Perianal Abscess පුවක් ගෙඩි අප්පු
අද කියන්න හදන්නෙ පස්ස පැත්තෙ එන සැරව ගෙඩි ගැන Perianal Abscess
Abscess එකක් නැත්තම් සැරව ගෙඩියක් කියන්නෙ ඉංගිරිස් වලින් අපි කියන්නෙ a local collection of pus ඒ කියන්නෙ සැරව පිරුණ කුටීරයක් සැරව කියන්නෙ විශබීජ ඒව නසන්න ආපු අපේ සුදුරුධිරාණු මැරුණු සෛල වගේ කුණු ගොඩක්.ඉතිං මෙහෙම එව්ව එකක් පශ්චාත් භාගයේ ආවාම අපි Perianal Abscess එකක් කියල කියනව
මේවත් එන තැන අනුව විවිධ වෙනව.ගොඩක් වෙලාවට හම මතුපිට ගුදය අවට නැත්තම් තට්ටම් ආශ්‍රිත විසර ගෙඩියක් perianal කියාගෙන තමයි එන්නෙ .ඊට අමතරව අපේ ගුදමාර්ගයේ චක්‍ර පිධාන අතර එන වර්ගය interspincteric or submucosal කියල හඳුන්වනව,ඊළඟ වර්ගය චක්‍ර පිධාන වලට පිටතින්
Ishiorectal Abscess කියල එන වර්ගය .අන්තිම එක අපේ ශ්‍රෝණි කුහරයේ එන pelvic Abscess
රෝග ලක්ෂණ
1.පස්ස පැත්තේ වේදනාව දෙන ගෙඩියක්
2.සැරව ගලන තුවාලයක් මේක හැදෙන්නෙ ගෙඩිය පුපුරල
3.උණ ගතිය ,ඇඟට පන නැති ගතිය
අර මුලින් සඳහන් කල වර්ග වලින් දෙවනි වර්ගය තමා ගොඩක් අමාරු මේව ගුදමාර්ගයේ ඇතුලට වෙන්න එන නෙරුමක් වගේ ඇඟිල්ල්ට අහු වෙනව ..ලෙඩ්ඩු හූ තියාගෙන තමයි එන්නෙ,ඉහත දක්වපු රෝග ලක්ෂණ ගොඩක් එන්නෙත් මේ වර්ගයේ ගෙඩි වලට.
හේතු මොනවද
අපේ ගුදමාර්ගයේ තියෙනව පුංචි ග්‍රන්ති විශාල ප්‍රමාණයක් මේ ග්‍රන්තියක් ආසාදනය වීම තමයි ගොඩක් වෙලාවට හේතුව වෙන්නෙ
ඊට අමතරව අපි මුලින් කතා කරපු ෆිශර් එකක් ආසාදනය වෙලා සැරව ගෙඩියක් වෙන්න පුලුවන්
ලිංගාශ්‍රිත රෝග,Corhns Disease වගේ රෝග නිසා
ගුද සංසර්ගය (receptive partner)
ප්‍රතිකාර
මේකටත් ඖෂධමය ,චර්‍යාමය සහ ශල්‍ය ප්‍රතිකාර තියෙනව
මුලින්ම රෝග ලක්ෂණ වලට බේත් දෙනව වේදනා නාශක ,ඉතා හොඳ ප්‍රතිජීවක ඖෂධ ,විටමින් ආදී වශයෙන්
චර්‍යාමය කියන්නෙ අපේ බඩ චාටර් කරගන්නෙ නැතුව වේලගන්නෙ නැතුව තියාගන්න ඕන ඒ ගැන මුලින් කීව
දියවැඩියාව වගෙ ලෙඩ තියෙන අය මේවට ගොදුරු වෙන අවදානම වැඩි ඒ නිසා ඒ රෝග හරියට පාලනය වැදගත්
ගුදමාර්ගයේ තුවාල කරගන්න එපා සමහරු බඩ වේලුනාම ඇගිලි ගහනව මේ නිසා තුවාල එන්න පුලුවන් ගුද සංසර්ගය නිසා වෙන්නෙත් ඒක කක්ක කියන්නෙ විශබීජ ගොඩක් ඒව ගෑවුන ගමන් මේ තුවාල ආසාදනය වෙනව සිට්ස් බාත් මේකෙදිත් කරන්න පුලුවන්
ශල්‍ය ප්‍රතිකාර වශයෙන් මේ ගෙඩි පලල සැරව ඉවත් කරන එක තමයි කරන්නෙ ඉනෙන් පහල හිරි වට්ටල හොඳට බලල සැත්කම කරන්නෙ.ඔය හරියෙ එන සැරව ගෙඩිවල සැරව නම් පුදුම ගඳක් තියෙන්නෙ
ඒ තුවාලෙ හොඳට පිරිසිදුව තියාගන්න ඕන ද්වසගානෙ සතියක් විතර බේත් දාන්න වෙනව ..තිබුණු අය දන්නව ඇති වලක් වගේ එකක් එනව ඔපරේෂන් කලාම මේක බේත් දානකොට බෙටඩීන් වගේ විශබීජ නාශක පොඟවපු ගෝස් කෑල්ලක් ඔබල තියන්න ඕන නැත්තම් තුවාලෙ පිටින් හා වෙලා ඇතුලෙන් ආයෙ පැසවනව.හරියට බේත් කලොත් නිට්ටාවටම සුව කරන්න පුලුවන්.
එහෙම හොඳ නොවෙන ඒවා තව දුරටත් පරීක්ෂා කරල බලනව පස්සෙන් කැමරාවක් දාල එන්ඩොස්කොපි ක්‍රමයට .
පොටෝ එක පේනවද දන්නෙ නෑ.
ගැටලු කතා කරමු.බුදු සරණයි