Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වසර 04 ක් මොළයෙහි පිහියක් සමග ජීවත් වූ මිනිසෙක්

    knife.jpg


    වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර ලබාගැනීමට ගිය චීන ජාතිකයෙකු තමන්ට පවතින තදබල හිසරදයක් පිළිබඳව සඳහන් කර තිබේ. එහිදී ඔහු වසර 04 ක් පුරා මොළයෙහි පිහි තලයක් සහිතව ජීවත් වී ඇති බව අනාවරණය වී තිබේ. ලී ෆු නැමති යුනාන් ප්‍රදේශයේ ජීවත්වන මෙම පුද්ගලයා 2006 වසරේදී සිදුවූ සොරකමක් අතරතුර තුවාල ලබා තිබේ. ඒ සඳහා ඔහු වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගෙන ඇත.
    නමුත් එහිදී මෙම පුද්ගලයාගේ හිසෙහි අඟල් 04 ක් දිග පිහි තලයක් ඇති බව සොයාගැනීමට වෛද්‍යවරුන් සමත් වී නොමැත. වසර 04 ට පසුව එක්ස් -රේ සටහනකින් ඒ පිළිබඳව හෙළි වී ඇති අතර සැතකමක් මගින් එය ඉවත් කර තිබේ. මේ වනවිට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව ද වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ආචාරශීලීම මංකොල්ලකරුවා

    rob.jpg


    මංකොල්ලයක් පිළිබඳව අසන්නට ලැබෙන පුවත් එතරම් යහපත් හෝ ශුභදායක නොවේ. එමෙන්ම ඇතැම්විට මෙවැනි මංකොල්ලයන් නිසා දේපළ හානි මෙන්ම ජීවිත හානි සිදුවූ අවස්ථා පිළිබඳවද නිතර අසන්නට දකින්නට ලැබේ. නමුත් මෙම පුවත වාර්තා වන්නේ ලොව ආචාරශීලීම අවිගත් සොරා හෝ මංකොල්ලකරු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකු පිළිබඳවය. වයස්ගත පුද්ගලයෙකු මුදල් අයකැමි ලෙස කටයුතු කළ ඉන්ධන පිරවුම්හලකට ඇතුළු වූ මෙම සොරා සිය ගිනි අවිය පෙන්වා තමන්ට සහය දක්වන ලෙස අයකැමිගෙන් ඉල්ලීමක් කරයි.

    “මහත්මයාණනි, මම ඔබ මංකොල්ලකැමටයි සූදානම් වෙන්නේ. කරුණාකර මට ඔබේ මුදල් ලබාදෙන්න” ඔහු අයකැමිගෙන් ඉල්ලයි. තමන් මෙම සොරකම සිදුකරන්නේ සිය පවුල වෙනුවෙන් බවත්, එසේ කිරීමට සිදුවීම ගැන සමාව අයදින බවත් ඔහු පුන පුනා අවධාරණය කරයි. ඩොලර් 300 ක මුදලක් ලබාගන්නා මෙම සොරා තමන් මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයට පත්වූ විට එම මුදල නැවත ලබාදීමට එකඟවෙයි.

    මෙම සිදුවීම අදාළ පිරවුම්හලෙහි ආරක්ෂිත කැමරා වල සටහන්ව ඇති අතර පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
     
    • Like
    Reactions: LKS007

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බ්‍රිතාන්‍ය තැබෑරුමක දෛනික ගනුදෙනුකරුවෙක් වූ අශ්වයෙක්‍

    hourse.jpg


    බ්‍රිතාන්‍යයේ ස්ටැෆෝර්ඩ්ෂයර්හි පිහිටි තැබෑරුමකට දිනපතා පැමිණෙන අපූරු ගනුදෙනුකරුවෙකු පිළිබඳව මෙම පුවත වාර්තා වේ. වසර 09 ක් වයසැති අශ්වයකු වන මෙම ගනුදෙනුකරුට ඕනෑම අවස්ථාවක අදාළ තැබෑරුමට පැමිණීමත්, එහි සැරිසැරීමටත් අවසර ලැබී ඇති බව සඳහන්ය. බැසිල් නම් මෙම අශ්වයාගේ හිමිකරු ද වසර 10 ක පමණ කාලයක සිට මෙම තැබෑරුමට පැමිණෙන බව වාර්තා වේ.

