Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දස බසක් දන්න දස වියේ දැරිය

    sonia.gif


    භාෂා 10කින් කතා කිරීමට හැකි දස හැවිරිදි දැරියක් පිළිඳව බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වේ.
    තායිවානයේ උපත ලද මෙම දැරිය වන සෝනියා යැං, මේවන විට එංගලන්තයේ ස්ටොක්පෝට් ප‍්‍රදේශයේ සිටියි.
    සෝනියා හට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් ඇගේ දෙමාපියන් එංගලන්තයේ පදිංචියට ගොස් ඇත.
    එංගලන්තයට පැමිණෙන විට ඇයට සිය මව් භාෂාව වන තායි බසට අමතරව ජපන්, චීන හා ඉංග‍්‍රීසි චතුර ලෙස කතා කිරීමේ හැකියාව තිබිණි.
    මේ වන විට ඇයට ජර්මන්, ප‍්‍රංශ, ස්පාඤ්ඤ, පෘතුගාල භාෂා වලට අමතරව කසක් හා ලුගන්ඩාවේ උගන්ඩානු බසින් ද කතා කළ හැක.
    ඇය මේ වන විට වයඹ දිග එංගලන්ත ප‍්‍රදේශයේ ලාබාල භාෂාවේදියා තේරීමේ තරගයෙන් ජයගෙන ඇත.
    මෙම තරගයට සිසු සිසුවියන් 5,000 ක් සහභාගී වී ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සිය වියැති වයස්ගතම මැරතන් කී‍්‍රඩකයා

    fauja.gif


    කැන්ඩාවේදී පැවැත්වුනු මැරතන් තරගයකට සහභාගී වූ 100 හැවිරිදි පුද්ගලයෙකු ලොව වයස්ගතම මැරතන් කී‍්‍රඩකයා ලෙස පසුගියදා නම් විය.

    ෆවුජා සිං නම් මොහු, පැය 8ක් විනාඩි 25ක් හා තත්පර 16ක් පුරාවට මැරතන් තරගයේ නිරත වෙමින් මෙම ලෝක වාර්තාව තැබීමට සමත් විය.
    1911 දී ඉන්දියාවේ උපන් සිං මහතා 1960 ගණන් වලදී පංජාබ් ප‍්‍රාන්තයේ සිට එංගලන්තයේ පදිංචියට ගොස් ඇත.

    වසර 11කට පෙර සිය බිරිය හා පුතණුවන් මියයාමෙන් අනතුරුව දිවීම සිය පුරුද්දක් කරගත් සිං මහතා දිනපතා සැතපුම් 10ක් ධාවනයේ යෙදෙමින් පුහුණුවීම් වල නිරත වේ.
    පසුගිය සතියේදී 100 වියේ පසුවන පිරිමි සඳහා වූ තවත් තරග 08ක් සඳහා පැවති ලෝක වාර්තා බිඳදැමීමට ද ඔහු සම්ත් විය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වයස අවුරුදු 11 ක දරුවෙකුගෙන් ලෝක වාර්තාවක්

    india.jpg


    රෝද සවිකරන ලද පාවහන් පැළඳ එක පෙළට නවතා තබන ලද මෝටර් රථ 20 ක් යටින් ගමන්කිරීමෙන් නව ගිනස් ලෝක වාර්තාවක් ඉන්දීය ජාතික දරුවකු සමත්ව තිබේ. 11 හැවිරිදි රෝහන් අජිත් කොකනේ නම් දරුවා විසින් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය. නවතා තබන ලද එක් එක් මෝටර් රථය අතර සෙන්ටිමීටර් 35 ක පරතරයක් තබා ඇති අතර ඔහු ගමන් කළ මුළු දුර අඩි 126 අඟල් 11 කි. මෝටර් රථ යටින් ඔහු ගමන්කරන අතරතුර තත්ත්පර 30 ක කාලයක් පමණක් සුළු විවේකයක් සඳහා මඳකට ගමන නවතා ඇත. මීට පෙර මේ යටතේ තබා තිබූ වාර්තාවට අනුව එම වාර්තාව තබන ලද පුද්ගලයා ගමන්කර තිබුණේ අඩි 26 ක දුරක් පමණි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඩොලර් මිලියනයක් වටින පියයුරු

    Best.gif


    ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.

    එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.

    කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.

    එසේම පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වයස්ගතම නිවුන් සොයුරින් ට 101යි

    Twins.gif


    ලොව වයස්ගතම නිවුන් සොයුරින් දෙදෙනා පසුගිය 02දා සිය 101 වැනි උපන්දිනය සමරා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    ගිනස් ලෝක වාර්තා අනුව මෙලෙස ලොව වයස්ගතම නිවුන් සොයුරින් දෙදෙනා ලෙස නම් කර ඇත්තේ බෙල්ජියානු ජාතික කතුන් දෙදෙනෙකු වන මාරි හා ගැබි‍්‍රයෙල් වැන්ඩෙ‍්‍රමර්ය.

    1910 දී උපන් මොවුන් දෙදෙනා මේ වන විට සිටින්නේ බෙල්ජියමේ ස්පා නගරයේ පිහිටි විශ‍්‍රාමික වැඩිහිටි නිවාසයකය.

    මොවුන් දෙදෙනාගේ 101 වැනි උපන්දිනයේ අවස්ථා කිහිපයකි මේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දුර පැනීමේ ශූරයා කාර් 3 ක් පසුකරයි

    longjump.jpg


    එංගලන්තයේ දුර පැනීමේ ශූරයා වන ජේ. ජේ. ජෙගේඩේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔහු සිදුකරන සාමාන්‍ය පුහුණුවීම් කටයුතුවලදී පෙළට නවතා තබන ලද මිනි මෝටර් රථ 03 ක් හරහා පැනීමට සමත්ව තිබේ. 2012 වසරේදී ලන්ඩ‍නයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙවැනි දුරක් පැනීමෙන් දස්කම් දැක්වීමට ජෙගේඩේ සූදානමින් සිටියි. ජාත්‍යන්තර දුර පැනීමේ තරග සඳහා අනුගමනය කළ යුතු තරග කොන්දේසීවලට අනුගතව මේ අනුව මෙම දක්ෂ මලල ක්‍රීඩකයාට මීටර් 7 ක හෝ 8 ක දුරක් පැනීමේ හැකියාව පවතින බව වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    විවාහ ප්‍රතිඥාව 100 වතාවක් දුන් යුවලක්

    couple.jpg


    සාමාන්‍යයෙන් යුග දිවියට ඇතුළුවන ඕනෑම යුවලක් විවාහ චාරිත්‍රවලදී එක් වතාවක් විවාහ ප්‍රතිඥාව ලබාදිය යුතුය. නමුත් සිය විවාහ ජීවිතය තුළ එම ප්‍රතිඥාව 100 වතාවක් ලබාදුන් විවාහක යුවලක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසී ප්‍රාන්තයේ විවාහක යුවලක්, එකම යුවලක් විසින් “වැඩිම වාර ගණනක් විවාහ ප්‍රතිඥාව අලුත් කළ යුවල” ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට සමත්ව ඇත. 1982 වසරේදී යුග දිවියට ඇතුළු වූ මෙම පළමුවරට එම වසරේදී විවාහ ප්‍රතිඥාව ලබා දී තිබේ. එතැන් සිට අවස්ථාවන් 99 කදී මෙම යුවල සිය විවාහ ප්‍රතිඥාව අලුත් කර ඇති අතර එහිදී විවිධ ස්ථානවලදී එම සැමරුම් උත්සව පවත්වා ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බියර් බෝතල් උඩින් තනි රෝදේ සයිකලයෙන් ගොස් වාර්තාවක්

    bottle.jpg


    පෙළට තබන ලද බියර් බෝතල් උඩින් තනි රෝදයේ සයිකලයක් පැදීමෙන් වාර්තාවක් පිහිටුවීමට ජර්මන් පා පැදිකරුවකු සමත්ව තිබේ. තනි රෝදයේ සයිකල් පැදීමට මහත් ලැදිකමක් දක්වන ලුට්ස් එච්හෝල්ස් බියර් බෝතල් උඩින් මීටර් 7 .99 ක දුරක් පැදීමෙන් ඔහු විසින්ම තබන ලද වාර්තාව බිඳදමා ඇත්තේ බියර් බෝතල් උඩින් මීටර් 8 .93 ක දුරක් තනි රෝදයේ සයිකලය පැදීමෙනි. ලුට්ස්ගේ මෙම වාර්තාව පිහිටුවීම සඳහා පානය කර හිස් කරන ලද බියර් බෝතල් මීටර් 10 ක් දුරට පෙළට තබා ඇති අතර ඔහු ඒ හරහා මීටර් 8 .93 ක දුරක් සයිකලය ධාවනය කරවීමට සමත්ව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව මිටිම කාන්තාව ලෙස නව ලෝක වාර්තාවක්

    mitima.jpg


    ඉල්ලිනොයිස් හි වෙසෙන 22 හැවිරිදි බ්‍රිජට් ජෝර්ඩන් ලොව දැනට ජීවත්ව සිටින උසින් අඩුම කාන්තාව ලෙස නව ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබේ.
    ඇය‍ගේ උස සෙන්ටිමීටර් 69 ක්(අඩි 2 අඟල් 3) පමණි. එමෙන්ම සෙන්ටිමීටර් 98 ක්(අඩි 3 අඟල් 2) උස ඇයගේ බාල සොහොයුරා සමග එක්ව ලොව දැනට වෙසෙන උසින් අඩුම ස‍හෝදරයින් ලෙස තවත් වාර්තාවක් පිහිටුවීමට සමත්වීම ද විශේෂත්වයකි. 20 හැවිරිදි බ්‍රිජට්ගේ සොහොයුරා නමින් බ්‍රැඩ් ජෝර්ඩන්ය. Majewski osteodysplastic primordial dwarfism type II නම් රෝගී තත්ත්වය මොවුන්ගේ වැඩීම බාලවීමට හේතුව වී ඇති බව ද සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ලොකුම බීයර් සැනකෙළිය ඇරඹේ

    bear.gif


    ඔක්ටෝබර්ෆෙස්ට් නම් ජර්මනියේ වාර්ෂික බීර සැනකෙළිය මියුනිච් හිදී පසුගියදා ඇරඹිණි.
    ලොව විශාලතම වාර්ෂික බීර සැනකෙළිය ලෙස ප‍්‍රසිද්ධ මෙය, මෙවර පැවැත්වෙන්නේ 178 වන වරටයි.
    මියුනිච් නගරාධිපතිවරයා විසින් විවෘත කරන ලද මෙවර ඔක්ටෝබර්ෆෙස්ට් සැනකෙළිය ඔක්තෝබර් 03දා දක්වා පැවැත්වේ.

    මෙවර උත්සවය සඳහා ලොව පුරා රටවල් වලින් සංචාරකයන් මිලියන 06ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    වසර 1810 සිට පැවැත්වෙන මෙම උළෙල ඇසුරෙන් ආරම්භ කරන ලද තවත් ඔක්ටෝබර්ෆෙස්ට් උත්සව ලොවපුරා පැවැත්වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සැතපුම් 1.8 දිග මංගල වේලය

    Veill.gif


    සිය මංගල දිනයේ දී සැතපුම් 1.8 දිග මංගල වේලයක් පැළඳ සිටි මනාලියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ.

