


මීට මාස 6 කට කලින් ගත්ත බෙසා එකක් සකන්ඩ් හෑන්ඩ් වාහන බලලම ඇතිවෙලා ඕං .



මුලින්ම පෙරොඩුආ කොම්පැනිය ගැන කියනවනම් ජපානෙ ඩයිහට්සුයි සමාගමට 20% ක අයිතියක් තියනව . ඩයිහට්සු කියන්නෙ ටොයෝට කියල දන්නවනෙ

මේක ගැන කියනවනම් බොහොම ලාබෙට හදපු හොද වටින වාහනයක් කියල තමා කියන්න තියෙන්නෙ . මේකෙ 1.0 මැනුවල් /ඔටෝ , 1.3 ඔටෝ කියල කැටගරි 3ක් තියනව . මේකෙන් ලන්කාවට එන්නෙ 1.0 ඔටෝ එක . 1.3 එක තිබ්බනම් මරු .ඒත් ඒක ගෙන්නන්න ලක්ශ 65ක් වත් යනව . එච්චර ගානක් දීල මැලේශියන් ඒව ගනීද අපේ උන් බ්‍රෑන්ඩ් නිව් උනත් .





එන්ජිම ගැන කියනවනම් 1.0 1KR-VE එකක් තියෙන්නෙ


ඒ කියන්නෙ ටොයෝට KR 3 සිලින්ඩර් එන්ජින් ෆැමිලි එකේ එන්ජිමක් .මේ එන්ජින් ඇලුමිනියම් බොඩි එකකින් එන සැහැල්ලු එන්ජින් එකක් . මුල්ම KR එක 69Kg ලු බර .




මේ ෆැමිලි එකේ 1KR-FE,1KR-DE,1KR-DE2,,1KR-VE,1KR-VET කියල එක එක වාහන වලට කරල තියනව .පැසෝ ,යාරිස්,බෙල්ට විට්ස් වල තියෙන්නෙ මේ එන්ජින්.
බෙසා එකේ එන 1KR-VE එක පෙරොඩුආ එකයි ඩයිහට්සු එකයි එකතුවෙලා KR එන්ජින් වලට VVT-i ටෙක්නොලිජි එක එකතුකරල තෙල් කිරිල්ල,දෙදරිල්ල,සද්දෙ අඩු කරල පවර් එක වැඩි කරල හදපු වර්ශන් එකක්.මේකෙ තෙල් 21.3 ක් කරනව කියල මෙයාල කියනව.
දැන් බලමු ගත්ත වාහනේ ගැන .




මේක ගෙන්නන්නෙ යුනිමෝ එකෙන් .මේකෙ එනකොට ෆුල් ඔප්ශන් කිව්වට පවර් මිරස් නෑ . ඒක වෙනම දාගන්න ඕන . කොම්පැනියෙන් දාන්න 45ක් වගේ යනව . එලියෙ තියනව වින්කමිරස් එක්ක 52ක් වගේලු . ඒව කොම්පැනියෙ නෑ .දැන් එන ඒවගෙ ක්‍රෝම් ඩෝර් හැන්ඩ්ල් 2 ටෝන් ඉන්ටීරිඅර් එනව.මන් ගන්නකොට ඒව නෑ . බලු හැත්ත







මේකෙ ඇලොයිවීල් එනව සයිස් එක 175/65 කාර් එකේ බොඩි එකත් එක්ක බලනකොට මේක මදි වගේ පේනව හොදට . හැබැයි සයිඩ් ස්කර්ටින් දැම්මොත් ඒක පේන්නෙ නැතුව යනව . මොකද ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් වැඩියි මේ කාර් එකේ .
2 එයාර් බෑග්ස් ,ABS ,EBD ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරින්ග් ,සෙන්ට්‍රල් ලොකින් එක්ක කී දෙකක් හම්බෙන්ව , චයිල්ඩ් සීට් හුක් තියනව.හෑන්ඩ්බ්‍රේක් එලාම් ,සීට්බෙල්ට් වර්නින්ග් එලාම් තියනව.ලොකුම දේ තඩි ඩිකියක් තියනව . පියාජියෝ ත්‍රීවීල් එකක් වගේ . පට්ට වටිනව. ජැක් එකක් ස්පෙයාර් වීල් එකක් ටූල් කිට් එකක් එනව .
ඉන්ටීරියර් බැලුවොත් චීප් ලුක් එකක් තියෙන්නෙ .හැබැයි ටීක් පැනල් පන්චිකාවත්තෙ තියනව A/C කවුලින් එක්කම . 20ක් වගේ වෙන්නෙ . ඒක දැම්මනම් ෆුල් ගති ඉතින්





මම ගිය දුර අනුව හයිවේ එකේ 100යි 80යි අතර ගියොත් තෙල් 20ක් කරනව ඇනේට . 22 කරපු වෙලාවලුත් තිබ්බ . නෝමල් ට්‍රින්කො ගිහින් ආපු ට්‍රිප් එකට 19ක් කරල තිබ්බ .



හොද AC සිස්ටම් එකක් තියනව . කැබින් එක කේස් එකක් නැතුව කූල් වෙනව . මේක මට නම් විට්ස් එකට වැඩිය කම්ෆටබල් ගතියක් තේරෙනව . ගැස්සීම් අඩුයි . දකුනට හරවද්දි ලොකු බ්ලයින්ඩ් ස්පොට් එකක් එනව ත්‍රීවීල් එකක් උනත් වැහෙන සයිස් එකට


පැසෙන්ජස්ල වැඩිවෙනකොට ස්ටීරින්ග් වීල් එක බර ගතිය දැනෙනව වැඩියි .ඒ ගැන යුනිමො එකෙන් ඇහුවම උන් කිව්ව කාර් එක 200ට ස්පීඩ් කරන්න පුලුවන් වෙන්න ස්ටීරින්ග් වීල් එක මොකක්ද එකකට සෙට් කරලලු තියෙන්නෙ කියල . උන්ගෙ ලීෆ්ලට් එකෙත් ඩයග්‍රම් එකක් දාල ලියල තියනව . මට තේරුනේ නෑ බන් ඒ ටෙක්නොලජි එක




හෙඩ්ලයිට් සතුටුදායකයි ෆොග් ලයිට් වලට හෝල් එනව ටොයෝට ෆොග්ලයිට් තමා දාන්න ඕන . ස්විච් වලට හෝල් පවර්මිරර් ස්විච් එක ලග එනව . එතනම පුශ් ස්ටාර්ට් බට්න් එකට හෝල් එකකුත් තියනව.


ලෙග් ස්පේස් එක ගොඩක් හොදයි . කදු වල නම් ඕවටේක් කරන්න ගේමක් දෙන්න ඕන




මේ කාර් එකේ පාට්ස් පන්චිකාවත්තෙ කරන කඩවල් දෙක තුනක්ම තියනව දැන් .මොඩිෆිකේශන් පාට්ස් වගේම ස්පෙයාර් පාට්ස් ගන්න තියනව ඕන තරම් .
යුනිමෝ එකේ සර්විස් එකත් සිරාම හොදයි . වාහනේ සර්විස් කරන්න ගියත් රස්තියාදු කරන්නෙ නෑ . අනික ඔන්කෝල් සර්විස් එකෙන් ඕන දෙයක් දැනගන්න පුලුවන් .
දැනගන්න දෙයක් තියනවනම් අහපල්ලකො






Last edited: