පිළිකාව පැතිරීම ව‍ළකන සරල පිළියමක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අසාධ්‍ය රෝග ලක්ෂණ පහළ වෙලා නම් මේක නෙවෙයි අමෘතය පෙව්වත් බේරගන්න බෑ. (ඒ කියන්නෙ mbbs බේසිකයො කියන terminal symptoms නෙවෙයි හරිය).

    ඒක සිහියෙ තියාගෙන මේක කරල බලන්න.

    මුලින්ම සිංහල රතු හාලක් (වෙද හීනැටි, කළු හීනැටි අති විශේෂයි, ඒක හොයාගන්න අමාරු නම් කුරුළුතුඩ , මඩතවාළු වගේ රතු හාලක් ගන්න)

    සිංහල රතු හාල් කියල දෙමුහුන් රතු හාල් (කැකුළු , නාඩු) ගත්තොත් ඉතිං sorry.com.

    මේක යකඩ නොගෑවෙන විදියට කොටාගන්න. (Blender වල දාල බෑ)

    ඊට පස්සෙ කබලෙ රන්වන් වෙන්න බැදගන්න.

    පිළිවෙලින් මොණරකුඩුම්බිය , කුප්පමේනියා , හීන් බෝවිටියා , යකි නාරං (දැන් නම් හරිම දුර්ලභයි), කටුපිල එක දවසකට එක වර්ගයක් ලැබෙන විදියට ගන්න. දවස් දෙකක එකම කොළ වර්ගය ගන්න එපා.

    වල දළු පුළුවන් නම් ඉතාම හොඳයි, බැරි නම් කොළ අරගෙන "යකඩ නොගෑවෙන්න" කොටල යුෂ අරගෙන "යකඩ නොගෑවෙන" විදියට හදපු පොල් කිරි (blender බෑ) එක්ක අර මුලින් කියපු කබලෙ බැදපු හාල් පිටි ටිකක් ගාණට දාල උයාගන්න.

    මේ කැඳ ඉදීගෙන එනකොට එන සුවඳට නහයෙ සියුම් නහර උත්තේජනය වෙනව වගේ දැනෙනව නම් අන්න ඒක තමයි පදම.

    ඒ කැඳ උණුසුමෙන් උදේට හිස්බඩ බොන්න දෙන්න. එච්චරයි.

    ගෙඩි සහ වණ වෙදකම කියන්නෙ අවුරුදු දාස් ගාණක ඉඳල පැවත එන පිළිකා ප්‍රතිකාර ක්‍රමයයි.

    ඒකෙ හෝඩියෙ ක්‍රමයක් තමයි ඔය කියල දුන්නේ.

    මේකෙන් ඕනෙම පිළිකාවක පැතිරීම නවත්තනවා. හැබැයි නිට්ටාවටම හො‍ඳ වෙන්නෙ නෑ. 😁

    කැඳ බීලා විතරක් පිළිකාවට හේතු වෙන සෙම් සහ ලේ දෝෂය නැත්තම් රක්තවාතයෙන් එන සෙම් දෝෂය හොඳ කරගන්න බෑ. 😊
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    පිළිකා සෛල ව්‍යාප්තිය අඩාළ කර ඒවා විනාශ කළ හැකි ‍ඖෂධීය ගුණ කරවිල ඇටවල පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද විද්‍යා දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුවී ඇත.

    කරවිල ඇට උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ ‍ඖෂධය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අනුමැතිය ඇතිව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් කණ්ඩායමකට වසරක කාලයක් ලබාදීමෙන් පසු මෙය පිළිකා මර්ධනය සඳහා සාර්ථක ඖෂධයක් බව තහවුරු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

    කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට (steric fatty acid) පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව ඇති බවත් ඒ බව විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් කී මහචාර්යවරයා සත්ව ශරීරවල පිළිකා ඇති කර ඒ සඳහා මෙම ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වූ බවද අවධාරණය කළේය.

    රුධිරයේ සීනී මට්ටම අඩු කිරීම සඳහා කරවිල මදය ආහාරයට ගැනීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් බවත් මෙය මෙරට බොහෝ පිරිසක් දැන සිටියත් කරවිල ඇටය පිළිකා සෛල මර්දනය සඳහා යොදාගත හැකි බව තවමත් වැඩි පිරිසක් නොදන්නා බවත් මහාචාර්යවරයා කීවේය.

    කරවිල ඇට නිවසේදී බැද කුඩුකර ආහාරයට ගැනීමට හැකි අතර අධික උෂ්ණත්වයකදී පවා එහි ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් විනාශ නොවන බව පරීක්ෂණ මගින් තහවුරුව ඇත.

    කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපද වූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රෑමයක් රුපියල් 6000 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලයේ බවද පැවසුවේය.

    මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛණ්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    සින්හල බේතෙත් හොරු වැඩියී.ඒක නිසා හරි දේටත් වැරදි දේටත් මිනිස්සු හිනා වෙනවා
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉස්සර අප්පච්චිලා පොඩි කාලේ වෙදෙක් හිටියලු පිළිකාවට තෙල් පිබලා හොද කරපු
    ක්‍රම නම් ගොඩක් තියේ.
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    යකඩ නොගෑවෙන්න පොල් ගාගන්නෙ කොහොමද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    yakada gawenna barinam ithin kabale badinna bane. waladaka dala badaganna wenne o_O
    මේක යකඩ නොගෑවෙන විදියට කොටාගන්න. (Blender වල දාල බෑ)

    ඊට පස්සෙ කබලෙ රන්වන් වෙන්න බැදගන්න.

    වල දළු පුළුවන් නම් ඉතාම හොඳයි, බැරි නම් කොළ අරගෙන "යකඩ නොගෑවෙන්න" කොටල යුෂ අරගෙන "යකඩ නොගෑවෙන" විදියට හදපු පොල් කිරි (blender බෑ) එක්ක අර මුලින් කියපු කබලෙ බැදපු හාල් පිටි ටිකක් ගාණට දාල උයාගන්න.