රකාශකරයි.
    PayPal යනු අන්තර්ජාතිකව මිලියන ගණනාවක් භාවිතා කරන Online ගෙවීමේ ක්‍රමයකි. මෙය අතිශයින් පහසු සහ විශ්වාසනීය ගෙවීම් ක්‍රමයක් වේ.


    අපේ රටේ සිට PayPal මාර්ගයෙන් වෙනත් රටක සිටින කෙනකුට මුදල් යැවිය හැකි වුවද වෙනත් රටක සිට එවන මුදල් ලබා ගත නොහැකිය.


    මේ පහසුකම ලබා දෙන්නැයි බොහෝ කාලයක් තිස්සේ දේශීය මෘදුකාංග නිමැවුම්කරුවන් ඇතුළු අපනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ. එයට හේතුවක් නම් සුළු අගයන් සඳහා වන ගෙවීම් පිණිස PayPal හොඳ මාර්ගයක් වීමය.


    නිදසුනක් හැටියට විදේශිකයකුට වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික්ස් නිර්මාණය කර ගෙන දේශීය තරුණයෙක් එයට ඩොලර් 200 ක ගෙවීමක් ඉල්ලන විට විදේශිකයා ඒ පිණිස බැංකුවකට ගොස් කාලයක් වැය කරන්නට සූදානම් නැත. ඒ නිසා PayPal වැනි සේවාවක් තිබීම අත්‍යාවශ්‍ය වේ.
    ලංකාවට PayPal පහසුකම ලබාගැනීම සම්බන්ධයෙන් පැවති සන්ධාන ආණ්ඩුව විසින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් අන්තර්ජාලයේ දැකිය හැකිය. පැවති රජය දිගින් දිගටම පැවසුවේ PayPal පහසුකම ලබා ගැනීම පිණිස කටයුතු කරමින් පවතින බවය. ඒ කටයුතු දේශීය බැංකුවකට පවරා ඇති බවද ඔවුන් තවදුරටත් පැවසීමට යෙදුනි.


    තවත් සමහරක් නිවේදන වල දැක්වෙන්නේ දේශීය බැංකු හතරක් ඒ පිණිස වෙහෙසෙන බවය. වසර ගණනාවක් තිස්සේ, මේ හැම අවස්ථාවකදීම පැවති රජය නිවේදන නිකුත් කළේ PayPal පහසුකම ශ්‍රී-ලංකාවට අද හෙටම ලැඛෙන ආකාරයටය. එහෙත් අද වන විටත් එය ලැබී නැති බව සියළු දෙනා දනිති.


    එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත් වූ අවස්ථාවේ සිට මේ ඉල්ලීම නොයෙක් වර අසන්නට ලැබුණේය. මේ පිළිබඳව සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුණේ මාධ්‍ය ඉදිරියේ කයිවාරු ගැසුවා විනා පැවති සන්ධාන රජය ලංකාවට PayPal පහසුකම ලබා දෙන්නට කිසිම දෙයක් සිදුකර නොමැති බවයි.


    රටකට PayPal පහසුකම ලබා ගැනීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය.

    1. එරට එක වාණිජ බැංකුවක් හෝ PayPal විසින් ගනුදෙනු කිරීම පිණිස හඳුනාගෙන තිබීම.
    2. එරට බල පවත්වන මූල්‍ය රෙගුලාසි PayPal ගනුදෙනු වලට බාධාවක් නොවීම.
    පැවති රජය කථා කළේ මේ පළමු කාරණය ගැන පමණකි. එහෙත් තමන්ට වෙනස් කරන්නට හැකිව තිබුණු එහෙත් මේ දීර්ඝ කාලය තිස්සේ නොකළ මූල්‍ය රෙගුලාසි වෙනස් කිරීම ගැන පැවති සන්ධාන ආණ්ඩුව වචනයක් හෝ කතා නොකළේය


    ශ්‍රී ලංකාවේ බල පවත්වන නීති අනුව Online එන මුදලක් ගණුදෙනුකරුවෙකු වෙනුවෙන් භාර ගැනීම පිණිස වාණිජ බැංකුවකට නීතිමය ප්‍රතිපාදන නොමැත. PayPal ලංකාවේදී සක්‍රිය වීමට නම් අදාළ නීති හා රෙගුලාසි වෙනස් විය යුතුය. අපට PayPal මඟින් මුදල් ලබා ගත නොහැකි වන්නේ මේ හේතුව නිසාය. දෙවන අවශ්‍යතාවය සපුරා තිබීම පළමු අවශ්‍යතාවය සැපිරීමට අත්‍යාවශ්‍ය කරුණක් වේ.


    වත්මන් රජයේ මුල් දින 180 ක කාලය තුළ අපට මෙය කළ නොහැකි වූ බවත්, ඒ කාලය මඳවීම නිසා හා වෙනත් ප්‍රමුඛතා තිබුණු හෙයින් බවත් වාර්ථා වන අතර කෙසේ වුවද අගෝස්තු 17 වැනිදා නව රජය බලයට පත්වූ වහාම ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් ලෙස PayPal පහසුකම ශ්‍රී-ලංකාවට ලබා ගැනීම මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ද වාර්ථා වේ.

     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    Chanda poronduwak witarak nowewa............puluwan taram thread damu paypal illala
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    කොයි කාලෙක ඉදලද්ද බන් ඕක කියන්නේ එන කම් sure නෑ