    මීටර් 2ක් පළල මෙම වේලය නිමවීම සඳහා සුදු සේද සැතපුම් 3.7ක් යොදාගෙන ඇති බව වාර්තා වේ.
    එලේනා ඩි ඇන්ජෙලිස් නම් මෙම මනාලිය පල්ලිය කරා ගමන් කරන අතරතුරේදී ඇය පසුපස මෙම වේලය ගෙන යාමට 600 දෙනෙකු සහභාගී වී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
    මෙය ලොව දිගම මංගල වේලය ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කර ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව සුඛෝපභෝගීම වෙරළ හෝටලය ලංකාවේ

    werala.gif


    ලොව හොඳම සුඛෝපභෝගී වෙරළාසන්න හෝටලයට පිදෙන සම්මානයක් ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් පාලනය කරන ගාල්ලේ ෆෝට‍්‍රස් රිසෝට් හා ස්පා හෝටලයට හිමිව ඇතැයි වාර්තා වේ.
    පසුගිය සිකුරාදා දින ක්‍රොඒෂියාවේ පැවති 2011 වර්ල්ඞ් ලක්ෂරි හොටෙල් සම්මාන උළෙලේ දී මෙම සම්මානය පිරිනමා ඇත.

    වසර 2006 සිට පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ දී ලොව හොඳම සුඛෝපභෝගී හෝටල් වලට සම්මාන ලබාදෙනු ලැබේ.
     
    • Like
    Reactions: vidupzz

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව විශාලතම අප්‍රිකානු කොණ්ඩයේ හිමිකාරිණිය

    konde.jpg


    ලෝකයේ වෙසෙන විශාලතම ස්වභාවික අප්‍රිකානු කොණ්ඩයේ හිමිකාරිණිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට ඒවීන් ඩුගාට අවස්ථාව හිමිවී තිබේ. ඇයගේ හිසකෙස්වල සම්පූර්ණ වට ප්‍රමාණය මීටර් 1 .32 කි. වසර 12 ක් තිස්සේ ඇය සිය හිසකෙස් කිසිදු අවස්ථාවක කපා දමා නොමැති බව ද සඳහන්ය. ප්‍රංශයේ වෙසෙන මෙම 36 හැවිරිදි සමාජ සේවිකාවගේ කොණ්ඩය සම්ප්‍රදායික ඩිස්කෝ බෝලයකටත් වඩා විශාලත්වයෙන් යුතු බව සඳහන්ය. කෙසේවෙතත් සිය දැවැන්ත කොණ්ඩය නිසා තමන්ට විවිධ අකරතැබ්බවලට මුහුණදීමට සිදුවන අවස්ථා ද වන බව ඒවීන් සඳහන් කර ඇත.
     
    • Like
    Reactions: Crezy Boy

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව වේගවත්ම මංගල දෙව් මැදුර

    wedding.jpg


    පැයට සැතපුම් 62 ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මංගල දෙව් මැදුර ලෙස පිහිටුවන ලද නවතම ගිනස් ලෝක වාර්තාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රදේශයේ වෙසෙන ඩැරල් බෙස්ට් නම් පූජකවරයා විසින් මීට වසර 02 ට පෙර, 1940 දශකයේ නිෂ්පාදනයක් වන සිය ට්‍රක් රථයෙහි අපූරු දෙව් මැදුරක් නිර්මාණය කර තිබේ.
    විවාහවීමට බලාපොරොත්තු වන යුවලවල් වෙත එම දෙව් මැදුර ධාවනය වන අතරතුර විවාහ දිවියට ඇතුළුවීමේ අවස්ථාව මෙම අපූරු රථය මගින් හිමිවේ. එදා සිට අද දක්වා බෙස්ට් පූජකවරයා විසින් යුවලවල් 40 ක් මෙම ධාවනය වන දෙව් මැදුරේදී දේව මෙහෙයන් පවත්වා යුද දිවියට ඇතුළු කර තිබේ. ලොව වේගවත්ම මංගල දෙව් මැදුර ලෙස 2012 ගිනස් වාර්තා පොතට එක්ව තිබෙන මෙම රථයෙහි මංගල දේව මෙහෙය සිදුවන අවස්ථාවේදී මනාල යුවල, සාක්ෂිකරුවන් දෙදෙනා සහ තවත් සම්භාවනීය අමුත්තෙකුට ගමන් කිරීමේ අවස්ථාව හිමිවීම ද විශේෂත්වයකි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලණු මතින් පැන බලු රෑනක් වාර්තා පොතට යයි

    jdogs.jpg


    බල්ලන් 13 දෙනෙකු එක්ව තබන ලද අපූරු ලෝක වාර්තාවක පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ඒ එකම ලණුවක් මතින් වැඩිම බල්ලන් ප්‍රමාණයක් පැනීම ලෙස තබන ලද ගිනස් ලෝක වාර්තාවකි. මිනිසුන් පිරිසක් ලණු මතින් පනිමින් විනෝදවෙමින් සිටි අවස්ථාවක එම ස්ථානයට පැමිණි කුඩා බලු පැටවකු ද එම ලණුව මතින් පැනීමට උත්සාහ දැරීමේ සිදුවීමක් නිසා මෙම වාර්තාව පිළිබඳ අදහස නැගුණු බව, මෙම බල්ලන් 13 දෙනා හසුරවමින් වාර්තාව තැබීමට කටයුතු කළ ජපාන ජාතික උචිඩා ගෙනොව්ෂා සඳහන් කර තිබේ. මෙම වාර්තාව පිහිටුවීමට පෙර මෙම සියලුම බල්ලන්ට අදාළ කාර්යය සඳහා පූර්ණ පුහුණුව ලබා දී ඇති බව ද සඳහන්ය. 2012 වසරේ ගිනස් වාර්තා අතරට මෙම නව වාර්තාව එක්කිරීමට නියමිතව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    රාත්තල් 12,000ක චොක්ලට් කඳ

    choco.jpg


    චිගාගෝ පිහිටි ‘වර්ල්ඩ්ස් ෆයිනස්ට් චොක්ලට්’ සමාගම විසින් රාත්තල් 12,000ක් බරැති චොක්ලට් පෙත්තක් නිපදවා ඇත.

    අඩි 3ක උසින් හා අඩි 21ක දිගින් යුත් මෙය, ලොව නිපදවූ විශාලම චොක්ලට් පෙත්ත ලෙස ගිනස් වාර්තාවක් තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    මේ සඳහා ආමන්ඞ් රාත්තල් 1,200ක්, සීනි රාත්තල් 5,500ක්, කිරිපිටි රාත්තල් 2,000ක්, කොකෝවා බටර් රාත්තල් 1,700ක් හා චොක්ලට් ලිකර් රාත්තල් 1,400ක් යොදාගෙන ඇති බව ‘වර්ල්ඩ්ස් ෆයිනස්ට් චොක්ලට්’ සමාගම කියයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මහා වතුර බැලුන් ගැටුමක්

    ballon.jpg


    වතුර පුරවන ලද බැලුන් 175,141න් සන්නද්ධ වූ පුද්ගලයින් 8,957 දෙනෙකු ලොව දැවැන්තම වතුර බැලුන් සටන පවත්වමින් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. කෙන්ටකි විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද මෙම ගැටුම ක්‍රිස්තියානි ශිෂ්‍ය මිත්‍රත්ව සංසදය මගින් සංවිධානය කර ඇත. මෙම අපූරු අවස්ථාව සඳහා සහභාගිවූවන් මිනිත්තු 07 ක් තුළ වතුර පුරවන ලද සියලුම බැලූන් එකිනෙකා වෙත දමා ගැසීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව මිනිත්තුවක් තුළ මෙම පිරිස බැලුන් 25,020 ක ප්‍රමාණයක් හෝ තත්ත්පරයක් තුළ බැලුන් 417 ක ප්‍රමාණයක් එකිනෙකා වෙත දමා ගසා ඇති බව සඳහන්ය.
     
    • Like
    Reactions: ahpsampath