Photography_මුල_සිට_සරළව_ඉගෙන_ගනිමු

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු

    කාචවල විශේෂිත හැකියා හඳුනා ගනිමු

    MF

    ශ්‍රමායික(manual) නාභිගත කාච - ශිල්පියා විසින් කාචය නාභිගත කළ යුතුයි.

    AF

    ස්වයංක්‍රීයව නාභිගත වන්නේ කෝෂයකින් එන විදුලියක් සහ මෝටර් එකක ආධාරයෙනි. වස්තුවේ දුර සොයා ගැනීම සිදුවන්නේ අධෝරක්ත කිරණ අධාරයෙනි.

    AF/MF

    (A/M) - ඉහත කාචයන් දෙකම එකම කාචයේ ක්‍රියාත්මක විය හැකිය. "M" ශ්‍රමායිකව නාභිගත කිරීමේදී අදාල බොත්තම M අගයට තල්ලු කළ යුතුය. එවිට AF අගුලු වැටේ.

    IF - (Internal Focusing)

    නවීන කාචවල ඇති මෙම පහසුකම Inter Focusing කියාද කියමු. කාච අභ්‍යන්තර තාක්ෂණයක් මත නාභිගත වීම සිදුවන අතර එහි ඇති වාසිය නම් ටෙලි කාච සඳහා මේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු එම කාචවලට 8, 5, 6 වැනි විවර අගයන් අන්තර් ගත කිරීමට හැකි වීමයි.

    D type

    කාටයේ බඳෙහි කාට විවර වලල්ලක් ඇති කාටයයි. ඇතැම් විට මේම කාට වල වලල්ල අගුලු දමා කැමරාවෙන්ම කාච විවරය වෙනස් කිරීමකට පරිවර්ථනය කළ හැකියා ඇති කාචද තිබේ.

    G type

    කාචයේ බඳෙහි කාච විවර සැකසීමේ වලල්ලක් නැත. කාචය කැමරාවට සවි කොට කැමරාව තුළින් කාච විවරය තෝරා ගැනීම සිදු කළ යුතුය. කලින් ක්‍රමයට වඩා වාසිය වන්නේ අතරමැදි කාච විවර අගයන් තේරීමට ඇති හැකියාවයි.

    NIKON කැමරා වල DX සංකේතය මගින් කැමරාව හැ රූප රාමුව අතර ඇති දුර පිළිබඳ අදහස ශිල්පියාට ලැබෙන බව ප්‍රකාශිතයි. එහි බලපෑම නිසා අනාවරණය ඉතා නිවැරදිව ලාබා ගැනිමේ හැකියාව ලැබෙන බව ප්‍රකාශිතයි.

    SWM - (Silent Wave Motor)

    ස්වයංක්‍රීය නාභිගත විමේදී ශබ්දය හා ඝර්ෂණය අවම කොට ඉතාමාත් නිවැරදිව හා වේගයෙන් නාභිගත කළ හැකි ක්‍රමවේදයන් මෙම කාචවල තිබේ.

    M/A

    Manual, Auto යන කාචයන් දෙකට කාච තාක්ෂණය මාරු කිරීමේ හැකියාව මින් කියැවේ. ඉතා සාර්ථක ස්වයංක්‍රීය අංශයේ සිට ශ්‍රමායික අංශකයට සීරු මාරු කිරීමේ හැකියාව ඉන් ඉඟි කෙරේ

    (CRC - පුළුල් කෝණ කාචවල දෝෂ වලක්වා ගැනිමට යොදා අති විශේෂ තාක්ෂණයයි. )

    තව තියනව සිංහලුනි...
    ටිකක් කම්මැලි ටයිප් කරණ්න මන් පුලුවන් ඉක්මනින් දාන්නන් අනිත් ටිකත)

     
    • Like
    Reactions: maraputha

    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    වටිනම වටින පෝස්ට් එකක් මචං.. මම හොය හොය හිටියේ මේ වගේ එකක්... තෑන්ක්ස්ස්ස්:yes::yes::yes: