Police report ekak ganna hati?

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    Letter eka nam tiyenawa. eth GS certificate ekath oneda? eka natuwa baida?

    kochchara kal yanawa da wedeta?

    koi policiya ta denna one?
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    police report eka ganna ona padinchiwa inna police area eken.

    GS certificate eka aran giyahama ikman.

    ehema nathnam game civil arakshaka kamituwe sabapathige liyumak aragena yanna ona.

    polisiyata gihilla palana anshayata gihilla visthare kiyanna.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Letter eka nam tiyenawa. eth GS certificate ekath oneda? eka natuwa baida? බෑ

    kochchara kal yanawa da wedeta? සති දෙකක් තුනක් වගේ. (වැඩි වෙන්න පුළුවන්..ලංකාවනේ.)

    koi policiya ta denna one? පදිංචි ඉන්න තැන භාර පොලිස් කොට්ටාශයට..උන් යවනවා HQ

    වැඩි විස්තර 1919 කතා කරන්න..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් පොලිස් රිපෝට් ගන්න බෑ ළඟ තියන පොලිසියෙන්. ඒකට කොළඹ කොටුවේ තියන පොලීසියට යන්න ඕනේ.

    මෙන්න මේ ෆෝම් ඒක බාලා ප්‍රින්ට් කරලා පුරවලා බාර දෙන්න ඕනේ

    http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

    මතක ඇතුව රෙජිස්ටර් පෝස්ට් ලියුම් කවරයක් ගෙනියන්න ඔයාගේ ලිපිනය ලියලා මුද්දර රුපියල් 60/- ගහලා. රිපෝර්ට් එකට රුපියල් 500/- ගන්නවා. ID කොපියයි පාස්පෝට් එකේ මුල් පිටුවේ ෆොටෝ කොපි ගෙනියන්න. ඕක බාර දුන්නට පස්සේ ඔයාගේ ගෙවල් ළඟ තියන පොලිසියෙන් ඔයාට කෝල් කරලා ඔයාගේ විස්තර හරිද වැරදිද බලනවා. ඊට පස්සේ එයාලා කොළඹට ඔයාගේ විස්තර හරි කියලා ෆැක්ස් එකක් යවනවා. ඊට පස්සේ සති දෙකක් ඇතුලත රිපෝට් ඒක ගෙදරට එනවා.
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    දැන් පොලිස් රිපෝට් ගන්න බෑ ළඟ තියන පොලිසියෙන්. ඒකට කොළඹ කොටුවේ තියන පොලීසියට යන්න ඕනේ.

    kalin aya kiuwa wage, local police HQ yawanne nath da dan?

    දැන් පොලිස් රිපෝට් ගන්න බෑ ළඟ තියන පොලිසියෙන්. ඒකට කොළඹ කොටුවේ තියන පොලීසියට යන්න ඕනේ.

    මෙන්න මේ ෆෝම් ඒක බාලා ප්‍රින්ට් කරලා පුරවලා බාර දෙන්න ඕනේ

    http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

    මතක ඇතුව රෙජිස්ටර් පෝස්ට් ලියුම් කවරයක් ගෙනියන්න ඔයාගේ ලිපිනය ලියලා මුද්දර රුපියල් 60/- ගහලා. රිපෝර්ට් එකට රුපියල් 500/- ගන්නවා. ID කොපියයි පාස්පෝට් එකේ මුල් පිටුවේ ෆොටෝ කොපි ගෙනියන්න.

    GS certificate one nath da?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් අපි බලමු රට යන්න Police Clearance certificate (මේ කියන්නේ අධ්‍යාපන වීසා හෝ යුරෝපා රටවල් සදහා අවශ්‍ය වෙන සහතිකය) එකක් ගන්නේ කොහොමද කියලා.

    මේ සදහා අවශ්‍ය වෙන අයදුම්පත්‍රය ඔයාලාට මේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්.

    http://www.police.lk/images/formsdownload/clearanceapplication-protected.doc

    එහෙම නැත්නම් ඔයාලට පහත ලිපිනයේ Clearance Application Center එකෙනුත් මුද්‍රිත අයදුම් පත්‍රයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුනත් ඔයාල මේ අයදුම්පත්‍රය පුරෝගෙන මේ ලිපිනයට යන්න ඕනේ එක බාර දෙන්න (ඔයාලගේ නගරයේ පොලිසියට බාර දීලා හරියන්නේ නෑ)

    Clearance Application Center
    No. 331, Ollcot Mawatha,
    Colombo 11
    (කොළඹ කොටුවෙමයි මේ සථානය තියෙන්නේ)

    අයදුම්පත් භාර ගැනිම

    සතියේ දිනවල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා.

    ගාස්තුව රුපියල් 500 (මට මතක විදියට දැන්නම් රු. 1000 ද මන්දා)

    ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

    ජාතික හැදුනුම්පතේ පිටපතක්
    ගමන් බලපත්‍රයේ (Passport) පිටපතක්

    * මේ Police Clearance certificate එක ඔයාලගේ අතට ලැබෙන්න අඩුමතරමින් දවස 30 ක් වත් ගත වෙනවා. මොකද මේ සහතිකය ලබා දෙන්නේ ටිකක සංකීර්ණ ක්‍රියාවලියකින් පසුවයි. අනික මේ සහතිකය ඔයාලට ලැබෙන්නේ ලියාපදිංචි තැපෑල මගිනුයි. ඔයාලට මේක අතින් ලබා ගන්න බෑ.

    ඒ වගේම ඔයාලගේ Police Clearance certificate එකේ සුදානම්ද කියලා දැනගන්න sms ක්ටමයකුත් හදුනවලා දීලා තියනවා.

    PLC CRT {Reference Number} එක ටයිප් කරලා (උදා: PLC CRT 12345/12) අංක 1919 ට යැවීමෙන් ඒ ව්ස්තර ලබා ගන්න පුළුවන්ලු.

    Contact Details.

    Application Centre - 0112422994
    OIC/ Clearance, Police Headquarters - 0112421111 – Ext : 437, 01124392185-88
    ASP/ Clearance, Police Headquarters - 011242111 – Ext: 288,
    Fax - 0112326022

    හැබැයි මැදපෙරදිග වගේ රටවල් සදහා නම් ඔයාලගේ නගරයේ පොලිසියෙන් සාමාන්‍ය පොලිස් සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඊට අදාළ ගාස්තුව රුපියල්. 25 යි.

    හරි, ඒ ගැනත් විස්තර එපමණයි.

    :rolleyes:
     
    • Like
    Reactions: harithacats

    AAA999

    Junior member
  • Aug 4, 2008
    147
    20
    18
    දැන් පොලිස් රිපෝට් ගන්න බෑ ළඟ තියන පොලිසියෙන්. ඒකට කොළඹ කොටුවේ තියන පොලීසියට යන්න ඕනේ.

    මෙන්න මේ ෆෝම් ඒක බාලා ප්‍රින්ට් කරලා පුරවලා බාර දෙන්න ඕනේ

    http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate

    මතක ඇතුව රෙජිස්ටර් පෝස්ට් ලියුම් කවරයක් ගෙනියන්න ඔයාගේ ලිපිනය ලියලා මුද්දර රුපියල් 60/- ගහලා. රිපෝර්ට් එකට රුපියල් 500/- ගන්නවා. ID කොපියයි පාස්පෝට් එකේ මුල් පිටුවේ ෆොටෝ කොපි ගෙනියන්න. ඕක බාර දුන්නට පස්සේ ඔයාගේ ගෙවල් ළඟ තියන පොලිසියෙන් ඔයාට කෝල් කරලා ඔයාගේ විස්තර හරිද වැරදිද බලනවා. ඊට පස්සේ එයාලා කොළඹට ඔයාගේ විස්තර හරි කියලා ෆැක්ස් එකක් යවනවා. ඊට පස්සේ සති දෙකක් ඇතුලත රිපෝට් ඒක ගෙදරට එනවා.

    මචන් මේක පිටරට යන අයට නේද? ජොබ් එකකට යන්න පොලිස් වාර්තාව ඉල්ලන කොට පාස්පෝට් එක නැත්නම් ජාතික හැඳුනුම් පතෙන් ගන්න පූලුවනිද?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන් මේක පිටරට යන අයට නේද? ජොබ් එකකට යන්න පොලිස් වාර්තාව ඉල්ලන කොට පාස්පෝට් එක නැත්නම් ජාතික හැඳුනුම් පතෙන් ගන්න පූලුවනිද?

    matath danaganna one :sorry: