POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා

    ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා


    The-Nava-S%C4%ABvathika-Meditation_site_2.jpg


    ඔයාගේ ස්ට්‍රේයිට් කරපු කෙස් කලඹ, සුදුම සුදු දත් ටික, රන් වන් පාට කරගන්න නොවිඳිනා දුක් විඳපු සම,
    හවසට හවසට ජිම් එකට ගිහිල්ලා පුම්බගත්ත මස්පිඩු ටික, අස්ථි කොටස්, ඒ හැම දේටම වෙන්නෙ මෙන්න
    මේ දේ තමයි. ඉතාමත් ලස්සනට තියෙන කාලෙ කොච්චර දේවල් කරත් ටිකෙන් ටික දිරාපත් වෙනවා දිරාපත්
    වෙලා ක්ෂුද්‍ර ජීවින්ට ආහාර වෙනවා, අන්තිමට මේ මහ පොළොවෙ පස් එක්ක එකතු වෙනවා. පස් වලට එකතු
    වෙලා පස් සහ ශරීර කොටස් වෙන් කරගන්න බැරි තරමටම මහ පොළොවට දිරාපත් වෙලා යනවා.

    ඒ විතරක් නෙමෙයි ජීවත් වෙන කාලේ බදාගෙන ඉඹගෙන ඉන්න මිනිස්සු මැරුණට පස්සෙ මිණිය බදාගෙන අඬයි
    අනේ ගෙනියන්න එපා ගෙනියන්න එපා කියලා අඬන අය මළ ගෙවල් වලදි ඔබ අනන්තවත් දැකලා ඇති. හරි
    එහෙනම් ඔන්න ගෙනියන්නෙ නෑ ගෙදරම තියාගන්න කියලා කිවුවොත් කොච්චර කල් ගෙදර තියාගනීවිද? දවසක්
    දෙකක් යනකොට කියයි අනේ අරං යන්න කියලා.

    ඔයා ජීවත් වෙන කාලේ මොනවද හිතාගෙන ඉන්නෙ. මේ ලෝකෙ අපිටයි අයිති, පොළොවෙ කෑලි කෑලි වෙන්
    කරගන්නවා, සීමා මායිම් වැටකඩුලු දාගන්නවා. මහපොළොව බෙදාගන්න බැරුව මොන තරම් මිනිස්සු ජීවිත නැති
    කරගන්නවද? ජීවත් වීම තමන්ගෙ අයිතියක් තමයි, ඒත් හිතන්න මහ පොළොව ඔබට අයිතියි කියලා හිතාගෙන
    ඔප්පු තිරප්පු හදාගෙන බෙදාගන්න නඩු කිවුවට අන්තිමට මහ පොළොවෙ පස් වෙලා යන්නෙ ඔබමයි.

    එහෙනම්,
    මහ පොළොව ඔබට අයිතිද,
    ඔබ මහ පොළොවට අයිතිද කියලා හිතන්න...

    හිතන්නකො මිනිස්සු මොන තරම් බොරු ලෝකයකද ජිවත් වෙන්නෙ. බොරුවෙන්ම ගොඩනැගුන ලෝකයක්.
    බොරුවෙන්ම ඉදිරියට පවත්වගෙන යන ලෝකයක්. බොරු මානසික රාමු බොරු මානසික ලෝක වලින් පිරුණු ලෝකයක්.
    ඔබ ජීවිතේ යථා ස්වභාවය දකින්න දකින්න ඔබ හදාගත්තු ඒ වගේම අනිත් අය හදලා ඔබව හිර කරපු රාමු එකින් එක
    බිඳිලා යයි. ඔබට නියම නිදහසක් දැනෙයි. අන්න ඒ පුර්ණ නිදහසට පත් වෙන්න නම් නිරතුරුවම ''බොරුවෙන් පිරුනු
    ලෝකයේ යථා ස්වභාවය දකින්න" එසේ සිතන මොහොතක් පාසා ඔබ ජීවිතයේ යථා ස්වභාවය දකීවි.

    අද ඔබත් මමත් මේ මහ පොළවට වස්තුව දේපල බෙදාගන්න බැරුව ගහ මරාගන්නවා, ගිණි තියාගන්නවා, ඔබත් මමත්
    නඩු කියාගන්නවා, හතුරන් විදිහට ජීවත් වෙනවා ඒත් මමත් ඔබත් මේ ගහමරාගන්නෙ වැඩි කාලයකට නෙමෙයි. අපි දෙන්නම
    මේ එකම මහ පොළොවෙ එකම විදිහට පස් වෙලා යනවා. එතකොට ඔබ උපයපු වස්තුව දේපල තබා ඔබේ ශරිර කොටස් මගේ
    ශරීර කොටස් කියලා වත් වෙන් කරගන්න බැහැ. ඔබයි මමයි මේ පුංචි ජීවිත කාලේ ගහ මරාගෙන එකතු කරගත්තු වස්තුව
    දේපල වලින් එක අල් පෙනෙත්තක් වත් ඔබටවත් මට වත් අරගෙන යන්න ලැබෙන්නෙ නෑ.

    ඉතින් ඇයි අපි මේ වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් තණ්හාවෙන් හිත් පුරවගෙන
    ඇයි අපි ඉන්න ටිකේ හිතේ සතුටින් ඉන්නෙ නැත්තෙ?

    Visit -
    අපි නිවෙමු
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    ඔයා ජීවත් වෙන කාලේ මොනවද හිතාගෙන ඉන්නෙ. මේ ලෝකෙ අපිටයි අයිති, පොළොවෙ කෑලි කෑලි වෙන්
    කරගන්නවා, සීමා මායිම් වැටකඩුලු දාගන්නවා. මහපොළොව බෙදාගන්න බැරුව මොන තරම් මිනිස්සු ජීවිත නැති
    කරගන්නවද? ජීවත් වීම තමන්ගෙ අයිතියක් තමයි, ඒත් හිතන්න මහ පොළොව ඔබට අයිතියි කියලා හිතාගෙන
    ඔප්පු තිරප්පු හදාගෙන බෙදාගන්න නඩු කිවුවට අන්තිමට මහ පොළොවෙ පස් වෙලා යන්නෙ ඔබමයි.


    awurudu 60-70k kaale gewanna puduma kattak kanawa.... welawakata minissu paw kiyalath hithenawa :(