chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඔන්න පොරොන්දු උනා වගේ Anal Fistula ගැන කියන්නයි හදන්නෙ හරිම සිංහල නම දන්නෙ නෑ බගන්දරා කියන්නෙ සමහරවිට මේක ද කොහෙද .සරලවම ගත්තොත් ෆිස්ටියුල එකක් කියන්නෙ පොඩි බටයක් වගේ එකක් කියල හිතමු ඒක දෙපැත්තේ කටවල් දෙක අපේ ශරීර කුහර දෙකකට විවෘත වෙනව උදාහරණයක් කීවොත් හිතන්න අපේ කම්මුලේ හිලක් හැදෙනව එතකොට බටේ එක පැත්තක් මූණෙ හම අනෙක් පැත්තෙ කට ඇතුලෙ හම මේක ෆිස්ටියුල එකක්.ඉතින් ඔය වගේ එකක් ගුදමාර්ගයේ ආවම අපි කියනව ගුදමාර්ගයේ ෆිස්ටියුලාවක් එහෙම නැත්තම් Anal fistula කියල කියනව.එතකොට බටේ එක කටක් හමට විවෘත වෙද්දි අනික ගුදමාර්ගයේ ඇතුලට විවෘත වෙලයි තියෙන්නෙ.

    රෝග ලක්ෂණ
    1.ගුදමාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ පුංචි ගැටිත්තක් වගේ තැනකින් දියර ස්‍රාවය වෙනව කියල තමයි ගොඩක් අය එන්නෙ මේ එන ඒව වතුර වගේ දියරයක්,සෙවල වගේ ,සැරව නැත්තම් ලේ වෙන්නත් පුලුවන්
    2.වේදනාව
    ඇත්තටම ෆිස්ටියුල නිසාම වේදනාව එන්නෙ නෑ ඒක ආසාදනය වෙලා සැරව පිරුනම නම් රිදෙන්න ගන්නව,වැසිකිලි යද්දි මල තද වීම නිසා වේදනාව දැනෙනව
    3.ආසාදනය වුන ෆිස්ටියුල නිසා උණ ,ඇගේ අපහසුව වගේ එන්න පුලුවන්
    4.කාලයක් තිස්සෙ තිබුණා නම් ගුදය ආශ්‍රිත කැසීම තුවාල වගේ එන්න පුලුවන්
    5.කලාතුරකින් Corhns Diseases කියන තත්ත්වය නිසා ෆිස්ටියුල එනව එතකොට ඒ රෝගයේ ඉතුරු ලක්ෂණ මතුවෙන්න පුලුවන් අක්‍රමවත් වැසිකිලි යෑමේ රටා ඒ කියන්නෙ නිතරම බඩ එලියේ යෑ ම සෙවල සීදම් ලේ යෑම ඇග කෙට්ටු වීම වගේ ඒව.
    6.ගුදමාර්ගයේ ආශ්‍රිත සැරව ගෙඩි ඇත්තටම ගුදමාර්ගයේ ඇතිවන සැරව ගෙඩි නිසාම ෆිස්ටියුල එන්නත් පුලුවන් මේ ගැනත් ඉදිරියට ලියන්නම්

    විශේෂයෙන්ම කියන්න ඕන හරියට හඳුනාගත්තේ නැත්නම් සහ නිවරදි ප්‍රතිකාර නොකලොත් මේක නැවත නැවත එනව.
    ප්‍රතිකාර
    ෆිස්ටියුල ප්‍රධාන වර්ග දෙකක් තියෙනව
    1.high anal fistula
    2.low anal fistula
    ෆිස්ටියුල එකේ ඇතුලත විවර ය තියෙන තැන අනුවයි බෙදෙන්නෙ තාක්ෂණික දැනුම වැදගත් නැති නිසා විස්තර කරන්න යන්නෙ නෑ.දැනගන්න ඕන පලවෙනි වර්ගය හැදුනොත් නම් කේස් එක ටිකක් සීරියස් කියල විතරයි.ඒවගෙ ඇතුලත විවර වීම තියෙන්නෙ ගුද චක්‍රපිධාන වලට උඩින් සැත්කමක් කරන්න ගියත් අමාරුයි.

