poya hoyaganne kohomada?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,709
    113
    ලංකාවේ "පෝය කමිටුව" කියලා රාජ්‍ය ආයතනයක් තිබුනා. දැන් තියනවාද කියලා නම් දන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ලංකාවේ පෝය දිනය තීරණය කලේ.

    ඒක ලෝකයේ අනිකුත් රටවල Full Moon Day කියන දිනය සමග 100% සමගාමී උනේ නැහැ. වෙනත් නිවාඩු දවස්, සිල් ගැනීමට පහසු වීම, පෝය ලැබීම සහ ගෙවීම අතරතුර කාලය වැනි සාධක ගොඩක් සලකා බලලා පෝය ලෙස දිනයක් නිර්ණය කළා.

    1965-70 ඩඩ්ලි සේනානායක හත් හවුල් රජය, ලංකාවේ පෝය සහ පෙර පෝ දිනය නිවාඩු ලෙස ලබාදුන් බව දන්නා අයත් දැන් බොහෝ අඩුයි.
    අව අටවක, අමාවක, පුර අටවක, පසළොස්වක යන දින සහ ඊට පෙර දින රජයේ නිවාඩු දින වූ අතර සමහර විට වැඩ කරන සතිය දින හයක් උනා.