    ඒ සමග පැමිණි බැසිල්ට නිතරම බීම වීදුරුවකින් සංග්‍රහ කිරීමට තැබෑරුමේ සේවකයින් ඉදිරිපත්ව ඇත. නමුත් දැනට වසර කිහිපයක සිට බැසිල්ගේ ආගමනය ඔවුන්ට තරමක බාධාවක් වී ඇති අතර එම නිසා බැසිල් තැබෑරුමෙන් පිටතින් තැබීමට එම සේවකයින් උත්සාහ දරන බව සඳහන්ය. ඒ වෙනුවෙන් බැසිල්ගේ දෛනික බීමට අමතරව ආහාරයට යමක් ද ලබාදීමට ඔවුන් කටයුතු කරන බව වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මොකක්ද මේ කළු පෙට්ටිය

    bb.jpg


    උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි.කාල තුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙත වෙඩි තැබුවත් හානි වෙන්නේ නැත.සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක් උණුසුම් තැනක පැය භාගයක් තැබුවත් ක්‍රියා විරහිත නොවේ.අඩි 20000ක් ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුණත් කිසිවක් වෙන්නේ නැත.
    සෑම කළු පෙට්ටියකම මුද්‍රිත වගන්තියක් තිබේ. ” ගුවන් ගමන් තොරතුරු, විවෘත නොකරන්න. [Flight Recorder, Do Not Open] ”
    ඔව්, මේ අපි කවුරුත් අහලා තියන ගුවන් යානා වල ඇති “කළු පෙට්ටිය [BLACK BOX]” ගැන කරුනු ටිකක් තමයි කියන්න යන්නේ.දන්න අයත් ඇති.කොහොම වුණත් කියවලා බලන්න දැනුමට එකතු කර ගන්න යමක් තියේවි.

    ගුවන් යානයක් අනතුරකට පත් වූ පසු එය සිදුවූ හැටි කියන්නට බොහෝ විට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ.ඒ වගේම තමයි යානයේ සුන්බුන් හොයා ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි.එහෙමමයි කියලා ගුවන් අනතුරත් තවත් එක් අනතුරක් කියලා අමතක කර දාලා ඉන්න බෑ.තවත් ගුවන් අනතුරක් වෙන්න තියන ඉඩකඩ අසුරන්න ක්‍රියා කල යුතුයි.
    1953 දී සිදු වූ ලොව පළමු ජෙට් ගුවන් අනතුර විමර්ශණය කළ ‘ඩේවිඩ් වොරන්ට’ තේරුම් ගියේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ නියමු කුටියේ සිදුවූ කතාබහ දැන ගත හැකිනම් අනතුරේ ගැඹුරු රහස් සොයා ගත හැකි බවයි
    එවකට ඕස්ට්‍රේලියනු ගගනයානා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කළ ඩේවිඩ් වොරන් 1956 දී ගුවන් යානාවලට සවි කළ හැකි කුඩා උපාංගයක් තැනීය.ඒ තුළ කඩා වැටෙන් ගුවන් යානයේ අවසන් තොරතුරු ඉබේම රැස් වේ.’විද්‍යාත්මක ගුවන් යානා තොරතුරු රෙකෝඩරය[FDR- Flight Data Recorder/ CVR- Cockpit Voice Recorder]” හැඳින්වූයේ මෙයයි.මේ අපි කවුරුත් දන්න කළු පෙට්ටියයි.
    උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි.අනතුරට පත් ගුවන් යානයේ සුන්බුන් මැදින් තැඹිලි පාට පෙට්ටිය සොයා ගන්නා විට කළු පැහැ ගැන්වී ඇති බැවින් මේකට කළු පෙට්ටිය කියන්න කවුරුත් පුරුදු වුණා.
    මේ තුළ අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානය ගමන් කළ උස හා වේගය, ගමන් කළ දිශාව, රේඩියෝ සංවාද, නියමුවන්ගේ කතාබහ පටිගත වේ.වර්තමානයේ මේ සඳහා විශේෂ පරිඝණක උපාංග යොදා ගැනේ.
    කළු පෙට්ටියේ නිර්මාතෘ වූ ඩේවිඩ් වොරන් මහතා 2010 ජූලි 19 වෙනිදා මෙලොවින් සමු ගත්තා.ඒ වන විට වයස අවුරුදු 85ක්.ඔහුගේ සිරුර තබා මිහිදන් කළ ශව මංජුසාවේ ඔහුට ගෞරවයක් වශයෙන් වගන්තියක් ලියා තිබුණි.ඒ ‘Flight Recorder, Do Not Open’ යන්නයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    රේසර් තලයක් මත කළ කැටයමක්

    razor.jpg


    ක්ෂුද්‍ර පුමාණයේ කැටයම් ශිල්පය පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන බර්මින්හැම්හි වෙසෙන කැටයම් ශිල්පියෙකු විසින් රැවුල කැපීම සඳහා උපයෝගී කරගන්නා රේසර් තලයක් මත ඉතා සියුම් කැටයමක් සිත්තම් කිරීමට සමත්ව තිබේ. මෙම කැටයම මෙතෙක් ලොව ඉතා කුඩාම කැටයම වන බව ද ග්‍රැහැම් ෂෝට් නම් මෙම අපූරු නිර්මාණකරු හඳුන්වාදෙයි. nothing is impossible යන වාක්‍යය මෙසේ රේසර් තලය මත කැටයම් කිරීමට ග්‍රැහැම් සමත්ව ඇති අතර එහි විශාලත්වය මිලී මීටරයකින් දශමයක් පමණ ප්‍රමාණයකි.

    ඒ අනුව පියවි ඇසින් මෙම අපූරු කැටයම දැකීම අපහසු වන අතර එය සාමාන්‍ය ඇසින් දැකීමට අන්වීක්ෂයකින් 400 වාරයක් විශාල කළ යුතුය. මෙම වාක්‍යය රේසර් තලය මත කැටයම් කිරීම සඳහා ග්‍රැහැම් මාස 07 ක කාලයක් ගත කර ඇත. එමෙන්ම අදාළ කැටයම සාර්ථක කරගැනීමට ඔහුට අවස්ථාව උදාවී ඇත්තේ ඔහුගේ 150 වන උත්සාහයේදීය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව දක්ෂතම පා පන්දු ක්‍රීඩකයා

    ftb.jpg


    ජගත් පා පන්දු සම්මේලනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ හොඳම පා පන්දු ක්‍රීඩකයා තේරිම 2010 තරඟයේ දී ආජන්ටිනා ජතික කණ්ඩායමේ හා ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමේ පෙර පෙළ ක්‍රීඩක ලයනල් මෙසී පසුගිය 11 වෙනිදා සම්මානයට පාත්‍ර විය.
    පසුගිය වර්ෂයේද මෙසී මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර මෙම සම්මානය දිනු ලොව අට වන හා පස්වන බාසිලෝනා ක්‍රීඩකයා ලෙස පා පන්දු වාර්තා පොතට මෙසී එක් වේ. ඡන්ද විමසුමේ දී මෙසීට 22.65% ක ඡ්න්ද ප්‍රතිශතයක් හිමි වී ඇත. මීට පෙර රොමාරියො, රිවාල්ඩෝ, රොනල්ඩෝ, රොනල්ඩීනෝ යන බාසිලෝනා ක්‍රීඩකයින් ද මෙම සම්මනය දිනාගෙන ඇත
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    යහපත් මනෝභාවයකට USB විසදුමක්

    usb.jpg


    අතු පතර විහිදුනු ගසක් යට සිටින විට ඔබට දැනෙන සුව පහසුව මතකද? පිරිසිදු සොබාවික නැවුම් වායුව ආශ්වාස කිරීමට ලැබීම මෙම සුව පහසුවට ප්‍රධාන සාධකයක්. තුරු ලතා අසල නිතර එම නැවුම් බව රැදෙනුයේ ශාක වල ප්‍රභාස්ංස්ලේශන ක්‍රියාවලිය මගින් නිරතුරුවම වායුගෝලයේ අහිතකර වායුව උරාගෙන පිරිසිදු වාතය පරිසරයට මුදා හරින බැවිනි. නමුත් අප බොහෝ දෙනා ජීවත්වන නාගරික පරිසරයේ මෙවන් නැවුම් සහ පිරිසිදු වාතය ආශ්වාස කරන්නට ලැබීම සිහිනයක්.

