ඕකම ගන්න තියනවා මෙහ
https://www.dimolanka.com/consumer-products/stanley-power-tools/
කෝඩඩ් ඩ්‍රිල් වලින් screw drive කරන්න පුලුවන්, නමුත් ගොඩක් ලොකු ප්‍රැක්ටිස් එක්ක නැතුව කරන්න හරිම අමාරුයි, ප්‍රධාන හේතු දෙකක් නිසා
එකක් මේකෙන් තද වෙලා ඉවර උනාට පස්සෙත් බිට් එක කැරකෙන නිසා ඇණේ අනිවාර්යෙන් සවුත්තු වෙනවා එතකොට ගලවගන්න එහෙම හෙන ගේමක් දෙන්න වෙනවා
කෝඩ්ලස් ඩ්‍රිල් වල ක්ලච් එකක් තියනවා, screw drive mode එකට දැම්මට පස්සෙ ක්ලච් එකෙන් ටෝක් එක ඇජස්ට් කරන්න පුලුවන්, ඒ ටෝක් එකට තද උනාම ක්ලච් එක ස්ලිප් වෙනවා එතකොට බිට් එක කැරෙකෙන්නෙ නැහැ, එතකොට ඕනවට වඩා තද වෙන්නෙවත් ඇනේ සවුත්තු වෙන්නෙවත් නැහැ
අනෙක කෝඩඩ් ඩ්‍රිල් වල RPM එක වැඩියි, එතකොට ට්‍රිගර් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන, කෝඩ්ලස් ඩ්‍රිල් වල RPM එක සාපේකශව අඩුයි එතකොට ස්පීඩ් එක ට්‍රිගර් එකෙන් කන්ට්‍රෝල් කරන්න ලේසියි
මගේ ලඟ පොඩි කෝඩ්ලස් screw driver එකක් තියනවා, ඒක මම රුපියල් 4000ට වගේ ඇමසන් එකෙන් අරන් යාලුවෙක්ට කියලා ගෙන්න ගනිපු එකක්, ඒක එදිනෙදා වැඩ වලට ඕනවටත් වඩා පවර්ෆුල් සහ ගෙවපු ගානට පට්ටම විදියට වටිනවා
https://images-na.ssl-images-amazon.com/images/I/61p9Vfu11JL._AC_SL1000_.jpg
පුලුවන් නම් මේ වගේ එකක් ගෙන්න ගන්න එක ගොඩක් වටිනවා, ගානට පට්ටම වටිනවා
ලංකාවෙ මේ වගේ ඒව නං ගන්න නැහැ, Bosch go එක සමහර තැන් වල තිබුනා ඒකත් 8000ක් වගේ වෙනවා, ඒකෙත් අවුලක් නැහැ ගාන පොඩ්ඩක් වැඩියි ඉතිං
මචං මගේ වැඩේට මේක ගැලපේවිද ?
https://www.daraz.lk/products/meaki...005,24094,37260,48672,60295__null__null__null