ගොඩක් අයට උදව් කරනවා දැකලා තිබුනා,
ඒ එයාම දාපු ෆොටෝ සහ වීඩියෝ වලින්..
එයා එහෙම කරද්දිම මට නම් තේරුනා වෙන දෙයක් ඔලුවෙ තියාගෙන තමයි කරන්නේ කියලා..
අපි කෙනෙකුට උදව් කරද්දි කැමරාව ගෙදර තියලා යනව නම් තම්යි ශ්‍රේෂ්ඨ..
බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ දකුණු අත දීපු දෙයක් වම් අත දැනගන්න ඕන නැහැ කියලා..
මනුස්සයෙක් කොච්චර අසරණ වෙලා උදව් අවශ්‍ය උනත් එයා කැමති නැහැ සමාජෙ දැනගන්නවට තමන් අසරණයි කියලා, මොකද දුප්පත් උනත් ඒ මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් තියෙනවා..
දේශපාලුවොත් ස්ටේජ් ගානෙ කැමරා ඉස්සරහ මිනිස්සුන්ට දේවල් බෙදන එක කොහොමවත් අනුමත කරන්න බැහැ, මොකද ඒ අපේම බදු සල්ලි..