PI ජීවිතේ රස කතා

sanguine

Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    4.4 සහ 4වෙනි කතාවේ අවසාන කොටස.

    වැඩේ ඕල්මෝස්ට් ඉවරයි වගේ දැනුන නිසා අපි ප්ලෑන් කරා දෙමව්පියන්ට අනවශ්‍ය කොටස් අයින් කරලා පුංචි ප්‍රසන්ටේෂන් එකකින් ඉවර කරන්න.

    ඒත් දැන් අපි හයිකරපු කැමරා එක ගලවනකන් මේ වැඩේ ඉවර වෙන්නෑ. ඕක නිසා ලොකු ප්‍රශ්නයක් එන්න පුලුවන්. එකපාරටම ගිහින් ගලවාගෙන එන්නත් බැහැ හරියට නොදැන Roy එතනද නැද්ද කියලා. අනික මේ අත්භූත තැන ගැන අපි තාම හරියටම දන්නෑ. පහුවදා අපි ආයිත් මේ ප්ලේස් එක ගැන තව ඩීප් හොයන්න ගත්තා. මේ රෙසිඩන්සි ඒරියා එකම හදලා තියෙන්නේ අවුරුදු 6-7කට කලින් අදාල සමාගමෙන්. මේ ගෙදර ඇරෙන්න අනික් ඔක්කෝම විකුණලා. මේක තියාගෙන ඉදලා ආයතනයේ නමට.

    අපි මේක ඩිසයින් කරපු ආයතනයේ මනුස්සයෙක්ට ගානක් දීලා මාස්ටර් ප්ලෑන් එක කොපියක් ගත්තා. ඒකේ තියෙන විදිහට මේක රියල්ස්ටේට් කම්පැනි එකේ ඔෆිස් එක. ඒ කියන්නේ මේක මුල ඉදන්ම Roy එයාගේ නමට නැතුව ෆයිල් ක්ලීන් තියාගන්න කරපු වැඩක්. හැබැයි ආයතනය කොහොමද මේක දන්නේ නැත්තේ?

    එදා Roy ගෙදර කියලා සැක හැර දැනගෙන අපි රෑ 8ට විතර මේ ගෙදරට ගියා කැමරා එක ගලවන්න. පුලුවන් ඉක්මනට ඇතුල්වෙලා කැමරා එක ගලවනකොට මට එක්ස්ටර්නල් බැටරි එක ටිකක් රත්වෙලා කියලා තේරුනා. ඒ කියන්නේ බෑටරි එක සෑහෙන්න පාවිච්චි වෙලා.

    මම තිබුන විදිහටම වෙන්ට් එක හයි කරලා පිටත් වෙනකොට මම දැක්කා හොට් ටබ් එක වතුර ෆිල් වෙලා තියෙනවා. මට ඊයේ එහෙම එකක් දැක්ක බවක් මතක නෑ. මම නිකමට වතුරට අත දාලා බැලුවා. වතුර රස්නෙයි. ඒ කියන්නේ කවුරුහරි පැය දෙකක් ඇතුලත වගේ මේක යූස් කරලා තියෙනවා.

    මම පුලුවන් තරම් ඉක්මනට එතනින් පිටත් වුනා. මම ඔෆිස් එකට එනකොටත් මගේ හාට් එක ඩ්‍රම් බීට් එකක් වගේ ඇහෙනවා. මම මාරකයක් පැනපු බව මට හිතුනා. වාහනෙන් බැහැපු ගමන් මම ස්මෝක් එකක් පත්තු කරගත්තා. යාළුවා ස්මෝක් එක පත්තු කරගන්නකොටම "බියර්?" කියලා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මූණ දිහා බැලුවා.
    "නෑ බ්ලැක් කොෆී එකක් ප්ලීස්"

    මම යාළුවාට සිද්ධිය කියුවෙත් ඇවිත් විනාඩි 15විතර ගිහින්. කොෆී එකක් එක්ක ස්මෝක් එක ගහනකොටත් මගේ අත වෙව්ලනවා කරපු ගොන් වැඩේට. ලැප් එක අරං කාඩ් එක ගැහුවේ මොනවා මගුලකටද අපි පැටලෙන්න යන්නේ කියලා හිත හිත. කාඩ් එක බැකප් කරලා ප්ලේ බැක් කරා. අද දවල් 2ට විතර කැමරා එක ඔන් වෙනවා. 50-55 විතර මනුස්සයෙක් Roy නෙමෙයි. තව 30-35 විතර ගෑණු කෙනෙක් එක්ක ඇතුලට එනවා. දෙතුන් පාරක් රිවයින්ඩ් කරලා අපි මූණු දෙක පැහැදිලිම ෆ්‍රේම් හොයලා දෙකක් ග්‍රෑබ් කරගත්තා.

    යාන්තම් පිරිමි කෙනා හුරු ගතියකුත් තියෙනවා. අපි කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ගැන හොයපු ෆ්රල්ඩර් එක ඇරන් බලනකොට මනුස්සයා ඉන්නවා.
    "ඒක තමයි මට සැක හිතුනේ යතුරේ Roy ගේ ඉනීෂියල් ගහලා තියෙනකොට. මේකේ යතරු තව අය ගාව තියෙනවා"

    මම එහෙම කියද්දි ලැප් එක අතට ගත්තු මගේ යාළුවා සෝෂල් මීඩියා එකක සර්ච් එකක් පටන් ගත්තා. ටික වෙලාවක් එහාට මෙහාට සර්ච් කරලා ඩිස්ප්ලේ එක හැරෙව්වා මට.

    "බිංගෝ.... මට ගෑණු කෙනා දැකලා පුරුදුයි. මම මෙයා දැක්කා එදා ඔයිස් එකේදී. මේ ඉන්නේ,....."

    මේ ගෙදර ආයතනයේ ඩිරෙක්ටර් ලා ටික හොර වැඩ වලට පාවිච්චියට තියාගත්තු එකක් වගේ. හදලා තියෙන්නේ ගැරෑජ් එකට ඇවිත් දොර වහගත්තාම කාටවත් ඇතුලේ වෙන දෙයක් හොයන්න බැරි වෙන්න. ඇතුලේ කාමරය මේ වැඩේටම හදපු එකක් බව මට හිතුනා දැකපු ගමන්. වටේටම ඩබල් වෝල් වුනාම එළියට කිසිම සද්දයක් ඇහෙන්නෑ.

    නමුත් අපිට මේක මෙතනින් එහාට ඒ ගැන හොයන්න හේතුවක් නෑ. අපිට අනික් මිනිස්සු කරන දේවල් අදාල නැහැ. අපි දන්නවා Tee යන එන තැන. Roy එක්ක සම්බන්ධය. අපිට තාම ඔප්පු කරන්න බැරි එකම දේ මේ සල්ලි Roy ගෙන්ම එන බව විතරයි. අපි ඒකට මහන්සි වෙන්න අවශ්‍ය නෑ කියලා මට හිතුනා. අපි ඒ බව හයිලයිට් නොකර මේ වැඩේ ඉවර කරන්න පහුවදා අම්මා මීට් වෙන්න දාගත්තා.

    කැෆේ එකකදී මීට් වෙලා අම්මාට මම සිද්ධිය කෙටියෙන් විස්තර කරා.

    "Tee ට දැන් අවුරුදු 19ක්. එයා කරන දේවල් වල හරි වැරැද්ද තීරණය කරන්න එයාට පුලුවන් කියලා අපි හිතනවා. නීතිවිරෝධී මුකුත් කරන බවක් අපිට හම්බුනේ නෑ. එයාට ඉන්නවා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. නීතියෙන් Tee වැඩිහිටියෙක් නිසා අපි ඒකේ වැරැද්දක් දකින්නෑ. පුද්ගලයා ලොකු රැකියාවක් කරන සල්ලි තියෙන කෙනෙක්. අපි දන්නෑ ඒ දෙන්නා අතර සම්බධය මොන ස්වරූපයේ එකක්ද කියලා. ඒක ගැන අම්මා මැදිහත් වෙන්න ඕනද එපාද කියන්න අපිට කියන්න බෑ. අවශ්‍ය නම් විතරක් වැඩි විස්තර අපිට දෙන්න පුලුවන්"

    "ටිකක් වෙලා සාවදානව අහන් හිටපු අම්මා මගෙන් අවසර අරං ස්මෝක් පැකට් එකක් අරං මටත් එකක් දික් කරා. අපි දෙන්නාම ස්මෝක් එක පත්තු කරන් කෝපි උගුරක් බිව්වා. විනාඩි දෙකක් විතර නිහඩව හිටපු අම්මා කතාව පටන් ගත්තා.

    "ඔය මනුස්සයාට වයස කීයද?".
    " මං හිතන්නේ Tee ට වගේ දෙගුනයක් විතර". මම වැඩිය කෙයා නොකරන බවක් මවාගෙන කියලා දැම්මා.
    "ඒ කියන්නේ මගේ වයස විතර... Oh god!... ඒ මිනිහා බැදලාද?".
    "ඩිවෝස්".
    "ළමයි ඉන්නවාද?"
    "Tee ට වඩා අවුරුද්දක් දෙකක් බාල පුතෙක් ඉන්නවා. එයා ඉන්නේ වෙන රටක අම්මා එක්ක"
    "මගේ දුව සේෆ් ද?"
    මාව අසරණ කරන ප්‍රශ්ණය ආවා. " මට ඒක සහතික වෙන්න අමාරුයි. නමුත් මම හිතන්නෑ මේ මනුස්සයා Tee ට අනතුරක් කරයි කියලා. Tee කොලේජ් මේට් ලා දෙතුන් දෙනෙක් ඇරුණාම ආශ්‍රය කරන්නේ මේ මනුස්සයා විතරයි. මම හිතන්නෑ අනික් යාළුවොත් එයාට මේ තරම් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා කියලා. හැබැයි මේ සම්බන්ධය රහසිගතව තියාගන්න මේ මනුස්සයා පරිස්සම් වෙනවා".
    "මට උදව්වක් කරන්න. ඔය මනුස්සයාගේ විස්තර ඔක්කෝම ෆයිල් එකක් හදලා තියාගන්න. කවදා හරි ඕන වුනොත් මම ආපහු එනවා. Tee ගේ තාත්තාට මුකුත් කියුව නැති එක හොදයි. ඔබතුමාගේ අමතර වියදම් සදහා තව කොච්චරක් මම ගෙවන්න තියෙනවාද?"
    "මම ඉන්වොයිස් එක අම්මාට දුන්නා. එයා චෙක් පොත අරං චෙක් එකක් ලියලා දුන්නා"
    "බොහොම ස්තූතියි මිස්ටර් **** මම හිතනවා ආපහු අපිට රාජකාරී මට්ටමින් මුනගැහෙන්න වෙන එකක් නෑ කියලා. මට තව ටිකක් වෙලා මෙතන ඉන්න ඕන. ඔබ තුමා තව කෝපි එකක් බොනවාද?"

    මම දැනගත්තා ඒ කියන්නේ එයාට නිදහසේ ඉන්න දීලා යන්න කියන එක බව. මම ගෙනාපු ෆයිල් එකත් අරං ස්තූතිකරලා එතනින් පිටත් වුනා. සමහර පරීක්ෂණ කරනවාට වඩා අමාරුයි වාර්ථාව ඉදිරිපත් කරන්න.
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    room eka athule recording eka dapanko ban aputath balanda
    ජීවිත කීයක් අවදානමේ දාන වැඩක්ද ඉල්ලන්නේ? PI කෙනෙක්ගේ ජොබ් එකේ පළවෙනි එතික් එක තමා කවදාවත් එවිඩන්ස් පබ්ලිෂ් නොකිරීම. අපි කරන දේවල් වල රහස්ය භාවයට තියෙන විශ්වාසය නැති වුනොත් කවදාවත් අපේ ජොබ් එකට පැවැත්මක් නෑ. අපි ඒවා හැමතැනම කියන්නෙත් නෑ. මෙතන නමක් ගමක් රටක් සදහන් නොකර ලියන්නත් මම මහන්සි වෙන්නේ ඒකයි.

    Pothak liyapan
    ඒකත් වෙනම ආතල් එකක්. බලමු ඉස්සරහාට. ස්තූතියි අදහසට
    ------ Post added on Oct 17, 2021 at 2:51 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    දෙවැනි කතාව

    මේ එසයින්මන්ට් එක ආවේ බැදපු මැදි වියේ ලේඩි කෙනෙක්ගෙන්. එයාගේ හස්බන්ඩ්ට තව කෙල්ලෙක් ඉන්නවා කියලා එයාට සැක හිතිලා තිබුනා. මනුස්සයාගේ එකවුන්ට් වලින් ලොකු ගණන් හොයන්න බැරි වියදම් මාසෙට කිහිපයක්ම ගෑණි නෝට් කරලා තිබුනා.

    එයා සැක කරේ ඔෆිස් එකේ හස්බන්ඩ් ගේ ස්ටාෆ් එකේම කෙල්ලෙක්ව. මිනිහා ලොකු රස්සාවක් කරේ. වයිෆ්ට එයාගෙම බිස්නස් එකක් තිබුනා. වයිෆ්ට ෆුල් රිපෝට් එකක් ඕන වුනා යන තැන්, කරන දේවල්. Photo, video, audio හැම දේම. ලොකු ප්‍රොජෙක්ට් එකක්. හොදට බිලක් දාන්න අපිත් සැදී පැහැදී ගත්තේ.

    වයිෆ් අපිට ගෙදර යතුරු පවා ඩුප්ලිකේට් දුන්නා ඔක්කෝම. කොටින්ම අපිට එනවා නම් CCTV system එකට ඔන්ලයින් ලොග් වෙලා ආපු දේවල් මකන්න පාස්වර්ඩ් පවා දුන්නා. අපේ සිරිතක් තියෙනවා දෙයක් මකනකොට කෝකටත් බැකප් ගහන්න. අපි ගෙදරට ගියපු පලවෙනි පාරම කරේ DVR හාඩ් ඔක්කෝම බැකප් කරපු එක. ගෙදර ඔක්කෝම බලාකියාගෙන, මනුස්සයා ගේ හැම දේම බැලුවත් කිසිම සැක දෙයක් ලැබුනේ නෑ. CCTV ඇනලයිස් කරන්න අපිට වෙනම ටීම් එකක් ඉන්නවා. උන්ට DVR කොපිය දුන්නා. අපි ෆීල්ඩ් එකේ වැඩ පටන් ගත්තා. මනුස්සයා පලවෙනි දවසේ ටිකක් රෑ වෙලා ඕෆ් වුනා. පිටත් වෙනකොට කෝල් එකක එළියට ආවේ. කෙලින්ම ගෙදර ගියා. කිසිම සැක කටයුත්තක් තිබුනේ නෑ.

    අපිට ඔෆිස් එක ඇතුලේ කෙනෙක් ප්ලාන්ට් කරන්න තරම් දුර යන්නත් බෑ. ඔෆිස් එකේ රින්ගලා හොයන්නත් බෑ. වීක් පොයිනට් එකක් අහු වෙනකන් පස්සෙන් යමු කියලා අපි බැලුවා. දවස් තුනක් අපිට කිසිම වීක් පොයින්ට් එකක් නෑ.

    ඔය අතර CCTV ඇනලයිස් කරපු උන් කියපි සමහර කෑලි මැදින් පැය 4-5 මිසින්ග් කියලා. වැඩේ මිසින්ග් ටික පටන්ගන්නකොටත්, නැවත DVR වැඩ කරනකොටත් ගෑණිගේ කාර් එක ගැරෑජ් එකේ. අපිට නෝට් වුනා ගෑණිගේ කාර් එක ඔය අතර මූව් වෙලාත් නෑ කියලා. හරියටම එකම තැන පාක් කරන්න විදිහක් නෑ නේ. අපිට තේරුනා කතාවේ නොගැලපෙන තැනක් තියෙන බව. එදා හවස මනුස්සයා ඔෆිස් එකෙන් එළියට ඇවිත් ලගම තිබුන පබ් එකකට ගියා. මමත් ඇතුලට රිංගුවා අද බඩු අහුවෙයි කියලා. මනුස්සයා පුටු දෙකක් තියෙන මේසෙක වාඩි වෙලා හරි සංසුන්ව මොනවා හරි ඕඩර් කරා. මම බාර් එකේ ඉදන් සෝඩා එකක් ගැහුවා. මිනිහා වාඩිවෙලා හිටියේ මට පිටු පාලා. ටික කින් මට ස්කොෂ් එකක් ආවා.

    "මම ඕඩර් කරේ නෑ"
    "අර ටේබල් එකේ සර් එව්වේ"
    මගේ ඉහ මොළ රත් වුනා. හරි නේ මිනිහා මාව දන්නවා. හැරිලා වත් බැලුවේ නැතුව. මමත් ග්ලාස් එක අරං ටේබල් එක ගාවට ගියා.
    "කවුරු හරි එනකන් ද?"
    "ඔව් ඔබ තුමා බලා පොරොත්තුවෙන් හිටියේ"
    මට කට උත්තර නැති වුනා. මමත් ඩ්‍රින්ක් එකට තෑන්ක්ස් කරලා වාඩි වුනා.

    "මොනවාද මේ වෙනකන් ප්‍රගතිය?"
    කියන්න කිසිම ප්‍රගතියක් නෑ ඇත්තටම. අපි දැන් නෝන්ඩි වෙලාත් ඉවරයි. මට වචන නැති වුනා.
    "මම දන්නවා මගේ වයිෆ් ඔයාලට ගෙවලා ඇති මා ගැන හොයන්න. ගැටළුවක් නෑ, හැබැයි මේ ඇතුලේ වෙන කතාව විතරක් එයා දැනගන්න ඕන නෑ."
    මම වචනයක් නැතුව අහන් හිටියා වුන දේ හොයාගන්න.
    "මගේ වයිෆ්ට ඕන ඩිවෝස් එකට හේතුවක්. මගේ දේපල වලින් කොටසක් අයිති කරගන්න. මාව ගිල්ටි කරන්න. මම දන්නවා ඔයාලා කවද් ද? මුණ ගැහුනේ, ගෙදර ආව ගිය ඒවා හැමදේම. මම අද වෙනකන් හිටියේ මගේ වැඩ ටික අවසන් වෙනකන්."

    මම වචනයක් නැතිව ග්ලාස් එකම කටේ හලා ගත්තා. මට බෑ මගේ ක්ලයන්ට් පාවා දෙන්න.

    "ඔයාලා ගාවට වයිෆ් එන්න මාස දෙකකට කලින් තමයි මම එයා ගැන ඉන්වෙස්ටිගේට් කරන්න ගත්තේ."

    මට ටක්ගාලා මතක් වුනා බැන්කුවෙන් සල්ලි අතුරුදහන් වෙන්න පටන් ගත්තේ මාස දෙකක විතර ඉදන් බව.

    "එයා මගේ ගෙදරට BF ගෙන්න ගන්නවා. ඒ වෙලාවට තමා DVR එක නවතින්නේ. මේ වෙනකොට ඔයාලාට ඒක නෝට් වෙලා ඇති"

    මට අග මුළ පැහැදිලි වුනා.

    "හැබැයි එයාට අමතක වුනා පාරෙන් එහා පැත්තේ ගෙදරත් CCTV තියෙන බව"

    මට මනුස්සයා DVD එකක් දුන්නා.

    "ඔතන තියෙන්නේ ඉස්සරහ ගෙදර මනුස්සයාගේ CCTV footage ටික විතරයි. මං ගාව තව ගොඩක් එවිඩන්ස් තියනවා. ඔයාලාට අවශ්‍ය නම් තව කාලයක් මගේ දිහා බලන් ඉන්න පුලුවන් එයා බිල ගෙවනවා නම්. හැබැයි හෙට මගේ ලෝයර් ඩිවෝස් එක ෆයිල් කරනවා."

    මම ස්ටේල්මේට් වෙලා කියලා මට හිතුනා. ඔහුට අවබෝධයෙන් ගණුදෙනුව කරපු එකට ස්තූති කරලා, තව ශොට් එකක් දාන්න කරපු ආරාධනාවත් ප්‍රතික්ෂේප කරලා මම නැගිටලා ආවා. කෙලින්ම ඔෆිස් එකට කතා කරලා දැනුවත් කරා අපි ලණුවක් කාපු බවත්. වහාම සියළුම ඉන්වෙස්ට්ගේශන් නවත්වන්න කියලා.

    සාමාන්‍යයෙන් ඒ වගේ බොරු පැමිණිල්ලකට කරපු පරීක්ෂණ වල කිසිම තොරතුරක් අපි ක්ලයන්ට දෙන්නෑ. ඒක එතිකලි වැරදියි. මෙතන මේ ගෑණි හොයලා තියෙන්නේ මිනිහාව බ්ලෑක්මේල් කරලා දේපලත් එක්ක ඩිවෝස් එකකට යන්න එවිඩන්ස්. ඇත්තටම වැඩේ පත්තු වුනේ අනික් පැත්තට. ඔය හේතුව නිසා තමයි අපි හරි එවිඩන්ස් එකක් නැතුව මිනිහෙක් ඩීප් ෆලෝ නොකරන්නේ. සමහර වෙලාවට එහෙම ගිහින් අපි අමාරුවේ වැටෙන්නත් පුලුවන්.

    සමහර වෙලාවට අපි හිතන දේ නෙමෙයි අවසානයට හම්බුවෙන්නේ.

    ප්‍රශ්ණ කිහිපයක් අහලා තිබුනා, මේක ඉවර කරනකන් හිටියේ. ඉක්මනට උත්තර දෙන්නම්
    අර ඩිලීට් කරපු ටික රිකවරි කරගන්න බැරිද බන් 🥴😂😂
     
    • Haha
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    අර ඩිලීට් කරපු ටික රිකවරි කරගන්න බැරිද බන් 🥴😂😂
    ඔරිජිනල් හාර්ඩ් එක නෙමෙයි අපි ඇනලයිස් කරන්න දුන්නේ බැකප් එකක්. බැකප් වල අහවල් දෙයක් රිකවර් කරන්නද?

    අනික් කාරණය CCTV DVR හිස් ඉඩ ඔක්කෝම ආපහු ආපහු ඕවර් රයිට් කරනවා. එතකොට රිකවර් කරන්න නම් ඩිලීට් කරපු ගමන් රිකවර් කරන්න වෙනවා.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Inbox එන්න දෙයක් නෑ. එලකිරියේ ඇන්ටි කෙනෙක් ඉන්නවා මේකේ ත්‍රෙඩ් එයාගේ හස්බන්ට යවන. මට ඒ ඇන්ටිගේ EK ID1 හොයලා දෙන්න පුලුවන්ද.
    Geshi95 කියල කිව්වොත් ඔයා මොකද කරන්නේ?
    අනුරාදට දීපු බෙහෙත් ටිකක අධිමාත්‍රාවක් අරන් චුත වෙනවදහ්? :rolleyes:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Geshi95 කියන්නේ කෑල්ලක්ද බං?
    එහෙම තමයි මම හිතන් ඉන්නේ
    කෑල්ලක් වගේ රඟපාන කොල්ලෙක්ද දන්නෙත් නෑ :baffled:
    ඉන්වෙස්ටිගේට් කොරලම තමා බලන්න වෙම්නේ :oo:
     
    • Haha
    Reactions: sanguine

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    එහෙම තමයි මම හිතන් ඉන්නේ
    කෑල්ලක් වගේ රඟපාන කොල්ලෙක්ද දන්නෙත් නෑ :baffled:
    ඉන්වෙස්ටිගේට් කොරලම තමා බලන්න වෙම්නේ :oo:
    මතක නේ Wasthi ලාගේ Light Upali සීන් එක?
     
    • Wow
    Reactions: Mandalorian

    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    ඒ මොකද්ද ?
    ඒකේ ඔක්කොම බැලුවෙ නෑ මම.
    මංගලයා හිටපු හරිය විතරයි බැලුවේ
    උඹ වගේ එකෙක් රැවටිලා බෙල්ලේ වැළ දාගත්තු එකකින් නේ සීන් එක පටන් ගන්නේ. අන්තිමට බලනකොට ඒකට ඇමතියෝ දෙන්නෙකුත් ඇදලා
     
    • Wow
    Reactions: Mandalorian

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    4.4 සහ 4වෙනි කතාවේ අවසාන කොටස.

    වැඩේ ඕල්මෝස්ට් ඉවරයි වගේ දැනුන නිසා අපි ප්ලෑන් කරා දෙමව්පියන්ට අනවශ්‍ය කොටස් අයින් කරලා පුංචි ප්‍රසන්ටේෂන් එකකින් ඉවර කරන්න.

    ඒත් දැන් අපි හයිකරපු කැමරා එක ගලවනකන් මේ වැඩේ ඉවර වෙන්නෑ. ඕක නිසා ලොකු ප්‍රශ්නයක් එන්න පුලුවන්. එකපාරටම ගිහින් ගලවාගෙන එන්නත් බැහැ හරියට නොදැන Roy එතනද නැද්ද කියලා. අනික මේ අත්භූත තැන ගැන අපි තාම හරියටම දන්නෑ. පහුවදා අපි ආයිත් මේ ප්ලේස් එක ගැන තව ඩීප් හොයන්න ගත්තා. මේ රෙසිඩන්සි ඒරියා එකම හදලා තියෙන්නේ අවුරුදු 6-7කට කලින් අදාල සමාගමෙන්. මේ ගෙදර ඇරෙන්න අනික් ඔක්කෝම විකුණලා. මේක තියාගෙන ඉදලා ආයතනයේ නමට.

    අපි මේක ඩිසයින් කරපු ආයතනයේ මනුස්සයෙක්ට ගානක් දීලා මාස්ටර් ප්ලෑන් එක කොපියක් ගත්තා. ඒකේ තියෙන විදිහට මේක රියල්ස්ටේට් කම්පැනි එකේ ඔෆිස් එක. ඒ කියන්නේ මේක මුල ඉදන්ම Roy එයාගේ නමට නැතුව ෆයිල් ක්ලීන් තියාගන්න කරපු වැඩක්. හැබැයි ආයතනය කොහොමද මේක දන්නේ නැත්තේ?

    එදා Roy ගෙදර කියලා සැක හැර දැනගෙන අපි රෑ 8ට විතර මේ ගෙදරට ගියා කැමරා එක ගලවන්න. පුලුවන් ඉක්මනට ඇතුල්වෙලා කැමරා එක ගලවනකොට මට එක්ස්ටර්නල් බැටරි එක ටිකක් රත්වෙලා කියලා තේරුනා. ඒ කියන්නේ බෑටරි එක සෑහෙන්න පාවිච්චි වෙලා.

    මම තිබුන විදිහටම වෙන්ට් එක හයි කරලා පිටත් වෙනකොට මම දැක්කා හොට් ටබ් එක වතුර ෆිල් වෙලා තියෙනවා. මට ඊයේ එහෙම එකක් දැක්ක බවක් මතක නෑ. මම නිකමට වතුරට අත දාලා බැලුවා. වතුර රස්නෙයි. ඒ කියන්නේ කවුරුහරි පැය දෙකක් ඇතුලත වගේ මේක යූස් කරලා තියෙනවා.

    මම පුලුවන් තරම් ඉක්මනට එතනින් පිටත් වුනා. මම ඔෆිස් එකට එනකොටත් මගේ හාට් එක ඩ්‍රම් බීට් එකක් වගේ ඇහෙනවා. මම මාරකයක් පැනපු බව මට හිතුනා. වාහනෙන් බැහැපු ගමන් මම ස්මෝක් එකක් පත්තු කරගත්තා. යාළුවා ස්මෝක් එක පත්තු කරගන්නකොටම "බියර්?" කියලා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මූණ දිහා බැලුවා.
    "නෑ බ්ලැක් කොෆී එකක් ප්ලීස්"

    මම යාළුවාට සිද්ධිය කියුවෙත් ඇවිත් විනාඩි 15විතර ගිහින්. කොෆී එකක් එක්ක ස්මෝක් එක ගහනකොටත් මගේ අත වෙව්ලනවා කරපු ගොන් වැඩේට. ලැප් එක අරං කාඩ් එක ගැහුවේ මොනවා මගුලකටද අපි පැටලෙන්න යන්නේ කියලා හිත හිත. කාඩ් එක බැකප් කරලා ප්ලේ බැක් කරා. අද දවල් 2ට විතර කැමරා එක ඔන් වෙනවා. 50-55 විතර මනුස්සයෙක් Roy නෙමෙයි. තව 30-35 විතර ගෑණු කෙනෙක් එක්ක ඇතුලට එනවා. දෙතුන් පාරක් රිවයින්ඩ් කරලා අපි මූණු දෙක පැහැදිලිම ෆ්‍රේම් හොයලා දෙකක් ග්‍රෑබ් කරගත්තා.

    යාන්තම් පිරිමි කෙනා හුරු ගතියකුත් තියෙනවා. අපි කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ගැන හොයපු ෆ්රල්ඩර් එක ඇරන් බලනකොට මනුස්සයා ඉන්නවා.
    "ඒක තමයි මට සැක හිතුනේ යතුරේ Roy ගේ ඉනීෂියල් ගහලා තියෙනකොට. මේකේ යතරු තව අය ගාව තියෙනවා"

    මම එහෙම කියද්දි ලැප් එක අතට ගත්තු මගේ යාළුවා සෝෂල් මීඩියා එකක සර්ච් එකක් පටන් ගත්තා. ටික වෙලාවක් එහාට මෙහාට සර්ච් කරලා ඩිස්ප්ලේ එක හැරෙව්වා මට.

    "බිංගෝ.... මට ගෑණු කෙනා දැකලා පුරුදුයි. මම මෙයා දැක්කා එදා ඔයිස් එකේදී. මේ ඉන්නේ,....."

    මේ ගෙදර ආයතනයේ ඩිරෙක්ටර් ලා ටික හොර වැඩ වලට පාවිච්චියට තියාගත්තු එකක් වගේ. හදලා තියෙන්නේ ගැරෑජ් එකට ඇවිත් දොර වහගත්තාම කාටවත් ඇතුලේ වෙන දෙයක් හොයන්න බැරි වෙන්න. ඇතුලේ කාමරය මේ වැඩේටම හදපු එකක් බව මට හිතුනා දැකපු ගමන්. වටේටම ඩබල් වෝල් වුනාම එළියට කිසිම සද්දයක් ඇහෙන්නෑ.

    නමුත් අපිට මේක මෙතනින් එහාට ඒ ගැන හොයන්න හේතුවක් නෑ. අපිට අනික් මිනිස්සු කරන දේවල් අදාල නැහැ. අපි දන්නවා Tee යන එන තැන. Roy එක්ක සම්බන්ධය. අපිට තාම ඔප්පු කරන්න බැරි එකම දේ මේ සල්ලි Roy ගෙන්ම එන බව විතරයි. අපි ඒකට මහන්සි වෙන්න අවශ්‍ය නෑ කියලා මට හිතුනා. අපි ඒ බව හයිලයිට් නොකර මේ වැඩේ ඉවර කරන්න පහුවදා අම්මා මීට් වෙන්න දාගත්තා.

    කැෆේ එකකදී මීට් වෙලා අම්මාට මම සිද්ධිය කෙටියෙන් විස්තර කරා.

    "Tee ට දැන් අවුරුදු 19ක්. එයා කරන දේවල් වල හරි වැරැද්ද තීරණය කරන්න එයාට පුලුවන් කියලා අපි හිතනවා. නීතිවිරෝධී මුකුත් කරන බවක් අපිට හම්බුනේ නෑ. එයාට ඉන්නවා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්. නීතියෙන් Tee වැඩිහිටියෙක් නිසා අපි ඒකේ වැරැද්දක් දකින්නෑ. පුද්ගලයා ලොකු රැකියාවක් කරන සල්ලි තියෙන කෙනෙක්. අපි දන්නෑ ඒ දෙන්නා අතර සම්බධය මොන ස්වරූපයේ එකක්ද කියලා. ඒක ගැන අම්මා මැදිහත් වෙන්න ඕනද එපාද කියන්න අපිට කියන්න බෑ. අවශ්‍ය නම් විතරක් වැඩි විස්තර අපිට දෙන්න පුලුවන්"

    "ටිකක් වෙලා සාවදානව අහන් හිටපු අම්මා මගෙන් අවසර අරං ස්මෝක් පැකට් එකක් අරං මටත් එකක් දික් කරා. අපි දෙන්නාම ස්මෝක් එක පත්තු කරන් කෝපි උගුරක් බිව්වා. විනාඩි දෙකක් විතර නිහඩව හිටපු අම්මා කතාව පටන් ගත්තා.

