හැබැයි මම දන්න විදියට ගොඩක් බර වාහනවල බ්‍රේක් වැඩ කරන්න වැකුම් එක හරියට වැඩ කරන්න ඕනි. වැකුම් එක නියමිත ප්‍රමානෙට පුරවගන්න ඕනි නිසයි බස් කාරයෝ උනත් එක තැන රේස් කරන්නේ. කදු පල්ලම් බස්සන්න කලින් කඩුගන්නාවෙදි උනත් ඩයිවර්ලා එක තැන රේස් කරන ගමන් වැකුම් එක පුරවගන්නවා. එහෙම පුරවගත්තේ නැති උනොත් බ්‍රේක් පැටල් එක ගල් වෙලා වගේ තියනවා. යටටපෑගෙන්නෙ නෑ. කොටින්ම බ්‍රේක් වදින්නෙ නෑ. මේකෙදිත් එහෙම සීන් එකක් වෙන්න ඇති. ක්ලච් එකෙන් නවත්ත ගන්න නම් බැරි කමක් නෑ. ඒත් ඒකෙත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ වාහනවල ඔටෝ බ්‍රේක් සිස්ටම් එකක් තියනවා. ඒකත් වැඩ කරලා නෑ කියන්නේ ලොකු අවුලක් වෙලා තියනවා