    මේ කෙදිත් අර ෆිශර් වල වගේ නිවරදි ආහාර පුරුදු ,විරේක බේත් ,සිට්ස් බාත් කරන්න ඕන
    ආසාදනය වෙච්චි එකක් නම් රෝහල් ගතවෙලා ප්‍රතිජීවක විදින එක වඩා හොඳයි

    ශල්‍ය කර්මයක් මගින් මේ ෆිස්ටියුල එක කපල අයින් කරන්න පුලුවන් ඒ කෙදි ඒ අවට තියෙන ෆිස්ටියුල එකේ පටක ඔක්කොම අයින් නොකලොත් ආයෙමත් මේක ඇති වෙන්න පුලුවන් .චක්‍රපිධාන වලට හානී වීමේ අවදානම ,ලොකු තුවාලයක් ඇතිවීම ආදිය නිසා පලපුරුදු ශල්‍ය විශේසඥවෛද්‍යවරයෙක්ම මුණ ගැහිල කරගන්න එක තමා හොඳ .

    ඊට අමතරව කපල අයින් කරන්න අමාරු ඒවට සීටොන් වයර් දැමීම කරනව මේකෙදි නයිලෝන් නූලක් අර බටේ හරහා යවල තද කරල ගැට ගහනව ප්‍රෙශර් එක නිසා පටක මැරිල ෆිස්ටියුල එක කැපිල එනව සති දෙකෙන් වගේ මේ නූල තද කරන්න වෙනව..කරදරකාරි වැඩක් නමුත් බහුලව කෙරෙනව.

    සංකීර්ණ ෆිස්ටියුල රෝගීන් ඒ කියන්නෙ අර මුලින් කියපු high anal ඒව ,විවර වීම් කීපයක් තියෙන ඒවනම් අපිත් අන්‍ත්‍ර සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් ට යොමු කරනව.Gastroenterology Surgeon

    නයිට් කරන්න කලින් රෙස්ට් එකට ආපු පැයේ ටයිප් කොලේ අඩුපාඩු තියෙන්න පුලුවන් ..ගැටලු ඇතිනම් කතා කරමු හැකි උදව්වක් කරන්නම්..
    බුදු සරණයි හැමෝටම
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Bump...

    meka hena Karadara kari ledak, Hodama de Ayurveda medicine.

    Goda weddu nemei, Gampaha Wickramarachchi wage ....
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    හොඳ වැඩක් බං මෙහෙම ත්රේඩ් දාලා දන්න දේ කියල දෙන එක .. උඔ වගේ එකෙක් හිටියා luckyluke111 කියල පොරක් ගොඩක් වටින ත්රඩේ ටිකක් දැම්මා.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Great work machan...thanks


    අම්මෝ මාර ලෙඩ තමා. අදමයි ඇහුවේ. ඉපදීමම දුකක්!!

    හොඳ වැඩක් බං මෙහෙම ත්රේඩ් දාලා දන්න දේ කියල දෙන එක .. උඔ වගේ එකෙක් හිටියා luckyluke111 කියල පොරක් ගොඩක් වටින ත්රඩේ ටිකක් දැම්මා.


    ස්තූතියි :love:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    6.ගුදමාර්ගයේ ආශ්‍රිත සැරව ගෙඩි ඇත්තටම ගුදමාර්ගයේ ඇතිවන සැරව ගෙඩි නිසාම ෆිස්ටියුල එන්නත් පුලුවන් මේ ගැනත් ඉදිරියට ලියන්නම්

    වැඩේ හොදයි මේ ගැනත් ලියපන් පින්තුරත් දාපන්
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,555
    1,446
    113
    Sri Lanka
    හොඳ වැඩක් බං මෙහෙම ත්රේඩ් දාලා දන්න දේ කියල දෙන එක .. උඔ වගේ එකෙක් හිටියා luckyluke111 කියල පොරක් ගොඩක් වටින ත්රඩේ ටිකක් දැම්මා.
    :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,905
    72,016
    113
    මාලඹේ
    සිංහල බෙහෙත් තමා හරියන්නේ ඕකට .
    හොස්පිටල් වලින් බෙහෙත් කලාට ආයෙත් එනවා ..
    ලංකාවේ තමා ඕකට හරියටම බෙහෙත් කරන්නේ..
    ජපන් ඉදං එනවා බෙහෙත් ගන්න.
    ලිපිය වැදගත්
    රේප් ++