    "ඔය මනුස්සයාට වයස කීයද?".
    " මං හිතන්නේ Tee ට වගේ දෙගුනයක් විතර". මම වැඩිය කෙයා නොකරන බවක් මවාගෙන කියලා දැම්මා.
    "ඒ කියන්නේ මගේ වයස විතර... Oh god!... ඒ මිනිහා බැදලාද?".
    "ඩිවෝස්".
    "ළමයි ඉන්නවාද?"
    "Tee ට වඩා අවුරුද්දක් දෙකක් බාල පුතෙක් ඉන්නවා. එයා ඉන්නේ වෙන රටක අම්මා එක්ක"
    "මගේ දුව සේෆ් ද?"
    මාව අසරණ කරන ප්‍රශ්ණය ආවා. " මට ඒක සහතික වෙන්න අමාරුයි. නමුත් මම හිතන්නෑ මේ මනුස්සයා Tee ට අනතුරක් කරයි කියලා. Tee කොලේජ් මේට් ලා දෙතුන් දෙනෙක් ඇරුණාම ආශ්‍රය කරන්නේ මේ මනුස්සයා විතරයි. මම හිතන්නෑ අනික් යාළුවොත් එයාට මේ තරම් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා කියලා. හැබැයි මේ සම්බන්ධය රහසිගතව තියාගන්න මේ මනුස්සයා පරිස්සම් වෙනවා".
    "මට උදව්වක් කරන්න. ඔය මනුස්සයාගේ විස්තර ඔක්කෝම ෆයිල් එකක් හදලා තියාගන්න. කවදා හරි ඕන වුනොත් මම ආපහු එනවා. Tee ගේ තාත්තාට මුකුත් කියුව නැති එක හොදයි. ඔබතුමාගේ අමතර වියදම් සදහා තව කොච්චරක් මම ගෙවන්න තියෙනවාද?"
    "මම ඉන්වොයිස් එක අම්මාට දුන්නා. එයා චෙක් පොත අරං චෙක් එකක් ලියලා දුන්නා"
    "බොහොම ස්තූතියි මිස්ටර් **** මම හිතනවා ආපහු අපිට රාජකාරී මට්ටමින් මුනගැහෙන්න වෙන එකක් නෑ කියලා. මට තව ටිකක් වෙලා මෙතන ඉන්න ඕන. ඔබ තුමා තව කෝපි එකක් බොනවාද?"

    මම දැනගත්තා ඒ කියන්නේ එයාට නිදහසේ ඉන්න දීලා යන්න කියන එක බව. මම ගෙනාපු ෆයිල් එකත් අරං ස්තූතිකරලා එතනින් පිටත් වුනා. සමහර පරීක්ෂණ කරනවාට වඩා අමාරුයි වාර්ථාව ඉදිරිපත් කරන්න.
    මචන්, තව ටිකක් මහන්සි වෙලා, කතාව පිටු 5-6ක් වැඩි වෙන, එත් නීරස නොවන විදිහට ලියන්න. ලියලා, කතා 5-6 හදාගෙන පබ්ලිෂර් කෙනෙක් සෙට් වෙලා පොතක් කරන්න බලන්න....හිතලා බලන්න යෝජනාව....... ජය.
    උදව්වක් ඕන නම් කියන්න.......
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    මචන්, තව ටිකක් මහන්සි වෙලා, කතාව පිටු 5-6ක් වැඩි වෙන, එත් නීරස නොවන විදිහට ලියන්න. ලියලා, කතා 5-6 හදාගෙන පබ්ලිෂර් කෙනෙක් සෙට් වෙලා පොතක් කරන්න බලන්න....හිතලා බලන්න යෝජනාව....... ජය.
    උදව්වක් ඕන නම් කියන්න.......
    පබ්ලිකේෂන් එකක් හොයාගන්න උදව් කරතෑකිද?
     
    • Like
    Reactions: prabu77

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උඹ වගේ එකෙක් රැවටිලා බෙල්ලේ වැළ දාගත්තු එකකින් නේ සීන් එක පටන් ගන්නේ. අන්තිමට බලනකොට ඒකට ඇමතියෝ දෙන්නෙකුත් ඇදලා
    ahh.. ඒම සීන් එකක් තිබ්බද?
    දන්නැතුව හිටියේ (y)

    මැරුනොත් මැරෙන්නේ මං නෙමේ @windows_ubuntu තමා.
    මිනිහා තමා ගේශි බබා ගාගෙන මේකේ ඇමිනෙන්නේ 😂
     
    sanguine

    Well-known member
  • Oct 11, 2021
    101
    385
    63
    Colombo
    try ekaka deela balamu.... :-)
    un ube kathawalata kamathi unoth goda......
    මට ඇත්තටම ශුවර් නෑ බන් පොතක් ලියලා කොස්ට් එක වත් හොයාගන්න පුලුවන් වෙයිද කියලා.