Petrol Shed එකක් දාන්නෙ කොහොමද??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ශෙඩ් පර්මිට් එකක් ගන්න දේශපාලන සම්බන්ධකමක් තියෙනවා නම් ලේසි, එහෙම නැත්නම් සල්ලි තියෙන්න ඕන, අනිත් එක ඉඩම තියෙන තැන ඉදලා දෙපැත්තට හෝ හතර පැත්තට වටේට තියෙන ශෙඩ් සහ ඒවා තියෙන දුර බලන්න, නැතුව කරන්න එපා, ඊට පස්සේ ඕල් අයිලන්ඩ් ලයිසන් එකක් හොයාගන්න,ලක්ෂ 70-120ක් අතරෙ හොයාගන්න පුළුවන්,ඉඩම ලඟ ගගවල්, වැව්, වගේ වතුර තියෙනවා නම් ටිකක් ගන්න අමාරුයි, පරිසර සහතිකේ ගන්න ගියාම කේස්, ඊට පස්සේ ඉඩමට අදාල ප්‍රාදේශීය කාර්යාලයෙන් ඉඩම බලන්න එනවා, එයාලා රිපෝට් එකක් දෙනවා ඔෆිස් එකට, ඒවා ඉතිං හෙඩ් ඔෆිස් ගිහිල්ලා බෝඩ් වලින් ඇපෲ වෙලා එන්න ඕන, ඔතෙන්දි තමයි දේශපාලනේ ඕන වෙන්නේ, ඒවා තියෙනවා නම් ඉක්මනට වෙනවා, සල්ලින් නම් විසිකරන්න වෙයි, නැත්නම් වැඩේ වෙන්නේ නැහැ, මේ ටික වෙන්න මාස් 6-10 ක් වගේ යනවා, ඒ ඔක්කොම හම්බ උනොත් බිල්ඩින් ප්ලෑන් අනම් මංඅම් ගොඩක් තියෙනවා, ඒවත් ඇපෲ වෙන්න ඕන, ඒරියා ඔෆිස් හෙඩ් ඔෆිස් සියපාරක් විතර යන්න වෙයි, ඕක හරි නම් මේ කාලෙ පොම්ප 5ක් දාලා ඔෆිස් පොලව කැනපි හදලා ටැංකි දාලා වැඩ ටික කරන්න අවම ලක්ෂ 400-500ක් වත් යයි, එහෙම ගානක් අතේ නැත්නම් බහින්න එපා, බෑන්ක් ලෝන් වලට යන්න එපා, මේවා ලෝන් දාලා කරන්න පුළුවන් බිස්නස් නෙමෙයි, පිටට පේන ලාබ නැහැ, ඕන දෙයක් තියෙනව නම් අහන්න
    තෑන්ක්ස් මචං In detail විස්තරේට. කොහොමත් කෝටි 5-6 අතේ නැතුව කරන්න බැහැ නේද වැඩේ...
     
    • Like
    Reactions: Amarican.Ekek

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තෑන්ක්ස් මචං In detail විස්තරේට. කොහොමත් කෝටි 5-6 අතේ නැතුව කරන්න බැහැ නේද වැඩේ...
    අවංකවම කියන්නේ.. හිතන්නවත් බැහැ, අනික පටන් ගත්තට පස්සේ බෑන්ක් ගැරන්ටි තියන්න තව ලක්ෂ 50ක් වත් ඕන, ඊට පස්සේ ඩේලි තෙල් ගන්න තව ලක්ෂ 30ක් වත් ඕන, ඕවා කැරකෙන සල්ලි, අතට එන්නේ පහුවෙලා, සල්ලි නැත්නම් බිසනස් එකට බහින්න එපා, අමාරුවෙ වැටෙනවා, ශෙඩ් එකක් කරන්න ආස නම් රෙන්ට් එකට දෙන ශෙඩ් තියෙනවා එකක් අරගෙන අවුරුද්දක් කරලා බලන්න, එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: kavindu84

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    salli thiyanawana ganna puluwan. restaurant bar / beer / petrol . man danna kenek karanawa. details onenan pm ekak danna.