    මෙම ගැටළුවට ලාභදායී මෙන්ම ඉතා හුරුබුහුටි විසදුමක් අපට පසුගිය දිනෙක අන්තර්ජාලයෙන් හමුවුනා. නමින් Fresh Air Purifier නම් වන මෙම උපකරණය පෙනුමෙන් අප බොහෝදෙනා භාවිතා කරන USB පෙන් ඩ්‍රයිව් එකකට සමාන වුවද මෙහි ක්‍රියාකාරීත්වය ඊට හාත්පසින්ම වෙනස් වූවක්. මෙම උපකරණය USB පේනුවකට සම්බන්ධ කල විට එමගින් සෘණ අයණ වායුගෝලයට මුදාහැරීම ආරම්භ කරනවා. මෙය අපගේ ඇසට නොපෙනෙන ක්‍රියාවලියක්. නමුත් මෙම සෘණ අයණ වලින් වායුගෝලයට ඇතිකල හැකි බලපෑම බොහෝයි. මෙලෙස නිකුත් වන සෘණ අයණ මගින් වායුගෝලයේ ඇති වෙනත් ආරෝපිත අයණ උදාසීන කිරීම සිදුකරනවා. නිෂ්පාදකයා විස්තර කර ඇති පරිදි මෙමගින් පරිසරයේ ඇති දුගද සහ දූවිලි මැඩපැවැත්වීම, අවට පරිසරයේ සැරිසරන විෂබීජ සහ දුම විනාශ කිරීම, ඔබගේ ශක්තිය සහ මනෝභාවය වැඩිදියුණු කිරීම වැනි ඉතා වැදගත් ක්‍රියාකාරකම් බොහෝමයක් ඉටුවෙනවා.

    ඉතාමත්ම ආකර්ශනීය කරුණ වනුයේ මෙකී සියළු දේ සපිරි මෙම හුරුබුහුටි උපකරණය ඇමෙරිකන් ඩොලර් 0.99ක්, එනම් රුපියල් 100ක පමණ අවම මිලකට අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට හැකිවීමයි. ඔබ මේ පිලිබදව උනන්දුවක් දක්වනවානම් ලෝක ප්‍රසිද්ධ අලෙවිකරණ වෙබ් අඩවියක් වන E-Bay වෙබ් අඩවිය හරහා පහත සබැදුම වෙත ගොස් මිලදී ගත හැකියි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අවුරුදු 25දී හෝඩියේ පන්තියට

    25s.jpg


    මෙලොව ඉපදුනු සියළුදෙනා උපන්දා පටන් මිය යනතෙක්ම විවිධාකාරයෙන් දැනුම එක් රැස් කරගන්නා බව නොරහසක්, එමෙන්ම ඉගෙන ගැනීමට වයස ගැ‍ටළුවක් නොවන බවත් ප්‍රසිද්ධ කරුණක්. නමුත් පාකිස්තානයෙන් අසන්නට ලැබෙන මෙම පුවතනම් ඉතා අගය කල යුතු නමුත් අපට තරමක් නුහුරු ආකාරයේ එකක්.

    පාකිස්තානයේ වයඹදිග පලාතේ ගම්මානයක වෙසෙන 25 හැවිරිදි රුක්ෂානා නම් කාන්තාව තිදරු මවක්. පසුගිය දිනෙක ඇය තමාගේ ලමයින් ඉගෙන ගන්නා පන්තියේ, එනම් පලමුවන වසර පන්තියකට ශිෂ්‍යාවක් ලෙස ඇතුලත් වුනා. ඒ තමාට මෙතෙක් කල් මගහැරී තිබූ තම අධ්‍යාපන සිහිනය සැබෑකර ගැනීමටයි. තමා සෑම දිනකම තම දරුවන් පාසැලට රැගෙන එන බවත්, එසේ පැමිනෙන අවස්ථාවන් වලදී ඔවුන් ඉගෙනුම් කටයුතු වල යෙදෙන අයුරු හොදින් දැක ඇති බවත්, තම දරුවන්ගේ පන්තියේ ගුරුවරිය විසින් තමාව දිරිමත් කිරීමෙන් පසු පලමු වසර පන්තියට ඇතුලත් වීමට තීරණය කල බවත් ඇය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

