මචන් ඔය lamp, wamp, xampp ඕනෙ එකක් දාගත්තට පස්සෙ ඒක ඇතුලෙ තියනව www root folder එක. ඒක හොයාගෙන ඒක ඇතුලට script එක දාන්න ඕනෙ. script එකත් එක්ක තව files තියනවනම් ඒවත් පිලිවෙලට ඒක ඇතුලට දාන්න ඕනෙ. www root folder එක c:\wamp\www කියල ගමුකො. එතකොට script එකේ නම myscript.php කියල ගත්තොත් script එක තියෙන්න ඕනෙ මෙතන. c:\wamp\www\myscript.php
ඊට පස්සෙ lamp, wamp, xampp තියන එක run කරලා (http service එක රන් වෙනවද බලන්න) web browser එක open කරගෙන
http://localhost/myscript.php කියල දීල එන්ටර් කරාම script එක රන් වෙනවා. එච්චරයි. එහෙම නැත්නම් free hosting එකකට script එක upload කරල run කරන්න.
https://infinityfree.net/
මේකෙන් free subdomain එකයි hosting එකයි ගන්න පුලුවන්