oka nikam mahagedara wage unane anthimata. hamadama hire daanawa hamadaama paninawa. :/
ආපෝ....
මහගෙදර මොන මරාලයක් ද බං.....![]()

ජේමිස්බන්ඩා007;21390628 said:Kibula ayiya nikamata wage ehemanam Breaking bad balanna ..mata nm no1 ...
දැන් PRISON BREAK වලට වහ වැටිල හිටිය පිස්සො සෙට් එක ම දන්නව ඇති ව්‍යුහ ඉංජිනේරුවර මයිකල් ජෝසෆ් ස්කෝෆීල්ඩ් මිය ගොසින් නැති බව. හිර බිදුම නාට්‍යාංග මාලාව විකාශයකරන ෆොක්ස් රූපවාහිනී නාලිකාව ගිය වසරේ දිනක ප්‍රකාශයට පත් කලා හිර බිදුම කතා මාලාවේ අළුත් ම කොටස වන පස් වන කොටස 2017 අප්‍රේල් 4 වෙනිදා විකාශය කරන බව.
අවංකව ම කියනව නං ජීවිතේ දී දැකපු පුදුම විදියේ තර්කාණුකූල කතා මාලාවක් හිර බිදුම. අනික ඒකේ ප්‍රධාන චරිතය වන මයිකල් ජේ. ස්කෝෆීල්ඩ් ගේ චරිතය රගපාන වෙනවෝර්ත් මිලර් සහ ඔහු ගේ සහෝදරයා ලෙස රගපාන ඩොමිනික් පෘෘසෙල් ගේ රංගනය. මරං කන්න තරං තරහක් ඇති වෙන විදියට දුෂ්ඨයා වන තේ මල්ල-තියෙඩෝර් ටී බෑග් බෑග්වෙල්- ලෙසට රගපාන රොබර්ට් ක්නෙපර් ගේ අති උත්කෘෂ්ට රංගනය. කතාවේ ගලා යාම, එකකට එකක් සම්බන්ධ වුණු මහා පරිමාන නොපෙනෙනා දුෂ්ඨ සංගමයක පැවතීම, හිතා ගන්න බැරි විදියේ සූක්ෂ්ම කුමණ්ත්‍රණ සහ ඒ කුමන්ත්‍රණයට රැහැණිව සටන් කරන අධිෂ්ඨානශීලී මිනිසුන් සහ ගැහැණුන් යන මේ දේවල් මේ ටෙලි නාටක මාලාවට අපව ඇද බැද තබනවා....
PRISON BREAK SEASON V අප්‍රේල් 4 වන අගහරුවාදා සිට FOX නාලිකාවෙන් විකාශය කෙරෙනවා....
ඉතිං මං වගේ ම ඔය නාලා මාටකයට පිස්සු හැදිච්චි උන්ට මේකේ ඔය ගැන කතා කරන්න, මත පල කරන්න සහ සීසන් 5 රිලීස් වෙච්චි ගමන් උණු උණුවේ බාගන්න ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම ෂෙයාර් කරගන්න පුළුවන්......
ආයෙම හිරේ කඩං පනිමු.....!!!!!