Pokemon Go ඉවර_කල පළමු කෙනා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Pokemon Go ඉවර_කල පළමු කෙනා

    මෑතකදී හඳුන්වා දුන් pokemon Go ක්‍රීඩාව ලොව පුරා අතිශය ජනප්‍රියත්වට පත්වුණා.

    කෙසේ වෙතත් pokemon Go ක්‍රීඩාවේ අඩංගු සියලු pokemonලා අල්ලා ගත් ලොව පළමු පුද්ගලයා පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඔහු නමින් නික් ජොන්සන්.මොහු 28 හැවිරිදි වියේ පසුවන්නෙක්

    ඔහු ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන අතර තාක්ෂණ ශිල්පියෙකු ලෙස රැකියාවක නිරත වන බවයි වාර්තා වන්නේ.

    pokemon Go ක්‍රීඩාවේ එන සියලු pokemonලා අල්ලා ගැනීමට ඔහු ලොව පුරා සංචාරය කර තිබෙනවා.

    කෙසේ වෙතත් ඔහු පවසන්නේ pokemon Go ක්‍රීඩාව අවසන් කල නමුත් එය දිගටම ක්‍රීඩා කරන බවයි.

    pokemon Goහි නිර්මාණකරුවන් එයට නව විශේෂාංග හඳුන්වාදෙනු ඇතැයි තමා අපේක්ෂාවෙන් සිටින බව ද ඔහු පවසනවා.


     
    • Like
    Reactions: tharindu455