අඩෝ මම නිකමට අහන්නේ.. වසරමිලියන ගානක් ඔහේ වයිරස් වලටමිනිස්සු ඔරොත්තු දුන්න නේ.. එහෙම ඔරොත්හු දෙන්නේ නැති එකක් හදන්න පුලුවන්ද? ( නියුක් වගේ ඒවනම් දන්න්ව නේ) වයිරස් එකක් හැදුව කියමුකෝ , පැවැත්මක් තියෙන්න එපැයි.. ඒකබැක්ටීරියාවක් නෙමේ නේ..කොටින්ම අලිත් ජීවියෙක් නේද..ඔන්න ඕකදන්න කෙනක් පැහැදිලි කරන්න..
අපේ බයෝ කරපු කාලේ වයිරස් ගැන ටිකක් කළා. ඒවායේ කිව්වේ වයිරස කියන්නේ ඉතාම ප්‍රාථමික ජීවියෙක් කියල. බැක්ටීරියාවකට ඊට වඩා දියුණු වියුහයක් තියනව කියල. වයිරස වලත් ඇතුලේ න්‍යෂ්ඨික අමුද්‍රව්‍ය තියෙනවා ඒවා RNA කියන නයෂ්ඨිය. ඉතින් මෙවත් පැතිරෙන්නේ තව ජීවියෙක් ඇතුලට ගිහින් ඒ ජීවියාගේ DNA උපයෝගී කරගෙන විඝටනය (duplicate) වෙන එකෙන්. DNA කරන්නේ RNA කියවලා අලුත් RNA හදන එක. ජීවියා ඕනෑම ජීවියෙක් වෙන්න පුළුවන්, බැක්ටීරියා, ශාක සත්තු ඕනෑම දෙයක්. විඝටනය වෙන නිසා න්‍යෂ්ඨික ද්‍රව්‍ය වෙනස් කම් වෙලා අලුත් වයිරසයක් හැදෙන්නත් පුළුවන්. ඉතින් වයිරසයක් වෙනස්කම් කරලා ලැබ් එකක හදන්නත් පුළුවන්.
වයිරස වලත් ප්‍රෝටීන් කවරයක් තියෙනවා. ප්‍රාථමික එකක්. මේක නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පුළුවන් රෝග වාහකයෙක් කියල තේරුම් අරගෙන ඌ අන්දුරාගෙන විනාශ කරලා දාන්න. එහෙම තමයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. එක නිසා වයිරස් එකක් හදල සනීප වුනාම ඒ වයිරස් එක ආපහු හැදෙන්නේ නෑ. අපේ ප්‍රතිශක්තිය දන්නවා ලෙඩේ ආපු ගමන් වනසන්න. එත් විකෘති වුන/කරන ලද වයිරස් එකක් නම් රෝගය හැදෙන්න පුළුවන්.
වයිරස් එකේ ප්‍රෝටීන් එකට යම් ජීවියෙක් ගේ සෛලයකට සම්බන්ධ වෙන්න බැරි නම් රෝගය හැදෙන්නේ නෑ. මේක නිසයි සමහර වයිරස හැදෙන්නේ සමහර ජීවීන්ට විතරයි. උදාහරණයකට ගත්තොත් රෙබීස් ජලභීතිකාව ඕනෑම ක්ෂීරපායි සතෙක්ට හැදුනත් එක සතෙක් ඉන්නවා එක හැදෙන්නේ නැති. ඔපොසම් කියන උතුරු අමෙරිකාවේ ඉන්න සතා. ජලභීතිකාව හැදෙන්නේ නෑ.
වයිරස පැතිරෙන්නේ ශරීර තරල මගින්, ඒ කියන්නේ ලෙඩෙක්ගේ ශරීර තරල නිරෝගී යමෙක්ගේ ශරීරයේ ගෑවෙන්න ඕන. වයිරස වලට ඝනකම කවරයක් නැති නිසා වායුගෝලයට නිරාවරණ වුනු ගමන් විනාශ වෙලා යනවා. එක නිසයි මාස්ක් දාන්න ග්ලවුස් දාන්න කියන්නේ.
මට මතක තරමින් මේක ලිව්වේ, වැරදි තැන් ඇති.
@imhotep @Bad_horse @Purple2022 @emoji diaries