Perodua Axia car

incognito1

Active member
  • Sep 6, 2015
    268
    77
    28
    Perodua Axia car eka gena hoda naraka danna aya innawa nan kyannako

    DQSgGGj.jpg
     
    Last edited:

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මගෙ අදහසනම් වාහනෙ හොදයි.

    මම ඔකෙ බොනට් එක ඈරලා බෑලුවා. වහන වල එනවා Electric gadgets DENSO-Made in japan කියලා. නමුත් මෙකෙ Denso Brand එක Made in JAPAN / Made in Malaysia / Made in Korea or some other country ... කියලා වර්ග 3ක් මම දෑක්කා.
    හබෑයි වාහනෙ හොදට ඉඩ කඩ තියනවා. Boot Space ගොඩක් හොදයි. කලින් Elite එකට වඩා හොදයි. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ.මගෙ අදහසනම් වාහනෙ හොදයි.ගාන නම් සාදාරන නෑ
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රත්තරං;18989149 said:
    මේ රේන්ජ් එකේ (මේ මිලේ හොදේ ) අනික් කාර් එක්ක (121,240,fd1, lancer ex, 141, mazda3, cs2, ) බැලුවහමනම් මෙකට කාර් එකක් කියන්න බෑ:no::no::no:

    lancer ex කොහෙද බන් ඔයගානට තියෙන්නේ ..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වීවා එයලිට් එක ලංකාවෙ ජනප්‍රිය වෙන්න ප්‍රධානතම සාධකයක් තමයි ඒ කාලෙ තිබිච්ච මිල. ඇල්ටෝ එකට වඩා මිල ටිකක් වැඩි වුනාට කොලිටිය පෙනුම වගේ සාධක නිසා මිනිස්සු හිටු කියල ගත්ත. මට මතක විදියට ලක්ෂ 15 වගේ ගණන් වල ඉඳල තිබුනෙ. 2012 මැයි 31 කවදාවත් නැති විදියට වාහන බදු වැඩි කරාට පස්සෙ වීවා එලයිට් එක බැහැලම ගියා. AMW නං ලාබෙ අඩුකරගෙන හරි වාහන ටිකක් විකුණගෙන මාකට් එක අමාරුවෙන් අල්ලගෙන හිටිය. AMW එක්ක බලද්දි United motors එතරම් හොඳ ඒජන්ට් කෙනෙක් නෙමෙයි.

    ඇක්සියා එකේ මිල ගණනට විකල්ප ජපන් වාහනයක් තියෙනව Wagon R hybrid කියල ඒ නිසා ඇක්සියා එකේ බජට් එක පුලුවන් මිනිස්සු Wagon R hybrid එක ගොඩක් වෙලාවට ගන්නව ඒ නිසා මේ වාහනේ ලංකාවේ එතරම්ම ජනප්‍රිය වුනේ නෑ. මැලේසියාවෙ නං මේක ගොඩක් ඩිමාන්ඩ් හඳුන්වා දුන්න දවසෙ ඉඳන් මේ වෙනකොට 120000 bookings ඒ වුනාට ඩිලිවර් කරල තියෙන්නෙ 75000 (හිතාගන්න පුලුවන්නෙ පෝලිම). ඩයිහඩ්සු එන්ජින් තියෙන්නෙ සමස්තයක් ලෙස කොලිටිය හොඳයි. මේකෙ Axia advance කියල මොඩල් එකක් එනව ඒක තාම ලංකාවට එවන්නෙ නැතිලු මං දන්න විදියට. Daihatsu Ayla and Toyota Agya වාහන ටිකක් කොපි කරල හදල තියෙන්නේ.

    මේ වාහනේ ප්‍රශ්නයක් විදියට තියෙන්නේ මැනුවල් ගියර් එකේ අඩු ගියර් වල වාහනේ ස්මූත් නෑ. ඔටෝ ගියර් වර්ෂන් එකේ වාහනේ අඩු වේග වල ටිකක් දෙදරනව ඒ වගේම පිකප් එකත් මදි. රිවස් ගියර් එකෙදිත් ගොඩක් දෙදරනව. ඒත් ඉන්දියන් එකකට වඩා කොලිටිය හොඳයි. මේක තාම viva elite තරම්ම ජනප්‍රිය නැතිනිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ෂුවර් නෑ.
     
    Last edited: