Permission for import 1000cc bikes to Sri lanka

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ---------- (2)අධිබලය ඇති(1000CC) යතුරුපැදි ගෙන්වන්න අවසර ----




    480006_599258010107310_1140152029_n.jpg


    (2)ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව සීසී 450ත් සීසී 1001ත් අතර එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි ලියාපදිංචියට හා ආනයනය සඳහා අවසර ලබැදමට අමාත්‍යංශය තීරණය කර ඇත. මෙරට තුළ යතුරුපැදියක් ලියාපදිංචි කළ හැකි උපරිම එන්ජින් ධාරිතාව සීසී 450ක් වුව ද අනුමත එන්ජින් ධාරිතාවට වඩා වැඩි එන්ජින් ධාරිතාවකින් යුත් යතුරුපැදි ශ‍්‍රී ලංකාවේ මාර්ගවල භාවිත වන බව අමාත්‍යංශය සඳහන් කරයි. මේ තත්ත්වය මඟ හරවා ගැනීමේ පියවරක් ලෙස එවැනි යතුරුපැදි ලියාපදිංචිය සඳහා අවසර ලබාදීමට අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

    ඒ අනුව නිසි රේගු පටිපාටියකින් තොරව මෙරටට ආනයනය කරන ලද හෝ කොටස් ගෙන්වා එකලස් කරන ලද යතුරු පැදි කොන්දේසිවලට යටත්ව ලියාපදිංචිය සඳහා අවසර ලබාදීමට ද පියවර ගැනෙනු ඇත.
    මේ වසරේ පෙබරවාරි මස 1 වැනිදාට පෙර, මෙරටට ආනයනය කර ඇති හෝ දේශීය ව එකලස් කර ඇති යතුරු පැදි ලියාපදිංචිය සඳහා අවසර දීමේ දී රුපියල් 25,000ක අධිභාරයක් පැනවීමට අපේක්ෂා කෙරේ. මේ වසරේ මාර්තු මස 1 වැනිදා සිට ආනයනය කරනු ලබන සීසී 450 ත් 1001 ත් අතර එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි සඳහා ආනයන බදු හා සෙස් බදු අයකිරීමටත්, එම බදු ප‍්‍රමාණය තීරණය කිරීම මුදල් අමාත්‍යංශයට පැවරීමටත් අමාත්‍යංශය බලාපොරොත්තු වේ.




    Code:
    [B]Anura S. Liyanage Target-news[/B]
     
    • Like
    Reactions: Pan-X