සෘතිය අමුතුයි ඒත් පට්ට තියෙනවා ගතිය
මේ තැටිය කැරකෙද්දි ආතල් නැටවෙන ගතිය
කොහෙ හිටියත් ලෝකෙ හැමදාම දානවා පාටිය
ප්ලේන් ටී නම් ජාතිය රසම පාන් වාටිය
ගැන්සිය ඉන්නවා හන්දියෙ සමහරු බහින්නෙ වන්ඩියෙ
සෙට් උනොතින් අනිවා අල්ලන නම්බරෙ අයියන්ඩියෙ
බිව්වම එනවා යකා ක්ෂණික දාගන්නව කොක්ක
කිව්වට දෙනව කියලා කවුරුත් දෙන්නෑනෙ බොක්ක
සරමට බහිනවා කොච්චර කිට මැරුවත් නිදහස්
කරුමෙට සිංහල බැරි උන්ට නෑ මේ අදහස්
පොශ් විදියට රඟපානවා මොන පොශ් ද අපිට
පොශ් දාලා මමත් රැප් දෙනවා චිංති වගේ තොපිට
අඹ පේර රඹුටන් නැත්තං දෙන්නද ජම්බූ
වෙන භාශාවකට කොහෙද තියෙන්නෙ මචං කොම්බූ