Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගස් සිටුවීමෙන් ගිනස් ලෝක වාර්තාවක්

    trees.jpg


    එකම අවස්ථාව වැඩිම පැළෑටි සංඛ්‍යාවක් සිටුවමින් ගිනස් වාර්තාවක් පිහිටුවීම‍ට පිලිපීන වැසියන් පිරිසක් සමත්ව තිබේ. පිලිපීනයේ සිරුමා සහ ටිනම්බක් නම් ප්‍රදේශ වල වැසියන් පිරිසක් එක්ව එකම අවස්ථාවක පැළෑටි 64, 096 ක් සිටුවීමෙන් මෙම වාර්තාව පිහිටුවා ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අශ්ව කුර සපත්තු ජෝඩු

    kura.jpg


    තරමක විකට පෙනුමක් ගෙනදෙන අශ්වයින්ගේ කුර හැඩයෙන් යුක්තව නිර්මාණය කරන ලද අපූරු පාවහන් වර්ගයක් එංගලන්තයේ උත්සව අවස්ථාවක පැවති වෙළඳ ප්‍රදර්ශනයකදී අලෙවි වී තිබේ. අශ්වයින්ගේ සැබෑ ලෝම උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති අතර ඇතැම් පාවහන් කකුලේ වළලුකර දක්වාත්, ඇතැම් පාවහන් දණහිස දක්වාත් උස් ප්‍රමාණයෙන් යුතුව නිපදවා තිබේ. අශ්ව ධාවන තරගාවලියක 100 වන වසර සැමරීමේ අරමුණින් මෙම පාවහන් නිර්මාණය කර ඇති බව ද සඳහන්ය. මෙම පාවහන් යුවලකට පවුම් 1300 වටිනාකමක් එහි නිර්මාණකරුවන් විසින් තීරණය කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව මිල අධිකම බල්ලා -වටිනාකම ඩොලර් මිලියන 1 .5 ක්

    dog.jpg


    ලොව මේ දක්වා වාර්තා වූ ඉහළම අලෙවි වටිනාකම හිමිකරගැනීමට චීනයේ ජීවත් වූ සුනඛයෙකු සමත්ව තිබේ. නමින් “බිග් ස්පෑල්ෂ්” (චීන බසින් හොං ඩොං) වන මෙම සුනඛයා මෑතකදී චීනයේ කිවිංඩාඕ නම් නගරයේදී යුවාන් මිලියන 10(අමෙරිකානු ඩොලර් 1 .5) ක මිලකට අලෙවි වී ඇත. මාස 11 ක් වයසැති “බිග් ස්පෑල්ෂ්” අනාදිමත් කාලයක සිට පැවත එන “මැස්ටිෆ්” නම් සුනඛ කුලයකට අයත් බව ද සඳහන්ය. චීනයේ ධනපති ව්‍යාපාරිකයෙකු විසින් මෙම සුනඛයා මිලට ගෙන ඇති බව වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලන්ඩනයේ වීදි වල නොපෙනෙන අමුත්තෝ

    smallitems.jpg


    ලන්ඩන් නගරයේ ජීවත්වන ජනතාවට මේ දිනවල නගරයේ ගමන් කරන විට බොහෝ විමසිලිමත්ව ගමන් කිරීමට සිදුවී ඇති බව වාර්තා වෙයි. ස්කින්කචු නම් කලාකරුවකු විසින් ලන්ඩන් නරගයේ වීදි, ගොඩනැගිලි, මහා මාර්ග වැනි විවිධ ස්ථාන වල 1:87 පරිමාණයෙන් යුක්තව නිර්මාණය කරන ලද විවිධ කලා නිර්මාණ නිසාය. සැබෑ ජීවිතයේ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් ඔහු විසින් මෙසේ සියුම් නිර්මාණ බවට පත්කරනු ලැබ තිබේ. නගරයේ පදිංචිකරුවන් මවිතයට පත්කිරීම සහ ඔවුන්ට සිය වටපිටාව පිළිබඳව විමසිල්ලෙන් සිටීමේ වැදගත්කම පෙන්වාදීමේ අරමුණින් මෙවැනි නිර්මාණ කාර්යයකට අතතැබූ බව ස්කින්කචු සඳහන් කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ජස්ටින් බීබර්ගෙ කෙස් රොදට ගිය කලක්

    jb.jpg


    ජස්ටින් බීබර් ට ආදරය කරන ලාංකික රසික රසිකාවියන්ට මේ කියන්න යන පුවෘත්තිය ගොඩක් වැදගත් වෙයි.ඵ් තමා ජස්ටින් බීබර්ගෙ කෙස් රොදක් පසුගියදා ebay ඔස්සේ වෙන්දේසි වුනා.පැයක් ගතවන විට $10000 ක් වෙච්ච කෙස් රොද අවසානයේ $ 40688 කට විකිණී ගියා.ඵ් කියන්නෙ ලංකාවෙ මුදලින් නම් රැ ලක්ෂ 50 කට ආසන්න මුදලකට තමා විකිණී ගොස් තිබෙන්නේ.ඵමෙන්ම ඵකී මුදල් ඔහු අවසානයේ the gentle barn කියන අවදානම්වලට ගොදුරැ වුන දරැවන්ට සහන සලසන හා ගොවිපලවල් වලට ආධාර කරන ආයතනයකට දීලා.ඉතින් ඔය ගොල්ලන්ට හිතාගන්න පුළුවන් නෙ බීබර්ට ලෝකය පුරා තියෙන ජනප්රියත්වය කොහොමද කියලා.තවමත් 20 හැවිරිදි මේ හැඩකාර යෙෘවනයා හොලිවුඩය තුළ මේ වන විට පුවත් මවන්නෙකු බවට ද පත් වී තිබෙනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මලින් සැදුනු වැලන්ටයින් ගවුම

    valentinedres.gif


    මල් යනු පෙබරවාරි මාසයේ උදාවන ආදරවන්තයින්ගේ දිනය හා ඉතා සමීප වන්නකි. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්ම නිමවන ලද මෙම ගවුම ද සාදා ඇත්තේ මල් වලිනි.

    මල් 1,725ක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ගවුම, බි‍්‍රතාන්‍යයේ ඇස්ඩා සුපිරි වෙළඳසැල් ජාලය හා නිර්මාණකරු මසී ගේ හවුලක ප‍්‍රථිපලයකි.
    විවිධාකාරයේ රෝස, ජර්බෙරා, කානේෂන් හා කි‍්‍රසැන්තිමම් වැනි මල් වර්ග වලින් සැදුනු මෙම ගවුම සෑදීම සඳහා පැය 170ක් ගතවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
    මෙහි බර රාත්තල් 28ක් පමණ වන අතර, මීටම ගැලපෙන පාවහන් යුගයක්ද රෝස පෙති වලින් නිර්මාණය කර ඇත.
    මේ වසරේ පැවති පැරීසියේ මෝස්තර නිරූපණ සතියේ එළිදැක්වුනු ගවුම් මෝස්තරයක් ඇසුරෙන් මෙම නිර්මාණය සකසා තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කටින් ඇන්ද චිත්‍ර

    art.jpg


    එංගලන්තයේ කලාකරුවන් පිරිසක් විසින් මෑතක දී අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබිණි.
    එම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ මෙම කලාකරුවන් විසින් එම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ සියලුම චිත්‍ර නිර්මාණ මුඛයෙහි ආධාරයෙන් සිතුවම් කර තිබීමය.
    එම චිත්‍ර සිතුවම් කිරීම සඳහා භාවිත කළ සියලුම පින්සල් දෑතේ ආධාරයෙන් නොව මුඛය,දිව හා පා ඇඟිලි ආධාරයෙන් හසුරුවා ඇත.
    එංගලන්තයේ ආබාධිත කලාකරුවන්ගේ සංගමය මගින් මෙම ප්‍රදර්ශනය පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබිණි.
    මෙම කලාකරුවන් විසින් සිය නිර්මාණ එංගලන්තයේ ටවර් බ්‍රිජ් හි ප්‍රදර්ශනය සඳහා තබා තිබූ නරඹන්නන් වෙනුවෙන් එම අවස්ථාවේ දීම ද සිතුවම් නිර්මාණය කිරීම තවත් විශේෂත්වයක් විය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ස්ත්‍රීන් වෙනුවෙන් පුරුෂයින් අඩි උස සපත්තු පළඳියි

    adiusa.jpg


    කාන්තාවන්ට සිදුවන ලිංගික අතරවරයන්ට එරෙහිවීමත්, ඒ පිළිබඳව ජනතා අවධානය යොමුකිරීමේ අරමුණත් වෙනුවෙන් ඇලෙස්කාවේ මිනිසුන් පිරිසක් එක්ව අපූරු විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබේ. එහිදී ඔවුන් කාන්තාවන් පළඳින අඩි උස සපත්තු පැළඳ සැතපුම් කිහිපයක් ඇවිදීම මගින් මෙම පණිවිඩය ජනතාව වෙත ලබාදීමට උත්සාහ කර තිබේ. Walk a Mile in her Shoes ලෙස නම් කර ඇති මෙම ව්‍යාපාරය වාර්ෂිකව පැවැත්වෙන බවද මේ වසරේ එය හතරවනවරට පැවැත්වී ඇති බවද සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මාර්කෝනි වර්ගයේ පැරණි රූපවාහිනියක් පවුම් 17, 000 ට අලෙවි වෙයි

    marconi.jpg


    තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ඉතා පැරණි අඟල් 12 කළු සුදු රූපවාහිනියක් බ්‍රිතාන්‍යයේ පැවති වෙන්දේසියකදී ස්ටර්ලිං පවුම් 17, 000 ක මුදලකට අලෙවි වී තිබේ. මෙය 1936 දී නිර්මාණය කරන ලද මාර්කෝනි වර්ගයේ රූපවාහිනියක් වන අතර එය පළමුව මිලදීගෙන ඇත්තේ පවුම් 100 ක මිලකටය. වෙන්දේසිකරුවන් එම රූපවාහිනිය අලෙවි කිරීමට අපේක්ෂා කර ඇත්තේ පවුම් 5000 ක් වැනි මුදලකටය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බාසිලෝනාවට සමුදීමට බැලූන් සහ සංදර්ශන ප්‍රවේශපත් තිළිණයක්

    basi.jpg


    බාසිලෝනා නගරයෙහි වසර 3 ට ආසන්න කාලයක් වාසය කළ බ්‍රසීල ජාතිකයකු තමන් මහත් සේ ආදරය කළ මෙම නගරයෙන් සමුගැනීමට තීරණය කිරීමේදී නගරයට අපූරු ත්‍යාගයක් ලබාදීමට තීරණය කර තිබේ. මෙම තිළිණය ලෙස ලූකස් ජටෝබා නැමති මෙම 29 හැවිරිදි නාට්‍ය සංදර්ශනයක් සඳහා නොමිලේ ප්‍රවේශපත් රැසක්ද සමගින් බැලූන 250 ක් අහසට මුදාහැර තිබේ. මෙම ප්‍රවේශපත් සමග බාසිලෝනාවේ සංචාරක ස්ථාන පිළිබඳව සඳහන් කරන ලද කිසියම් සටහනක් ඇලවීමට ද ඔහු අමතක කර නොමැති බව සඳහන්ය.

    තමන් මෙම සුන්දර ස්පාඤ්ඤ නගරයෙහි සංචාරය කිරීමෙන් ලද ආශ්වාදය මෙම බැලූන සහ ප්‍රවේශපත් හමුවන පුද්ගලයින් විසින් ද ලබාගැනීම තම අරමුණ බව ලූකස් පවසයි. එමෙන්ම වසර 03 ක් බාසිලෝනාවෙහි ගතකළ කාලය සිය ජීවිතයේ ඉතාමත් සුන්දර අවධියක් බවත් එමනිසා කෘතගුණ සැලකීමක් ලෙස මෙම නගරයට මෙසේ සමුදීමට තමන්ට අවශ්‍ය වූ බවත් ඔහු සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බ්‍රිතාන්‍ය තැබෑරුමක දෛනික ගනුදෙනුකරුවෙක් වූ අශ්වයෙක්‍

    hourse.jpg


    බ්‍රිතාන්‍යයේ ස්ටැෆෝර්ඩ්ෂයර්හි පිහිටි තැබෑරුමකට දිනපතා පැමිණෙන අපූරු ගනුදෙනුකරුවෙකු පිළිබඳව මෙම පුවත වාර්තා වේ. වසර 09 ක් වයසැති අශ්වයකු වන මෙම ගනුදෙනුකරුට ඕනෑම අවස්ථාවක අදාළ තැබෑරුමට පැමිණීමත්, එහි සැරිසැරීමටත් අවසර ලැබී ඇති බව සඳහන්ය. බැසිල් නම් මෙම අශ්වයාගේ හිමිකරු ද වසර 10 ක පමණ කාලයක සිට මෙම තැබෑරුමට පැමිණෙන බව වාර්තා වේ.

    ඒ සමග පැමිණි බැසිල්ට නිතරම බීම වීදුරුවකින් සංග්‍රහ කිරීමට තැබෑරුමේ සේවකයින් ඉදිරිපත්ව ඇත. නමුත් දැනට වසර කිහිපයක සිට බැසිල්ගේ ආගමනය ඔවුන්ට තරමක බාධාවක් වී ඇති අතර එම නිසා බැසිල් තැබෑරුමෙන් පිටතින් තැබීමට එම සේවකයින් උත්සාහ දරන බව සඳහන්ය. ඒ වෙනුවෙන් බැසිල්ගේ දෛනික බීමට අමතරව ආහාරයට යමක් ද ලබාදීමට ඔවුන් කටයුතු කරන බව වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බ්‍රිතාන්‍ය තැබෑරුමක දෛනික ගනුදෙනුකරුවෙක් වූ අශ්වයෙක්‍

    hourse.jpg


    බ්‍රිතාන්‍යයේ ස්ටැෆෝර්ඩ්ෂයර්හි පිහිටි තැබෑරුමකට දිනපතා පැමිණෙන අපූරු ගනුදෙනුකරුවෙකු පිළිබඳව මෙම පුවත වාර්තා වේ. වසර 09 ක් වයසැති අශ්වයකු වන මෙම ගනුදෙනුකරුට ඕනෑම අවස්ථාවක අදාළ තැබෑරුමට පැමිණීමත්, එහි සැරිසැරීමටත් අවසර ලැබී ඇති බව සඳහන්ය. බැසිල් නම් මෙම අශ්වයාගේ හිමිකරු ද වසර 10 ක පමණ කාලයක සිට මෙම තැබෑරුමට පැමිණෙන බව වාර්තා වේ.

    ඒ සමග පැමිණි බැසිල්ට නිතරම බීම වීදුරුවකින් සංග්‍රහ කිරීමට තැබෑරුමේ සේවකයින් ඉදිරිපත්ව ඇත. නමුත් දැනට වසර කිහිපයක සිට බැසිල්ගේ ආගමනය ඔවුන්ට තරමක බාධාවක් වී ඇති අතර එම නිසා බැසිල් තැබෑරුමෙන් පිටතින් තැබීමට එම සේවකයින් උත්සාහ දරන බව සඳහන්ය. ඒ වෙනුවෙන් බැසිල්ගේ දෛනික බීමට අමතරව ආහාරයට යමක් ද ලබාදීමට ඔවුන් කටයුතු කරන බව වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නව ග්‍රහ මණ්ඩලයක් කෙප්ලර් විසින් සොයාගනී

    kep.jpg


    නාසා ආයතනය මගින් කක්ෂගත කර ඇති කෙප්ලර් නම් අභ්‍යවකාශ දුරදක්නය විසින් පසුගියදා විශාලත්වයෙන් පෘථිවියට ආසන්න ග්‍රහයින් පස් දෙනෙකුගෙන් සමන්විත සුවිශේෂී නව සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගනු ලැබුවා. මෙම ග්‍රහ පද්ධතිය කේන්ද්‍රගත වී ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 2000ක් පමණ දුරින් පිහිටි කෙප්ලර්-11 ලෙස දැනට නම්කර තිබෙන සූර්යා බදු තාරකාවක් වටා වන අතර මෙම ග්‍රහයින් නිර්මාණය වී ඇත්තේ ගල් සහ බොරලු මිශ්‍ර අමුද්‍රව්‍යයකින් වීම මෙන්ම ජලය පැවතීමේ සම්භාවිතාවක් තිබීම මෙම ග්‍රයින්ගේ විශේෂත්වයක්. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලය හැරුණුකොට මෙතෙක් සොයාගෙන ඇති එකම ගල් සහ බොරළු වලින් නිමැවුනු ග්‍රහ පද්ධතියයි

    මෙම ග්‍රහ පද්ධතියේ සියළු ග්‍රහයින් ප්‍රමාණයෙන් පෘථිවියට වඩා විශාල වන අතර විශාලම ග්‍රහයා ප්‍රමාණයෙන් නෙප්චූන් සහ යුරේනස් ට සමාන වෙනවා. වඩාත්ම ඇතුලතින් කක්ෂගතවී ඇති කෙප්ලර්-11b නම් ග්‍රහලෝකය පෘථිවියත් සූර්යාත් අතර ඇති දුර මෙන් 1/10 කටත් වඩා අදු දුරකින් කක්ෂගතවී තිබෙනවා. මෙම පද්ධතියේ අනෙකුත් ග්‍රහයින් නම් කර ඇත්තේ කෙප්ලර් 11c, 11d, 11e, 11f සහ 11g වශයෙන්.

    අපගේ සෞරග්‍රහ මණ්ඩලයට සමාන කිරීමේදී වඩාත්ම පිටතින් පිහිටා ඇති කෙප්ලර්-11g ග්‍රහයා සූර්යාගේ සිට බුධ සහ සිකුරු යන ග්‍රහයින්ට අතරමැද වන තරම් දුරකින් කක්ෂගතවී තිබෙන අතර අනෙකුත් සියලු ග්‍රහයින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට වඩා සූර්යාට ආසන්නයෙන් කක්ෂගතවී තිබෙනවා.

    කෙප්ලර් අභ්‍යවකාශ දුරදක්නය මගින් තවදුරටත් නාසා විද්‍යාඥයින් වෙත මෙම නව ග්‍රහ පද්ධතිය පිලිබද දත්ත සහ තොරතුරු ලබාදෙන අතර වැඩිදුර පර්යේෂණ සිදු කෙරෙමින් පවතින්නවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගුවන්යානයක් ගොඩබැස්සවූ බීමත්කම

    airp.jpg


    මත්පැන් පානය කර ගුවන් යානයේ අනෙකුත් ගුවන් මගීන්ට හිරිහැර වන අයුරින් හැසිරුණු යැයි පැවසෙන විදේශිකයන් 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

    ඉන්දුනීසියාවේ සිට අබුඩාබි කරා පියාසර කරමින් සිටි ගුවන් යානයේ ගමන් කළ මෙම බීමත් විදේශිකයන් පිරිස එහි ගමන් කළ අනෙකුත් ගුවන් මගීන්ට හා සේවක මණ්ඩලයට හිරිහැර වන අයුරින් හැසිරුණු බැවින් ගුවන් යානය හදීසියේ කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළට ඊයේ ගොඩ බස්වා ඇති බවත් එම සැකකරුවන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අංශය පවසයි. එම අත් අඩංගුවට ගත් පිරිසට අදාල නීතිමය කටයුතු ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මිල අධිතම විලියම් හා කේට් උපත් පාලන කොපුව...

    cndm.jpg


    කේට් මිඞ්ල්ටන් දෙන්නාගේ ජායාරෑපයක් අන්තර්ගත කරන ලද උපත් පාලන කොපුවක් වෙළෙඳ පොලට නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.මෙම උපත් පාලන කොපුව ‘ක‍්‍රවුන් ජුවෙල්ස්’ ලෙස නම්කර ඇති අතර එය කොන්ඩම් අතර විශිෂ්ටයා ලෙස ද හඳුන්වා තිබේ.
    මේ පිළිබද අදාල සමාගමේ ප‍්‍රකාශයෙක් වන හියු කොම්ෆර්ට් නැමැත්තා මෙම උපත් පාලන කොපුව රාජකීය මංගල්‍යට මතක හිටින මැජික් වැඩක් ලෙස පැවසීය.කෙසේවුවද මෙම උපත් පාලන කොපු පැකට්ටුවක් පවුම් 5ක් වන බව පැවසේ.
    එය එංගලන්තයේ සාමාන්‍ය උපත් පාලන කොපු පැකට්ටුවක මිල මෙන් තෙගුණයක් බව වාර්තා වේ.
    මෙම උපත් පාලන කොපු පිළිබඳ වෙළෙඳ දැන්වීම් එංගලන්ත වෙබ් අඩවි වල වැඩි ඉඩක් වෙන්කරගෙන ඇති බවද පැවසේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    උන්ට පුළුවන්නම් ඇයි අපිට බැරි??

    tgr.jpg


    පුංචි අහිංසක මුව පැටියෙක් සමඟ සෙල්ලම් කරන දරුණු කොටි රංචුවක්..ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලත් මට හිතුණ තිරිසන් සතුන්ට මිනිස් ගුණ පහල වෙලා මිනිසුන්ට තිරිසන් ගති පහළ වෙනව වත්ද කියල මේක බලපු ඕනම කෙනෙක්ට හිතෙනව. සතුරන්ට මිතුරුව ඉන්න තිරිසන් වෙච්ච උන්ට පුළුවන් නම් සතුරන් එක්ක මිතුරු වෙන්න මිනිස්සු වෙච්ච අපිට ඇයි බැරි? බලන්නකෝ ඒ පිංතූර ටික….

    tgr1.jpg

    tgr2.jpg

    tgr3.jpg
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පුංචි තැඹිලි පැලේත් ගෙඩි හැදිලා....!!!

    pol.jpg


    නොබෝදා අපූරු පුවතක් වාර්ථා විය, ඉතා කුඩා තැඹිලි පැලයක ගෙඩි හට ගැනීමක් පිළීබඳයි මෙම සිදුවීම සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඩාගම් 01 විජිත මහතාගේ ගෙවත්තේ පැලකර තිබූ තැඹිලි පැලයකය පහතින් දිස්වෙන්නේ එහි ඡායා රූපයකි.