posts 10.000 කඩයිමත් දන්නෙම නැතුව පහුකරලා ඒත් එක්කම rep power එකත් 6ක් වෙලා 

ඉතිං ඒ වෙනුවෙන් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන කරුණු ටිකක් සරලව කියන්න හිතුණා
වැඩි කතා නැතුව මාතෘකාවට එමුකො
අධි රුධිර පීඩනය ( High Blood Pressure / Hypertension )
මේ ඉතිං දැන් දැන් ඉතාමත් බහුලවම අහන්න දකින්න ලැබෙන රෝගී තත්වයක්නේ
ඒත් සමහරු නං මේකත් තමන්ගේ තත්වය ඉහලින් තියා ගන්න යොදා ගන්න ආභරණයක් වෙලා ..

ඒ ඇයි කියල වගේම තවදුරටත් මේ ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන එක මේ ලිපිය කියවලම අවබෝධ කරන් තීරණය කරනවනං තමයි වටින්නේ

අපි දන්නවනේ අපේ හෘදයෙන් පිටතට දෙන රුධිරය පිටකරන නාල වලට තමයි අපි ධමනි කියල කියන්නේ .... ඒවයෙන් පෙනහළු කරා යන රුධිරය හැරුනුකොට අනික් සියලුම ධමනි ඔස්සේ ගමන් කරන්නේ පිරිසිදු රුධිරයයි ( ඔක්සිජන් සහ පෝශක අඩංගු රුධිරය )
ඉතිං මෙන්න මේ නාල වල ඇතිවන අවහිරතා තමයි අපේ ශරීරයේ රුධිර පීඩනය වෙනස් වීමට බලපාන්නේ
එසේ රුධිර පීඩනය ඉහළයාමට ප්‍රධාන වශයෙන් කරුණු 3ක් බලපානවා
( 1 ) Cardiac Output / එනම් හර්දය මගින් මිනිත්තුවකදී ශරීරයට පොම්ප කෙරෙන රුධිර පරිමාව
මෙහිදී එම පරිමාව වැඩි වුවහොත් රුධිර පීඩනය ඉහළයාමක් සිදුවනවා ...
( 2 ) blood volume / ශරීරයේ සමස්ත රුධිර ප්‍රමාණය
මෙහිදීද රුධිර ප්‍රමාණය ඉහළයාමත් සමගම රුධිර පීඩනයද ඉහල යාමක් සිදුවෙනවා
( 3 ) resistance / රුධිර ගමනට විරුද්ධව ඇති වන ක්‍රියා
මෙය උදාහරණත් සමගින් කිව්වොත් මෙහෙමයි
1. ධමනි බිත්ති වල නම්‍යශිලිත්වය ( flexibility )
ඔබ සතුව නිරෝගිමත් රුදිර නාල පිහිටා ඇත්නම් එහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවත්වාගෙන යාම ඉතාමත් පහසු කාර්යයකි
( 2 ) ධමනි විෂ්කම්භය
උත්පත්තියෙන්ම ධමනි වල විශ්කම්භය අඩු පුද්ගලයන් ඉන්නවා .... නමුත් බහුලවම මෙය සිදුවන්නේ යම් යම් සංඝටක මෙම නාල තුල සංචිත වීම නිසයි . මෙසේ සංචිත වන අයුරු ගැන ලිපිය අවසානයේදී ඔබ දැනුවත් වෙලා තියේවි
( 3 ) රුධිරයේ ඝනත්වය
ධමනි ඔස්සේ රුධිර සෛල මෙන්ම ප්‍රෝටීන් , මේදය වැනි සංඝටකත් ගමන් කරනවා . ඉතිං මේවා අධික වීමෙන් රුධිර ඝනත්වය ඉහල යාමක් සිදුවෙනවා
(දන්නවනේ ඉතිං මේවා වැඩි වශයෙන් ආහාරයට යොදා ගන්නේ ඉහල පැලන්ති වල උදවියනේ
... ඒ නිසා වෙන්න ඇති මේ රෝගය ගැන ඒ උදවිය ආඩම්බරයෙන් කියන්නේ
)
අධිරුධිර පීඩනය කියන්නේ බොහෝවිට රෝගලක්ෂණ පෙන්නුම් කරන රෝගිතත්වයක් නෙමෙයි ... ඒ නිසාමයි සමහරු මෙයට නිහඬ මාරයෙක් යයි පවසන්නේ
නමුත් රෝගය උත්සන්න වුවහොත් ;
- අධික හිසේරුදව
- වමනය
- පෙනීමේ අපහසුතා
- කරකැවිල්ල
වැනි ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්
දීර්ඝ කාලිනව අධිරුදිරපිඩනය පවතින අයගේ රුධිර නාල දුර්වල වීමේ අවධානම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.
එමගින්
1 ) රුධිර නාල විශාල වීම
2 ) රුධිර නාල පුපුරා යාම
යන කරුණු දෙකට මුහුණදීමේ ප්‍රවනතාවය වැඩි වීමක් පෙන්නුම් කරනවා
මින් දෙවන කරුණ නිසා අභ්‍යන්තර ලේ වහනයක් සිදුවිය හැකියි , එමෙන්ම එම නිරාවරණය වූ ස්ථාන ඔස්සේ ඇතුළු වන කොලෙස්ටරෝල් , මේදය , කැල්සියම් වැනි භාහිර ද්‍රව්‍ය නාල තුල සංචිත වීම නිසා (plaque) රුධිර ගමනයට භාදා එල්ලවිය හැකියි .
මෙම අවහිරතාවය නිසා ඒ ඔස්සේ ගමන් කරන රුධිර සෛල එම බිත්තියේ ඇලීමකට ලක් වීම නිසා(clot) එහි අවහිරතාවය තවත් වැඩි වීමේ අවධානමක්ද පවතිනවා

ඉතිං මේ වගේ පියවරෙන් පියවර ජීවිතය අවධානමට ලක්වන තත්වයන් රාශියක් ගොඩනැගෙන්න පුළුවන් ...
ඒ නිසා කල යුතු අත්‍යවශ්‍යම කරුණ වන්නේ තමන්ගේ ජීවිතය අවදානමකට ලක් නොකර හැකි ඉක්මනින් මෙම තත්වයෙන් අත්මිදීමට වගබලා ගැනීමයි
ඒ සඳහා ඔබගේ වෛද්‍යවරයා නිසි ප්‍රතිකාර සපයනු ඇත ... එහිදී ඔබගේ වකුගඩු
රුධිර නාල
හෘදය
ආශ්‍රිතව ක්‍රියාකාරී වෙන ඖෂධ ඔබට නියම කරනු ඇත
මීට අමතරව ;
(1 ) ***** පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම
(2) ***** ලුණු අවම කිරීම
(ලුණු වල අඩංගු සෝඩියම් ජලයත් සමග එකතු වී රුධිර පරිමාව වැඩි කිරීම නිසා ශරීරයේ රුදිර පරිමාව වැඩි වීමක් සිදු වේ .
එමගින් රුධිර පීඩනය ඉහල යන බැවින් මෙසේ ආහාරයට ලුණු අවම වශයෙන් එකතු කිරීම වැදගත් වේ )
( 3 ) ***** මධ්‍යසාර භාවිතය අවම කිරීම
( 4 ) ***** දිනපතා ශාරීරික ව්‍යායාම වල යෙදීම
( 5 ) ***** උසට සරිලන බරක් පවත්වා ගැනීම
( 6 ) ***** දුම්පානය නතර කිරීම
යන කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට ඔබ වග බලා ගත යුතුය

ලිපිය අවසාන කරන්න මත්තෙන් බොහෝ අය නොසලකා හරින මුත් අතිශය වැදගත් යමක් සටහන් කරන එක වැදගත් කියල හිතුණා
ඒ තමයි ;
***** ඔබ මේ සඳහා දැනටමත් ප්‍රතිකාර ගන්නා අයෙක් නම් , එසේත් නැත්නම් ඔබට යම් දිනයක මේ සඳහා ඖෂධ ගැනීමට සිදු වුවහොත් ඔබගේ රුධිර පීඩනය සාමාන්‍යය මට්ටමට පැමිණියත් එම ඖෂධ ගැනීම අත්නොහළ යුතුයි යන කරුණ *****
මන්ද එමගින් ඔබගේ හෘදය විශාල වී cardiomegaly කියන තත්වය ඇති වන බැවිනි

) අධිරුධිර පීඩනය කියන්නේ බොහෝවිට රෝගලක්ෂණ පෙන්නුම් කරන රෝගිතත්වයක් නෙමෙයි ... ඒ නිසාමයි සමහරු මෙයට නිහඬ මාරයෙක් යයි පවසන්නේ
නමුත් රෝගය උත්සන්න වුවහොත් ;
- අධික හිසේරුදව
- වමනය
- පෙනීමේ අපහසුතා
- කරකැවිල්ල
වැනි ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්
සාමාන්‍ය රුධිර පීඩනය = 120 / 80 mmHg
ආසන්න අධිරුධිර පීඩනය = 120-139 / 80- mmhg
අධිරුධිර පීඩනය = 140-159 / 90-99 mmhg
අති අවධානම් අධි රුදිර පීඩනය = > 160 /90 mmhg
රුදිර පීඩනය වැඩිවීමට බලපාන ප්‍රධානතම කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා නම් ;
- දුම්පානය
- ස්ථුලතාවය හා අධික තරබාරුව
- ශාරීරික ක්‍රියාකාරකම් අල්ප වීම
- අධික වශයෙන් ආහාරයේ සෝඩියම් අන්තර්ගත වීම
- අධික මත්ද්‍රව්‍ය පානය
- මානසික ව්‍යකුලතාවය
- මහලු බව
- ජානමය බලපෑම්
ආසන්න අධිරුධිර පීඩනය = 120-139 / 80- mmhg
අධිරුධිර පීඩනය = 140-159 / 90-99 mmhg
අති අවධානම් අධි රුදිර පීඩනය = > 160 /90 mmhg
රුදිර පීඩනය වැඩිවීමට බලපාන ප්‍රධානතම කරුණු කිහිපයක් ඉදිරිපත් කරනවා නම් ;
- දුම්පානය
- ස්ථුලතාවය හා අධික තරබාරුව
- ශාරීරික ක්‍රියාකාරකම් අල්ප වීම
- අධික වශයෙන් ආහාරයේ සෝඩියම් අන්තර්ගත වීම
- අධික මත්ද්‍රව්‍ය පානය
- මානසික ව්‍යකුලතාවය
- මහලු බව
- ජානමය බලපෑම්
දීර්ඝ කාලිනව අධිරුදිරපිඩනය පවතින අයගේ රුධිර නාල දුර්වල වීමේ අවධානම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.
එමගින්
1 ) රුධිර නාල විශාල වීම
2 ) රුධිර නාල පුපුරා යාම
යන කරුණු දෙකට මුහුණදීමේ ප්‍රවනතාවය වැඩි වීමක් පෙන්නුම් කරනවා
මින් දෙවන කරුණ නිසා අභ්‍යන්තර ලේ වහනයක් සිදුවිය හැකියි , එමෙන්ම එම නිරාවරණය වූ ස්ථාන ඔස්සේ ඇතුළු වන කොලෙස්ටරෝල් , මේදය , කැල්සියම් වැනි භාහිර ද්‍රව්‍ය නාල තුල සංචිත වීම නිසා (plaque) රුධිර ගමනයට භාදා එල්ලවිය හැකියි .
මෙම අවහිරතාවය නිසා ඒ ඔස්සේ ගමන් කරන රුධිර සෛල එම බිත්තියේ ඇලීමකට ලක් වීම නිසා(clot) එහි අවහිරතාවය තවත් වැඩි වීමේ අවධානමක්ද පවතිනවා

ඉතිං මේ වගේ පියවරෙන් පියවර ජීවිතය අවධානමට ලක්වන තත්වයන් රාශියක් ගොඩනැගෙන්න පුළුවන් ...
ඒ නිසා කල යුතු අත්‍යවශ්‍යම කරුණ වන්නේ තමන්ගේ ජීවිතය අවදානමකට ලක් නොකර හැකි ඉක්මනින් මෙම තත්වයෙන් අත්මිදීමට වගබලා ගැනීමයි
ඒ සඳහා ඔබගේ වෛද්‍යවරයා නිසි ප්‍රතිකාර සපයනු ඇත ... එහිදී ඔබගේ වකුගඩු
රුධිර නාල
හෘදය
ආශ්‍රිතව ක්‍රියාකාරී වෙන ඖෂධ ඔබට නියම කරනු ඇත
මීට අමතරව ;
(1 ) ***** පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම
(2) ***** ලුණු අවම කිරීම
(ලුණු වල අඩංගු සෝඩියම් ජලයත් සමග එකතු වී රුධිර පරිමාව වැඩි කිරීම නිසා ශරීරයේ රුදිර පරිමාව වැඩි වීමක් සිදු වේ .
එමගින් රුධිර පීඩනය ඉහල යන බැවින් මෙසේ ආහාරයට ලුණු අවම වශයෙන් එකතු කිරීම වැදගත් වේ )
( 3 ) ***** මධ්‍යසාර භාවිතය අවම කිරීම
( 4 ) ***** දිනපතා ශාරීරික ව්‍යායාම වල යෙදීම
( 5 ) ***** උසට සරිලන බරක් පවත්වා ගැනීම
( 6 ) ***** දුම්පානය නතර කිරීම
යන කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට ඔබ වග බලා ගත යුතුය

ලිපිය අවසාන කරන්න මත්තෙන් බොහෝ අය නොසලකා හරින මුත් අතිශය වැදගත් යමක් සටහන් කරන එක වැදගත් කියල හිතුණා
ඒ තමයි ;
***** ඔබ මේ සඳහා දැනටමත් ප්‍රතිකාර ගන්නා අයෙක් නම් , එසේත් නැත්නම් ඔබට යම් දිනයක මේ සඳහා ඖෂධ ගැනීමට සිදු වුවහොත් ඔබගේ රුධිර පීඩනය සාමාන්‍යය මට්ටමට පැමිණියත් එම ඖෂධ ගැනීම අත්නොහළ යුතුයි යන කරුණ *****
මන්ද එමගින් ඔබගේ හෘදය විශාල වී cardiomegaly කියන තත්වය ඇති වන බැවිනි

පරණ threads ... ගිහින් බලන්න 
මුත්‍රා වල පැහැයෙන් ලෙඩ රෝග - http://www.elakiri.com/forum/showthread.php?t=1615181
කොලෙස්ට්රෝල් - http://www.elakiri.com/forum/showthread.php?t=1605241
මොළය සහ අපි - http://www.elakiri.com/forum/showthread.php?t=1573457

Last edited: