මම නම් මචං මෙහෙමයි කරන්නේ.......
Manual mode එකේදී අපිට වෙනස් කරන්න ඕනේ දේවල් තුනක් තියනවනේ. ISO, Aperture and Shutter speed.
සාමාන්‍යයෙන් මම නම් කරන්නේ ISO එකයි Aperture එකයි photo එක ගන්න කලින් තීරණය කර ගන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි තැනක photo එකක් ගන්න ලෑස්ති වෙන්න ඉස්සෙල්ලා එතන තියන ආලෝක තත්වය ගැන සහ ගන්න photo එකේ ඇතුලත් වෙන්න ඕනේ වෙන දේවල් (විශේෂයෙන් photo එකේ අපිට ඕන වෙන දේවල් වල ගැඹුර - depth of field) කලින් තීරණය කර ගන්නවා. ඊට පස්සේ ඒවාට අදාලව ISO & Aperture හදාගෙන තමා photo එක ගන්න කැමරාව ඇහැ ලඟට ගන්නේ. එතකොට අපිට ගොඩක් වෙලාවට හදන්න ඕන වෙන්නේ Shutter speed එක විතරයි.
දවල්ට photo ගන්නකොට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ISO 100, 200 තමා. රෑට නම් 800 වෙනකල් යනවා. එතනින් එහාට නම් යන්නේ නෑ. මොකද මගේ කැමරාව එතනින් එහාට එච්චර හොඳට perform කරන්නේ නෑ.
F එක නම් ඉතින් ගන්න photo එකේ හැටියට වෙනස් වෙනවා.
ඒ දෙක හදා ගත්තට පස්සේ ඉතින් Shutter speed එක වෙනස් කර කර photo ගන්නවා.
කොහොමටත් ISO එක අඩුවෙන් තියා ගන්න එක හොඳයි.
අනිත් එක තමා photo ගන්න environment එක වෙනස් වෙන හැම වෙලාවකම white balance කරන්න.
හරියට photo එක ගත්තාම post production වලට යන වෙලාව අඩු කර ගන්න පුලුවන්.
තව දෙයක්, aperture එකෙන් lights control කරන්න පුළුවන් උනාට aperture එකෙන් lights control කරනවාට වඩා අපි කරගන්න ඕනේ depth of field හදා ගන්න එක.
Thanks a lot machan...




එක පාර හොඳ ෆොටෝ එකකට ඔය parameters තුන හරියට set කරන විදිහක් කවුරුහරි කියල දෙන්නකෝ ..
