මම ත්‍රෙඩ් එකක් දැම්ම පේරාදෙණියේ ඩෙන්ටල් හොස්පිටල් එක ගැන අහල. හරි උත්තරයක් ගන්න බැරි උනත් මම ගියා උදෙන් ම. 6 යි යද්දී. පෝලිමට සෙට් උනා. 7.15 ට නොම්මර දුන්න. කලින් ගිය කට්ටිය බංකු වල වාඩි වෙලා හිටිය.
නොම්මර දුන්නට පස්සේ 7.30 ට විතර ඩොක්ටර්ස් ල ගාවට යවන්න පටන් ගත්ත. කියන සන්තෝසයි හරිම හොඳින් කතා කරනවා. කියන දේට ඇහුම්කන් දෙනවා.
මට කිව්වා එක්ස් රේ එකක් ගේන්න කියල. වැඩි වෙලා ගියේ නෑ ඒකත් ගත්ත. පිටින් නෙවෙයි එහෙ තියනවා. නොමිලේ.
ඒක අරන් ඩොක්ටර් ට පෙන්නුවහම මාව යැව්වා රෙස්ටෝරේටිව් ඩෙන්ටිස්ට්‍රි කාමරේට. 8 කාමරේ. ඒකෙදි මාව බලල ලොකු ඩොක්ටර් ඒ කියන්නේ පුහුණු වෙන කට්ටියගේ ගුරුවරයා, විශේෂඥ වෛද්‍ය (ගොඩක් හොඳින් කතා කරා එයත්. අනිත් අයත් එහෙමයි) කිව්වා මේකයි කරන්න ඕන කියල, ඒක බාර දුන්න එක ඩොක්ටර් කෙනෙකුට. එතන ඉඳන් එයයි මමයි කතා කරගෙන දෙන්නටම පහසු වෙලාවට ගිහින් ඒක කරගන්න ඕන. බ්‍රිජ් එකක් ක්‍රවුන් එකක් වගේ දානවා නම් ඒකට ගෙවන්න ඕන. පිටින් 30ක්-60ක් කියන වැඩේට යන්නේ 8000- 12000 අතරේ.
අවංකවම ලොකු සේවයක් කරන්නේ.
මෙන්න මේ ටිකත් කියන්න ඕන. පෝලිමේ ඉඳල නොම්මර දෙන්න ඔන්න මෙන්න කියල මුස්ලිම් ගෑනියෙක් ඇවිත් මැදින් හිට ගත්ත. අනිත් කට්ටිය බනිද්දි ඇහුනේ නෑ වගේ හිටිය. එයාට නොම්මරේ දෙන්න හදද්දිම පස්සෙන් හිටපු මුස්ලිම් මහත්තයෙක් ඉස්සරහට ඇවිත් නර්ස් ට කිව්වා මෙයාට දෙන්න එපා මැදින් පැන්නේ කියල. පස්සේ එයාට දුන්නේ නෑ හැරිලා යන්න ගියා.
8 කාමරේට මම ගියහම එතන හිටපු ගෑනු ළමයා කිව්වා හෙට ඇවිත් නොම්මරයක් ගන්න කියල. මම කිව්වා මේක අදම පෙන්නන්න කිව්වා කියල. එතකොට නොම්මරයක් දුන්න. මම හිතන්නේ කට්ටිය එක ගානක් යවන්නේ දවසට.
මේක කිව්වේ අනිත් කට්ටියටත් දැනගන්න.

ආ...තව දෙයක් සතියෙ දවස් 5ම එයාලා වැඩද