Post only Officially Confirmed News

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    _c80dba21473872511c983d5fcc4f23f2.png


    :sorry:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    hari anthimata muslim unta karaganna one wade karagaththaaa.dan muslim unta mehema kiyanna puluwan.

    "උඹලා කියනව නේද මේ මැරයො අපෙන් එකෙක් නෙවෙයි, මේවා දේශපාලන බලවේග කියලා.. මේකම තමයි බං අපි එදත් කිව්වෙ. මේ ත්‍රස්තවාදියෝ අපෙන් එකෙක් නෙවෙයි, පිටින් ආපු බලවේග කියලා..
    අද තවත් කියන්නම්, කොච්චර වුනත් අපි ඒ තත්වෙට වැටෙන්නෙත් නැහැ."

    Ape un hari modaiy
     
    Last edited:

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Not sure this was published here early...worth reading. Received through viber message.

    ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය බැලුවාද ? බැලුවානම් ඔබට අද මේ සිදුවෙන දේවල් බොහෝමයක් තේරුම් ගන්නට පහසු වනු ඇත. ආන්ඩුවේ දේශපාලන මොල ටික විදේශ උපදේශකයන්ගේද සහාය ඇතුව පැය 24 ම කල්පනාකරන්නේ ඉදිරියේදි එන ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත නිසැක පරාජය වලක්වා ගන්නා හැටිය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු ගොඩනැගුන නව සහජීවනය තුල බෞද්ධ හා කතෝලික සිංහල චන්ද එකතු වුවහොත් වැඩේ වරදින බව දන්නා නිසා බෞද්ධයන්ගෙන් කතෝලික ජනතාව ඈත් කල යුතුය. ඒ සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් ලවා මේක සිංහල බෞද්ධ රට කියා කියවා ගත යුතුය. ආන්ඩුව ගැන කලකිරී සිටිනා කතෝලික ජතාවට විපක්ෂයනම් කතෝලිකයන්ට සුදුසු තෝරාගැනීමක් නොවේ කියා හිතෙන්නේ එවිටය.

    මංගල සමරවීර ඊයේ මේක සිංහල බෞද්ධ රට නොවේ කියා ප්‍රසිද්ධියේ කිවේ විපක්ෂයේ දේශපාලනඥයින් අවුස්සාගෙන " එහෙම කොහෙද මේක සිංහල බෞද්ධ රට " කියවාගන්නට බව වටහා ගන්නට අපහසු නැත.

    දැන් මාධ්‍ය සහෝදරයන් විපක්ෂ දේශපාලනඥයින්ට කටට උත්තරය දී මේක බෞද්ධ රටක් නොවේ දැයි අසනු ඇත. වැඩි දෙනෙක් මොලේ පාවිච්චි නොකලොත් දිනන්නේ මංගලය.

    මංගලගේ ගැටයට අසුවුනොත් විපක්ෂයට කතෝලික ජනතාව නැතිවේ. මේ වන විට බෞද්ධයන්ගේ පවා ආදරයට පත්ව සිටින කාදිනල් තුමාටද අඩියක් පස්සට ගන්නට සිදුවේ.

    සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ත්‍රස්ත වී මෙය වැලැක්වීමට කිසිවක් නොකල ආන්ඩුව ගැන මේ වෙලාවේ කලකිරී සිටිනා මුස්ලිම් ජනතාවටද රට සිංහල බෞද්ධයන්ට පමනක්‍ යැයි කියන විපක්ෂය නම් තමන්ට තෝරා ගැනීමක් නොවේ යැයි සිතීම තවත් බෝනස් එකකි.

    දැන් කරන්න තියෙන්නේ පිටින්කවුරු හෝ යවා තැන්තැන් වල මුස්ලිම් කඩ කිහිපයකට පහරදීමයි. ඒ දැක චූන් වන තවත් අය මෙයට එකතු වනු ඇත. ඒ අතරම දෙමළ ව්‍යාපාරයකටත් පහරදුන්නොත් පුදුම වන්නට හේතුවක් නැත.

    දැන් ඉතින් සහරාන්ගේ ප්‍රහාරයෙන් බිම ඇද වැටී සිටි ආන්ඩුවට අළු ගසා නැගිටින්නට පුළුවන. ඊලගට තිබෙන්නේ කලබල කලේ විපක්ෂයේ උදවියය කියා අත් අඩංගුවට ගැනීම් කිහිපයකුත් මේ අස්සේම කරගතහැක. ඔය කලබල අස්සේම ප්‍රති ත්‍රස්ථ පනතත් සම්මත කර ගතහැක

    කලබලය දිගටම ඇද ගත හොත් සාමය රකින්නට විදේශ හමුදාවකුත් ගෙන්වාගෙන චන්දය කල් දමාගන්නට බැරි නැත.

    කූඹියෝ අපූරු ටෙලි නාටකයකි. එය යලිත් යලිත් සැබෑ ලෝකයේ රඟ දැක්වේ - Dr Nalaka Godahewa
     
    Last edited: