Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ ත්‍රෙඩ් එක දාන්නේ pfizer එක ගැන මගේ අත්දැකීම් share කරගන්න. මේ කරුම ලෙඩේ නවත්තගන්න vaccine කරගන්න එක අනිවාර්යයි, නමුත් මම හිතන්නේ සමහර side effects ගැන දැනුවත් කිරීම අඩුයි කියන එකයි. (හේතු නොදනී)

    මම Pfizer පලවෙනි ෂොට් එක ගැහුවේ දවස් 8කට කලින්.

    උණ මොකුත් ආවේ නැහැ. නමුත් ගහපු ගමන් ලාවට වම් කකුල පණ නැති ගතියක් ආවා. ඒත් ටිකකින් හරි ගියා. නමුත් අද වෙනකම් යටි පතුලේ සමහර වෙලාවට දැවිල්ලක් සහ ඇඟිලි දෙකක ලාවට ඉඳි කට්ටකින් අනින ගතියක් ආවා. ඒ වගේම ගහපු දවසේ ඉඳලා අද වෙනකම්ම දිවට තිත්ත ගතියක් වගේ තියෙනවා. මේ එකක්වත් සාමාන්‍ය වැඩක් කරගන්න බාධාවක් නෙවෙයි. නමුත් පැහැදිලි වෙනසක් තියෙනවා. ඇඟේ තැන් තැන් වලින් මොනාද වෙනවා වගේ දැනෙනවා.

    ඉතින් ඩොක්ටර්ගෙන් අහන්න කලින් Google search එකක් කළා. එතකොට දැක්කේ ගොඩක් අයට මෙහෙම වෙලා තියන බව.
    ඉතින් කිසිම අවුලක් නැතුව හිටපු මට මේ වෙනස දැනෙනවා.

    මේ තියෙන්නේ විස්තර.

    pfiz 3.JPG


    pfiz 2.JPG



    https://www.openaccessgovernment.org/what-are-the-side-effects-of-the-pfizer-vaccine/104380/


    හැබැයි මේක කියන්න ඕන. එහෙමයි කියල vaccine එකක් නැතුව කොරෝනා හදාගන්න එක මීට වඩා මගුලක්. ඇත්ත කිව්වොත් අවමගුලක්.
    ඒ නිසා vaccine හොඳ නැහැ කියල මොකුත් නොගෙන ඉන්න එපා.


    ඊළඟට ඉන්දියන් ප්‍රබේදය සහ Sinopharm එක.

    මේක ගැන පළවෙන වාර්තා විතරක් දාන්නම්.

    සාමාන්යෙන් චීනෙක් දෙයක් කියද්දී ඒක පිළිගන්න අමාරුයි. නමුත් ඩෙල්ටා ප්‍රබේදයට එරෙහිව inactivated vaccines (ඒකට Sinopharm ඇතුලත්) වල ප්‍රතිදේහ ක්‍රියාකාරිත්වය අඩුයි කියන එක චීනෙක්ම කියනවා.

    චීනයේ Guandong පළාතේ ලඟදි වෙච්ච වැඩි වීම ගැන එයා කියන්නේ vaccine ගත්ත කාටවත් අමාරු නොවූ බව සහ අමාරු වුණු කවුරුත් vaccines නොගත්ත බව. හැබැයි මේ කියන අය කී දෙනෙක් ඩෙල්ටා ප්‍රබේදයට ලක් වෙච්ච අයද කියන තොරතුරු නැහැ.

    https://www.reuters.com/business/he...hots-less-effective-delta-variant-2021-06-25/

    ඒ වගේම සීශෙල්ස් වල වැඩිවිමේදීත් vaccine කරපු අයට අමාරු නොවුණු බව තමයි කියන්නේ. ඒ නිසා vaccine ගහන්නේ නැතුව ඉන්න එපා. මොකද ඒකෙන් මරණ සහ ICU එකේ නැවැත්වීම අඩු කරනවා.


    නමුත් ඒ අතරම Pfizer එක හරිම හොඳයි කියල නිගමනයකට එන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මොකද මේවා compare කරන්න බැරි efficacy test කරලා තියෙන්නේ එක එක කාල වල වෙනස් තත්වයන් යටතේ.

    ඒ අතරම සමහර side effects ගැන ඔවුන් නිහඬයි. මේවා ඉතාම විරලයි කියල කියන්නේ, නමුත් ඔය කියන දේවල් එහෙමම පිළිගන්න පුලුවන්ද?

    මේ තියෙන්නේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කරන්න යන හෙළිදරවුවක් ගැන.................මේකෙන් කියන්නේ හදවතට වෙන බලපෑමක් ගැන. මම කලින් කියවපු විදිහට මේක දරුවන්ට සිදු වෙන්නෙම නැති තරම්.

    pfiz mod.JPG


    https://www.dailymail.co.uk/news/ar...er-expected-amoung-young-adults.html#comments


    ඒ වගේම mRNA තාක්ෂණය ලෝකෙට හඳුන්වා දෙන්න පුරෝගාමී වෙන්න මූලික වෙච්ච Robert Malone කියන විද්‍යාඥයාම කියනවා මේකේ අනතුරක් තියෙනවා කියලා. එයා කියන්නේ මේක cytotoxic කියන එක. ඒ කියන්නේ සෛල වලට හානියක් කිරීමේ හැකියාවක් තිබේ කියන එක. එයා කියන්නේ vaccine ගන්න එපා කියන එක නෙවෙයි ඒවගේ තියන අනතුරු ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන කියන එකයි.

    කැමති කෙනෙක්ට එයාගේ ඉනටවීව් එක මෙතනින් අහන්න පුළුවන්. 53 වෙනි විනාඩියේ ඉඳලා



    දැන් මේ කරුම අස්සේ හොඳ නිව්ස් එකක් ඇත්තෙම නැද්ද?
    තියෙනවා.

    ඒක තමයි ලෝකේ තියෙන කරුමම ලෙඩක් වෙච්ච Alzheimer'sවලට සහ පපුවේ අමාරු වලට විරුද්ධව එන්නතක් නිපදවීම. මේක කරන්නේ Stanford විශ්ව විද්‍යාලයෙන්. හැබැයි එළියට එන්න තව අවුරුදු 15ක් විතර යයි. එතකං ජීවත් වෙන්න game එකක් දෙන්න වෙනවා.

    stanford.JPG
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Good One (y)

    Synopharm dose 2ma gahuwa.
    kisima wensak une ne


    meka maru
    "ඒක තමයි ලෝකේ තියෙන කරුමම ලෙඩක් වෙච්ච Alzheimer'sවලට සහ පපුවේ අමාරු වලට විරුද්ධව එන්නතක් නිපදවීම. මේක කරන්නේ Stanford විශ්ව විද්‍යාලයෙන්. හැබැයි එළියට එන්න තව අවුරුදු 15ක් විතර යයි. එතකං ජීවත් වෙන්න game එකක් දෙන්න වෙනවා."
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    සෑහෙන්න වටින තොරතුරු ටිකක්. බොහොම ස්තූතියි සහෝ, ඔයාගේ අත්දැකීමුයි, මේ ගැන වැඩි විස්තරයි අපිට දැනගන්න සැලැස්සුවට. :yes: :love2: (y)(y)(y)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    මම වැක්සීන් මුකුත් ගහගත්තෙ නම් නෑ. හැබැයි මාසෙක වගේ ඉඳන් දකුනු කකුලෙ මහපට ඇඟිල්ල හිරිවැටිලා වගේ තේරෙනව. ඇයි බන් ඒ. 😖
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    ඊයේ ගැහුවා චීන එක. විදපු ගමන් පොඩි කැරකිල්ල ගතියක් මහන්සියක් හා ඔලුවේ හීන් කැක්කුමක් සැරින් සැරේට අවා. ම්මේකට තව හේතු එකතු වෙන්න පුලුවන් මන් උදේට කලා තිබ්බෙත් නෑ දවල්ටත් නෑ. දේකත් පහුවේලා විද්දේ. උදේ කිරි එක විතරයි. පස්සේ දවල්ට කාලා වාහනෙත් අරන් ගෙදර ආවා එතකොටත් ඔලුව අමාරු ගතිය කැරකිල්ල වගේ තිබ්බා.
    පොඩ්ඩක් වමනේට එන ගතියකුත් ආවා රෑ වෙනකොට. ඒකනම් අපේ ගෙදර අනිත් තුන් දේනත් සති දේකකට කලින් ගත්ත පාර ඇතිඋනා.
    අදනම් පොඩ්ඩක් අත රිදේනවා, ලොකු අවුලක් නෑ. අද දවල් ටිකක් වැඩත් කරා.