ඔව් මචන්. PIC කියන්නෙ මචෝ එක මයික්‍රොකන්ට්‍රෝලර් ජාතියක් විතරයි. තව පට්ට ගොඩක් දේවල් තියනව.
මයික්‍රො කන්ට්‍රෝලර් එකක් බොහොම ප්‍රාථමික තත්වයෙ කම්පියුටර් එකක් කියල කියන්න පුලුවන් තරමක් දුරට. මයික්‍රොකන්ට්‍රෝලර් එකක් (PIC එකක් කියමු) පාවිච්චි කරන්නෙ මචන් අපිට ඕන විදියට දෙයක් කන්ට්‍රෝල් කරගන්න. තව ඉතින් එක එක වැඩ ගොඩක් කරගන්න පුලුවන්. කොටින්ම කියනවනම් අපිට මොනවහරි වැඩක් කරගන්න තමා පාවිච්චි වෙන්නෙ.කම්පියුටර් එකක් වැඩ ගොඩකට පාවිච්චි කලාට මේගොල්ලො එක ඩෙඩිකේටඩ් වැඩක් තමා හැම තිස්සෙම කරන්නෙ. හැම මගුලම කරන්නෙ යන්නෙ නෑ.
වෙනම ඩෙඩිකේටඩ් සර්කිට් හදන්නෙ නැතුව සමහරවෙලාවට මයික්රොකන්ට්රෝල්ර් එකක් පාවිච්චි කරල අපිට ලේසියෙන් වැඩක් කරගන්න පුලුවන්. ඒකට අපි ගැලපෙන විදිය්ට ඒක ප්‍රෝග්‍රැම් කරගන්න ඕනෙ. එම්බෙඩඩ් ප්‍රෝග්‍රැමින් කියල කියන්නෙ මචන් ගොඩක් වෙලාවට අපි ප්‍රෝග්‍රේම් කරන මයික්‍රො කන්ට්‍රෝලර් එක අපි හදන දේ(එලාර්ම් ඔර්ලෝසුවක් කියමු) ඇතුලෙ එම්බෙඩ් වෙලා තියෙන්නෙ. ඒ සර්කිට් එක අපි කිව්ව වැඩ ටික කර කර ඉන්නව ඇතුලට වෙලා. ඒක අපේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගත වෙලා තියන එකක්. ඒ වගේ සීන් එකක් හින්ද තමා එහෙම ඒව ප්‍රෝග්‍රැම් කරන එකට තමා එම්බෙඩඩ් ප්‍රෝග්‍රැමින් කියල කියන්නෙ. නම් වලට බයවෙන්න එපා මහලොකු සීන් නෙමේ.
තේරුනාද මංද.