ඡෛව කලාපයේ ඇති බවට තහවුරු කළ පළමු ග්‍රහලොව
අපට ආලෝකවර්ශ 600 කට පමණ එපිටින් ඇති පෘතුවිය මෙන් 2.4 ගුණයක් පමණ විශාල ග්‍රහලොවක් ද්‍රව ජලය පැවතිය හැකි ජෛව කලාපයේ (habitable zone) පවතින බව කෙප්ලර් මෙහෙයුම මගින් නිරීක්ෂණය කර තිබේ.
කෙප්ලර් මෙහෙයුමෙන් සොයාගත් තහවුරු කල ප්‍රථම ජෛව කලාපයේ පවතින ග්‍රහලොව වන්නේ මෙයයි.
කෙප්ලර් මේ ග්‍රහයා සොයාගත්තේ එහි සංක්‍රාන්ති සහ එහිදී ග්‍රහයා තරුව ඉදිරියෙන් ගමන් කිරීමේදී තරුවේ සිදුවන දීප්තතා විචලනයන් අධ්‍යනයන් කිරීමෙනි
නාසා ආයතනයේ මෙහෙයුම් මගින් මේ වනවිට ග්‍රහලෝක 2326ක් සොයාගෙන තිබෙනවා.
මේ අතර පෘතුවියේ ප්‍රමාණයට සමාන ග්‍රහලෝක 207ක්,සුපිරි පෘතුවියන් (පෘතුවියේ විශ්කම්භය මෙන් 1.25 සිට දෙගුණයක් දක්වා වන ග්‍රහලෝක )680ක්, නෙප්ටූන්ප්‍රමාණයේ 1181ක්, බ්‍රහස්පති ප්‍රමාණයේ 203ක් සහ ඊටත් වඩා විශාල ග්‍රහලෝක 55ක් වනවා.මේවායින් 48ක් ජෛව කලාපයේ පැවතිය හැකි යැයි සැක කරන අතර ඉන් 10ක් ආසන්න වශයෙන් පෘතුවියේ ප්‍රමාණයට සමානයි.
ඉහතින් තහවුරු කල ග්‍රහලොවේ නම 22b ලෙස හඳුන්වා දී ඇති අතර එය G වර්ගයේ තරුවක් වටා දින 290ක පරිභ්‍රමණ කාලයකින් යුතුව පරිභ්‍රමණය වේ.මෙම තරුව හරියටම ජෛව කලාපයේ මධ්‍යයට ආසන්නව පරිභ්‍රමණය පවතින අතර එහි මවු තාරකාව අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාට බෙහෙවින්ම සමාන වේ.
ජෛව කලාපයේ පැවතිය පමණින් ග්‍රහලොවේ ජීවයක් පවති යැයි කිව නොහැක.ඒ සඳහා ග්‍රහලොවට වායුගෝලයක් පැවතීමද අවශ්‍ය වේ.