Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මම නම් මචං මෙහෙමයි කරන්නේ.......

    Manual mode එකේදී අපිට වෙනස් කරන්න ඕනේ දේවල් තුනක් තියනවනේ. ISO, Aperture and Shutter speed.

    සාමාන්‍යයෙන් මම නම් කරන්නේ ISO එකයි Aperture එකයි photo එක ගන්න කලින් තීරණය කර ගන්නවා. ඒ කියන්නේ අපි මොකක් හරි තැනක photo එකක් ගන්න ලෑස්ති වෙන්න ඉස්සෙල්ලා එතන තියන ආලෝක තත්වය ගැන සහ ගන්න photo එකේ ඇතුලත් වෙන්න ඕනේ වෙන දේවල් (විශේෂයෙන් photo එකේ අපිට ඕන වෙන දේවල් වල ගැඹුර - depth of field) කලින් තීරණය කර ගන්නවා. ඊට පස්සේ ඒවාට අදාලව ISO & Aperture හදාගෙන තමා photo එක ගන්න කැමරාව ඇහැ ලඟට ගන්නේ. එතකොට අපිට ගොඩක් වෙලාවට හදන්න ඕන වෙන්නේ Shutter speed එක විතරයි.

    දවල්ට photo ගන්නකොට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ISO 100, 200 තමා. රෑට නම් 800 වෙනකල් යනවා. එතනින් එහාට නම් යන්නේ නෑ. මොකද මගේ කැමරාව එතනින් එහාට එච්චර හොඳට perform කරන්නේ නෑ.
    F එක නම් ඉතින් ගන්න photo එකේ හැටියට වෙනස් වෙනවා.

    ඒ දෙක හදා ගත්තට පස්සේ ඉතින් Shutter speed එක වෙනස් කර කර photo ගන්නවා.

    කොහොමටත් ISO එක අඩුවෙන් තියා ගන්න එක හොඳයි.
    අනිත් එක තමා photo ගන්න environment එක වෙනස් වෙන හැම වෙලාවකම white balance කරන්න.
    හරියට photo එක ගත්තාම post production වලට යන වෙලාව අඩු කර ගන්න පුලුවන්.

    තව දෙයක්, aperture එකෙන් lights control කරන්න පුළුවන් උනාට aperture එකෙන් lights control කරනවාට වඩා අපි කරගන්න ඕනේ depth of field හදා ගන්න එක.

    Thanks a lot machan...
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    photoghaphy walata sinhalen liyawunu poth nadda machan

    book2.png
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තව දෙයක් තමයි මම අහල තියෙන විදිහට aperture ,shutter speed ,iso ඔය තුන හරියට හරි අගයට දාගන්න පුළුවන් නම් photo එක ගොඩ කියලා.ඒත් මචං ඕක වෙනස් කර කර test කර කර ගහන්න බෑනේ මචං . Photo එකට ඉන්න එවුන් බනිනවනෙ ..:angry::angry::angry:

    අනික ඔය කියල තියෙනවා වගේ shutter count එක වැඩිවෙලා camera එකේ ආයු කලෙත් අඩුවෙනවානේ ...:no:
    ඒක නිසා මං “auto” දාල තමා ෆොටෝ ගන්නේ .පස්සේ lightroom වගේ Software එකක් දාල පුළුවන් තරම් ෆොටෝ එක ගොඩ දානවා .ඒක ඉතින් වැඩ දෙකක් ..:baffled:එක පාර හොඳ ෆොටෝ එකකට ඔය parameters තුන හරියට set කරන විදිහක් කවුරුහරි කියල දෙන්නකෝ ..:nerd:

    මෙන්න භාන්ඩෙ උබට සෑහෙන දෙයක් ඉගන ගන්න පුලුවන්.
    DSLR Simulator..:)
    :)
    http://camerasim.com/apps/original-camerasim/web/
     

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    [FONT=&quot]හ්ම්ම්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]කමෙන්ට්ස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔක්කොම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියෙවුවා[/FONT][FONT=&quot] .......... [/FONT][FONT=&quot]මෙලෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගුලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තේරෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැ[/FONT][FONT=&quot] ......[/FONT]

    camera [FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT]order [FONT=&quot]කරලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තින්නේ[/FONT][FONT=&quot] ... [/FONT][FONT=&quot]ආවට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කියවනවා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot].[/FONT]
     

    isuruerandika

    Member
    Jan 17, 2017
    16
    0
    0
    මම ලඟදි පන්සලක බිතුසිතුවමක ෆොටෝ එකක් ගැහුවා. විහාරගෙයි ඇතුලේ කළුවර නිසා ඩිජිටල් කැමරාවේ ෆ්ලෑෂ් එක අනිවා දාලා ගහන්න උනේ. ගහන ගහන ෆොටෝ එකේ මැද්දේ ෆ්ලෑෂ් එකේ එලිය නිසා පොඩි දිලිසීමක් තියනවා. ඒ වගේ දිලිසුමක් නැතුව ක්ලියර් ෆොටෝ එකක් ගන්නේ කොහොමද ?

    ඒක මචන් flash එක direct චිත්‍ර තියන බිත්තියට ගහන්නේ නැතුව උඩ සිවිලිමක් වගේ තියනවනම් එකට ෆ්ලෑෂ් කරලා ෆ්ලෑෂ් එක bounce වෙන විදියට ෆොටෝ එක ගහන්න. නැත්තන් softbox එකක් වගේ පාවිච්චි කරන්න වෙනවා.
     

    isuruerandika

    Member
    Jan 17, 2017
    16
    0
    0
    Podi Silva - පොඩි සිල්වා;20920399 said:
    ඇර පිටිපස්ස බොද කරලා පොටෝ ගන්නේ කොහොමද

    lens එකේ quality එක තමයි. නැත්තන් edit එකෙන් හදන්න වෙනවා.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මටත් කැමරාවක් තිබුනට photo ගත්තට photography කියන එකට ලොකු ආධුනිකයෙක්. කැමරාවේ settings හදල කළු වෙන්නෙවත් සුදු වෙන්නෙවත් නැතුව photo එකක් ගන්න පුළුවන් උනාට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව.

    කැමරාවක් ගත්ත පලියටම photographer කෙනෙක් වෙන්නේ නෑ වගේම ලිපි අදහස් කියවලා කැමරාවෙන් settings වෙනස් කරලා එක එක විදියට photo අරන් අත්දැකීම් එක්ක තම photographer කෙනෙක් වෙන්න පුළුවන් සාර්ථකම විදිය. ලොකු කැමරා නැතත් පොඩි කැමරාවකින් හැමෝම photo ගන්න තැනක අලුත් විදියකට photo එකක් අලුත් විදියකට බලල photo ගන්න උත්සහ කරන්න ඕනේ මම හිතන්නේ.

    @samaposha මෙහෙම නූලක් හදල මෙහෙම එකක් පටන් ගත්ත එක ගැන ස්තුති ගොඩක්ම.

    @Tharanga81 දාල තියන "http://camerasim.com/apps/original-camerasim/web" ලින්ක් එකෙනුත් කැමරාවේ settings එක්ක photo එක වෙනස් වෙන්නේ කොහොමද කියල සරලව තේරුම් ගන්න පුළුවන්.
    ISO, Shutter Speed, Apature වගේ දේවල් වලින් photo එකේ වෙනස බලාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ^Buddhika^