    ඇයට කුඩාකල පාසැල් යාමට ඇයගේ දෙමාපියන් විසින් ඉඩ ලබාදී නොමැති අතර ඇය තමාට ලැබී ඇති මෙම අවස්ථාව කෙරෙහි මහත් ඇල්මක් දක්වන බව වැඩි දුරටත් වාර්ථා වී ඇත. පාසැල ආරම්භ කරන සීනුව නාදවූ පසු පන්තියට පැමිනෙන ඇය වාඩිවන්නේ තමාගේ ප්‍රියතම මිතුරන් වන අවුරුදු 4ක් සහ 5ක් වයසැති තම දරුවන්ට යාබදවය.

    තවමත් තලිබාන් සහ වෙනත් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පාකිස්තානයේ දුෂ්කර ගම්මාන වල දරුවන් අධ්‍යාපනයෙන් දුරස් වන බව නොරහසක්. මේ අතරින්ද බොහෝ පිරිසක් ගැහැනු දරුවන් වන අතර රුක්ෂානාගේ ගුරුතුමිය වන Murred Fizza විසින් පවසන ලද්දේ මව අධ්‍යාපනයට ලැදිවීමෙන් සහ හොද අධ්‍යාපනයක් ලැබීමෙන් එම පවුලේ සියළු දෙනාගේම අධ්‍යාපනික තත්වය වැඩි දියුණු වන බවයි. තවද රුක්ෂානාට පන්තියේ විවේක කාලයන්හි පවා අමතර ඉගැන්වීම් කරන බව ගුරුතුමිය විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

    තමාගේ බිරිදගේ මෙම කැපවීම පිලිබදව ඉමහත් ලෙස සතුටු වන අතරම ජාති, ආගම්, කුල භේද වලින් තොරව කාන්තාවන් සියළු දෙනාටම රිසිසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ ලැබිය යුතු බව රුක්ෂානාගේ සැමියා විසින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පෘථිවි චුම්භක ගෝලයේ සිදුරක් ?

    mag.jpg


    රළු සූර්ය කුණාටු වලින් පෘථිවිය ආරක්ෂා කිරීම සදහා ස්වභාවික පලිහක් ලෙස ක්‍රියා කරන පෘථිවි චුම්භක ගෝලයේ සෑදී ඇති විශාල සිදුරු දෙකක් විද්‍යාඥයින් විසින් මේ වන විට සොයාගෙන ඇති අතර මෙම නව සොයාගැනීම මෙතෙක් විද්‍යාඥයින් විසින් චුම්භක ගෝලය සහ සූර්ය කුණාටු පිලිබදව පලකර තිබූ අදහස් තර්ජනයට ලක් කරවන්නක් බවට මේ වන විට අදහස් පලවෙමින් තිබෙනවා. මෙම සිදුරු සෑදීම හේතුවෙන් සූර්ය අංශු බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් වායුගෝලය තුලට ඇදී එන බවත් ඒ සමග ඇතිවන අන්තර් ක්‍රියාවන් විද්‍යාඥයින් විසින් පල කර තිබූ සියළු මත වලට ප්‍රතිවිරුද්ධ ආකාරයේ ඒව වන බවත් මේ වන විට සොයාගෙන තිබෙනවා.

    සමහර සොයාගැනීම් මගින් මෙම සූර්ය කුණාටු මගින් පෘථිවියට ඇතිවිය හැකි බලපෑම් පිලිබදව යම්තාක් දුරට අනාවරණය කර ඇති අතර සූර්යාගෙන් අධික වේගයෙන් පිටවන ආරෝපිත අංශු මගින් ඇතිවිය හැකි දරුණු කුණාටු නිසා සිදුවීමට ඉඩ ඇති චන්ද්‍රිකා අඩපණ වීම් සහ විදුලි පද්ධති වල බිද වැටීම් මේ අතර වෙනවා.

    නාසා ආයතනයේ අභ්‍යවකාශ යානා මධ්‍යස්ථානයේ විද්‍යඥයෙකු වන ඩේවිඩ් සිබෙක් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවති ඇමෙරිකානු භූ භෞතික වාර්ෂික සම්මේලනයේ මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මෙම නව නිරීක්ෂණ සූර්යාගේ සහ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍ර අතර ඇති අන්‍යොන්‍ය බලපෑම් පිලිබද වටහා ගැනීම් නව මගකට යොමු කර ඇති බවයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    හොරු අල්ලන මුදල් පසුම්බිය

    purse.jpg


    ඔබේ සිතෙන් සොර බිය තුරන් කිරීමට සමත් අපූරු මුදල පසුම්බියක් නිර්මාණය කිරීමට ඩන්හිල් නම් පිරිමි විලාසිතා නිර්මාණ ආයතනය සමත්ව තිබේ. Biometric Wallet ලෙස නම් කර ඇති මුදල් පසුම්බිය කිසිදු අයුරකින් විනාශ කළ නොහැකි ලෙස නිර්මිතව ඇති අතර එය විවෘත කළ හැක්කේ එම පසුම්බිය හිමිකරුගේ ඇඟිලි සටහන මගින් පමණක් වීම ද එහි ආරක්ෂාව වැඩිදුරටත් තහවුරු කරයි.
    එමෙන්ම මෙම මුදල් පසුම්බිය ඇති විශේෂ උපකරණ මත එය හිමිකරුගේ ජංගම දුරකථනය සමග මීටර් 05 ට වැඩි දුරක් දක්වා Bluetooth තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැකි ලෙස ද නිර්මාණය කර තිබේ. දිගුකල් පවතින ලෙස නිපදවා ඇති මෙම මුදල් පසුම්බියෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 825 ක් ලෙසට තීරණය කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    තායිලන්තය ලොව ප්‍රථම ඩෙංගු රෝග නිවාරන එන්නත නිපදවයි

    dengue.jpg


    ලොව පුරා ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගතය නිසා අහිංසක ජීවිත දහස් ගණනක් මේ වන විටත් අහිමි වී අවසන්ය. ඒ ඩෙංගු රෝගය සුව කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් නොතිබුණ හෙයිනි. නමුත් තායිලන්ත වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් ඩෙංගු රෝගය මර්ධනය කල හැකි එන්නතක් පසු ගියදා ප්‍රථම වරට සොයා ගෙන ඇත.
    ඩෙංගු රෝග මර්ධන එන්නත නිපදවීම සඳහා වසර 30 ක පමණ කාලයක් පරීක්ෂණ කටයුතු සිදු කළ බවට එම වෛද්‍ය විද්‍යාඥයන් පිරිස මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණි. මේ වන විට ලොව පුරා මිලියන 50 ක පමණ පිරිසක් ඩෙංගු රෝගයෙන් පීඩා විදින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම එන්නත භාවිත කිරීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බව තායිලන්ත වෛද්‍ය විද්‍යාඥයින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අලුත් තාලෙ එස්. එම්. එස්. මුද්දර ක්‍රමයක්

    stamp.jpg


    සාම්ප‍්‍රදායික ලෙස ලියුම් කවරයක අලවන මුද්දරය වෙනුවට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් ලියුම් යැවීමේ ක‍්‍රමයක් ඩෙන්මාර්කය ලබන අපේ‍්‍රල් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
    මෙහිදී ලියුමක් යැවීමට අවශ්‍ය පුද්ගලයා තැපැල් කාර්යාලය වෙත කෙටි පණිවුඩයක් ලබාදී විශේෂිත අංකයක් ලබාගත යුතුයි. ලියුම් කවරයේ මුද්දරය අලවන තැන එම අංකය ලියා තැපෑලට දැමීමෙන් ලියුම් යැවීමට මේ අනුව ඩෙන්මාර්ක වැසියන්ට අවස්ථාව උදාවනවා.
    මෙය කුමන ස්ථානයක සිට හෝ ලියුමක් යැවීමට ලබාදෙන අවස්ථාවක් මිස මුද්දර ක‍්‍රමයෙන් ඉවත්වීමේ උත්සාහයක් නොවන බව ඩෙන්මාර්ක තැපැල් සේවය ප‍්‍රකාශ කරනවා. අත්හදා බැලීමක් ලෙස එස්.එම්.එස්. තැපැල් සේවාව මුලදී ඩෙන්මාර්කය තුළ පමණක් කි‍්‍රයාත්මක කිරීමට ඔවුන් අදහස් කරනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අලුතින්ම ආ සිම්පත් හතරක ජංගම දුරකථන.

    4sim.jpg


    ජංගම දුරකථන ගමන්මගේ තවත් ස්ථානයක් ලෙසට පසුගියදා වෙළදපළට ඉදිරිපත් කළ සිම්පත් හතරකින් යුතු ජංගම දුරකථය හදුන්වන්නට පුළුවන්.
    මෙම ජංගම දුරකථන චීනයේ TV Mobile සමාගම විසින් නිශ්පාදනය කර ඇති අතර මෙම දුරකථනය Flying F160 ලෙස නම්කර තිබෙනවා.එමෙන්ම මෙහි සිම්පත් හතරම එකවර වැඩකරන්නටත් එනම් Quard Standby ලෙස භාවිතා කරන්නටත් පුළුවන්.සම්පූර්ණයෙන් බ්ලැක්බෙරි දුරකථන වල හැඩරුවට තනා ඇති Flying F160 ජංගම දුරකථනය භාවිතයට ඉතාමත් පහසුවේ.Flying F160 දුරකථනයේ අමතර පහසුකම් ලෙස අගල් 2ක ස්පර්ශ සංවේදී තිරය, මෙගා පික්සල් 3.0 කින් යුතු කැමරාව, Qwerty යතුරු පුවරුව සහ භාවිතයට පහසු මෙහෙයුම් පද්දතිය හදුන්වන්නට පුළුවන්.මෙම Flying F160 දුරකථනයේ මිල ඩොලර් 75 ක් පමණ වනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මන්නරම් ද්‍රෝනියේ තෙල් බැරල් බිලියනයක්

    oil.jpg


    ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්‍යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්‍ය නීල් ද සිල්වා මහතාට අනුව මන්නරම් ද්‍රෝනියේ තෙල් බැරල් බිලියනයක් පමණ ඇතිබව ඇස්තමේන්තු කර ඇත. Cairn Lanka සමාගම විසින් මෙම වසරේ ජූලි මස තෙල් ගවේෂන කටයුතු ඇරඹීමට නියමිතයි. මෙම වසරේ ඇරඹෙන විදුම් කටයුතු සාර්ථක වුවහොත් වාණිජ තෙල් නිෂ්පාදනය වසර 2014 වන විටහ් ඇරඹිය හැකිබව ඒ මහතා ප්‍රකාශ කරයි.
     
    • Like
    Reactions: SLSUN

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොකුම දර්පනය සහිත දුරදක්නය සාදයි

    darpana.gif


    දුරදක්න හතරක් එක්කරමින් තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවි තලය මත ඇති විශාලම දර්පනය සහිත දුරදක්නය නිර්මාණය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

    චිලී හි ඇටකාමා කාන්තාරයේ පිහිටි VLT (Very Large Telescope) දුරදක්නයේ කොටස් 4ක් එක්කරමින් තැනූ මෙම දර්පනයේ විශ්කම්භය මීටර 130කි.
    වසර 2011 මාර්තු මස අසාර්ථක වූ මෙම කටයුත්ත පසුගිය 02දා සාර්ථක ලෙස සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    ඉන්ෆරෝමෙට්රි නම් කි‍්‍රයාවලියක් යටතේ සිදුවූ මෙම කටයුත්ත හේතුවෙන් මෙම දුරදක්නයේ පැහැදිලිභාවය හා දුරස්ථ රූප සමීප ලෙස නිරීක්‍ෂණය කිරීමේ හැකියාව (zooming) ඉතා තීව‍්‍ර වනු ඇතැයි විද්‍යාඥයන් කියයි.

    VLT දුරදක්නය යනු චිලී හි ඇටකාමා කාන්තාරයේ පිහිටි දුරදක්න වලින් එකක් වන අතර, එය, රටවල් 15ක අනුග‍්‍රහය යටතේ ජර්මනියේ මියුනිචි හි පවත්වාගෙන යන ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් වන European Southern Observatory විසින් ගොඩනගා ඇත.